පසුගිය සතියේ දී ලන්ඩන් නුවර ඉක්වදෝර් තානාපති කාර්යාලයේ සිටින විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට එම රජයෙන් දේශපාලන රැකවරණය ලබා දීමට තීරණය කිරීමෙන් මහා බි‍්‍රතාන්‍යය හා ඉක්වදෝරය අතර හටගත් රාජ්‍යතාන්ත‍්‍රික අර්බුදය විකිලීක්ස් පත‍්‍රිකා හෙළිදරව් කිරීම තරම්ම වැදගත්ය. විකිලීක්ස් නමින් හැඳින්වෙන එම පත‍්‍රිකාවලින් පසුගිය දශකයකට අධික කාලයක් තිස්සේ ලොව විවිධ ප‍්‍රදේශවල ඇති එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවන ලද රහස්‍ය ලිපි හෙළිදරව් කිරීම එක්සත් ජනපදය, ඉරාකය හා ඇෆ්ගනිස්ථානය වැනි රටවල කරන රහසිගත මෙන්ම විවෘත මෙහෙයුම්වල නොපෙනෙන පැත්තක් විවෘත සංවාදයට ලක් කිරීමකි. මෙම පත‍්‍රිකාවලින් හෙළිදරව් කරන ලද සමහර තොරතුරු පැහැදිලිවම යුද අපරාධ ගණයේ ලා සැලකිය හැකි ඒවා වීම එක්සත් ජනපදයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ මානුෂිකවාදී කඩතුරාව නිර්දය ලෙස ඉවත් කිරීමකි. එම නිසා මෙම රහස් තොරතුරු ඇතුළත් කළ විකිලීක්ස් වෙබ් අඩවියට විවිධ බාධා එල්ල වූ අතර එම සංවිධානයට විවිධ පුද්ගලයින්ගෙන් හා සංවිධානවලින් ලැබුණු ආධාර මුදල් නතර කිරීමට නොයෙකුත් ක‍්‍රියාමාර්ග ගැනිණ. එහෙත් විකිලීක්ස් නිර්මාතෘ ඔස්ටේ‍්‍රලියානු ජාතික ජුලියන් අසාන්ජ් නීතියෙන් දඩයම් කරන පුද්ගලයෙකු බවට පත් වූයේ ඒ කිසිත් නිසා නොවේ. විකිලීක්ස් පිළිබඳව දේශනයක් පැවැත්වීමට ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයට ගිය අසාන්ජ් එහිදි ලිංගික අපචාරයක යෙදීම නිසා අත්අඩංගුවට ගැනීමට ස්වීඩන් රජයට අවශ්‍ය විය. මෙම චෝදනා ප‍්‍රථමයෙන්ම ඉදිරිපත් වූ විට ස්වීඩනයේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැවති පරීක්‍ෂණයකදී අසාන්ජ් ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබා දීමෙන් පසුව නඩුවක් පවත්වාගෙන යෑමට තරම් සාක්‍ෂි නොමැති වීම නිසා රටින් පිටව ලන්ඩනයට පැමිණියේය. ඉන් පසුව නැවතත් එම සිද්ධිය ගැන ස්වීඩනයේ නීතිපති දෙපාර්තමේන්තුව ලිංගික අපචාරයක් මත පරීක්‍ෂණ පැවැත්වීමට අසාන්ජ් නැවත ස්වීඩනයට ගෙන්වා ගැනීමට බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලීමක් කෙරිණ. ස්වීඩනයට ආපසු ගියහොත් එක්සත් ජනපදයේ ඉල්ලීමක් ලද වහාම ඔහු ස්වීඩනයෙන් භාර දෙනු ඇතැයි තිබූ බිය නිසා අසාන්ජ් නැවත ස්වීඩනයට යෑම ප‍්‍රතික්ෂේප කෙළේය. මේ ගැන පැවති දිර්ඝ නඩු විභාගයකින් පසුව ඔහු ස්වීඩනයට භාර දිය යුතුයැයි බි‍්‍රතාන්‍ය අධිකරණය තීන්දු කිරීමත් සමග අසාන්ජ් දේශපාලන රැකවරණය පතා ලන්ඩන් නගරයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයට ඇතුළු වූයේය. ඔහුට දේශපාලන රැකවරණය දෙන්නේද යන්න තීරණය කිරීමට ඉක්වදෝර් රජය මාස දෙකකට අධික කාලයක් ගත්තේය. එම තීරණය තවත් අර්බුදයක ආරම්භයකි. ඇත්තෙන්ම ඉක්වදෝර් රජය එම තීරණය ගැනීමට පෙර තම තානාපති මගින් එම රජයට ලිපියක් භාරදුන් බි‍්‍රතාන්‍යය සතියක් ඇතුළත අසාන්ජ් ලන්ඩන් තානාපති කාර්යාලයෙන් පිටමං නොකරන්නේ නම් ඉක්වදෝර් තානාපති කාර්යාලයට ලබාදී ඇති රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා අහෝසි කොට එම ගොඩනැගිල්ලට කඩා වදින බවට තර්ජනය කෙරිණ. ඒ සඳහා බි‍්‍රතාන්‍ය රජය යොදා ගැනීමට අපේක්‍ෂා කළේ 1987 දී සම්මතකර ගත් තානාපති හා කොන්සියුලර් පනතයි. ඊට පිළිතුරු දුන් ඉක්වදෝර් විදේශ ඇමති රිකාර්ඩෝ පටිනො තමන් බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක් නොවන බවත් රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා පිළිබඳ 1961 වියනා සම්මුතිය අනුව ක‍්‍රියා කරන ලෙසත් දන්වා සිටියේය. ඊට බි‍්‍රතාන්‍ය කොන්සර්වෙටිව් රජයේ විදේශ ලේකම් විලියම් හේග් ගේ පිළිතුර වූයේ අප කිසිම ආකාරයකින් අසාන්ජ්ට බි‍්‍රතාන්‍යයෙන් පිටවීමට ඉඩ නොදෙන බවත් තමන් රැකවරණය ලබා දීමේ මූලධර්මය පිළිනොගන්නා බවත් පැවසීමෙනි. ඇමරිකානු රාජ්‍ය සංවිධානයේ  (OAS) හදිසි රැස්වීමකදී කරුණු දැක් වූ එක්සත් ජනපදයද රාජ්‍යතාන්ත‍්‍රික රැුකවරණය අන්තර් ජාතික නීතියේ කොටසක් ලෙස තමන් පිළිනොගන්නා බව අවධාරණය කළේය. එක්සත් ජනපදය ඇමරිකානු රාජ්‍ය සංවිධානය සකස් කළ තානාපති රැකවරණය පිළිබඳ සම්මුතියටද (1954) අත්සන් කර නැත. ඒ අනුව මෙම අර්බුදයේදී එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය එකම තලයක සිටින බව පැහැදිලිය. ලෝකයේ බොහෝ රටවල විශේෂයෙන්ම තුන්වැනි ලෝකයේ රටවල සිදුවන මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් යටපත් කිරීම ගැන නිතර කතා කරන එම රටවල නායකයින් යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට ගෙන යෑමට උත්සාහ කරන ප‍්‍රබල රටවල් දෙකක් වන එක්සත් ජනපදය හා මහා බි‍්‍රතාන්‍ය මෙම සිද්ධියේදී තම නිරුවත ප‍්‍රදර්ශනය කරන බව පැහැදිලිය. පළමුවෙන්ම දේශපාලන රැකවරණය ලබා දීම ප‍්‍රතිපත්තියක් ලෙස පිළිනොගන්නා බව පවසන මේ රටවල් තමන් අකමැති හෝ ප‍්‍රතිවාදින් ලෙස සලකන රාජ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ හාත්පසින්ම වෙනස් ප‍්‍රතිපත්තියකි. පසුගිය මැයි මාසයේදී චීන රජයෙන් නිවාස අඩස්සියට පත් කර තිබූ පුද්ගලයෙකු ඉන් මිදී බීජිං නගරයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රැකවරණය ලබා ගත්තේය. ඉන්පසුව ඔහුට දේශපාලන රැකවරණයද හිමිවිය. එහෙත් ජුලියන් අසාන්ජ් සම්බන්ධයෙන් එසේ ක‍්‍රියා කිරීමට මහා බි‍්‍රතාන්‍යය හෝ එක්සත් ජනපදය සූදානම් නැත. මීට එක හේතුවක් ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ ජුලියන් අසාන්ජ් දේශපාලන රැකවරණය ලැබීමට සුදුස්සෙකු නොවන්නේය යන්නයි. ඔහු ස්වීඩනයට අවශ්‍ය කරන්නේ ලිංගික අපචාරයක් සම්බන්ධයෙනි. එහෙත් පැහැදිලිවම දක්නට ඇති ආකාරයට මෙම ලිංගික අපචාර චෝදනා සැබෑ අවශ්‍යතාව ආවරණය කිරීමට ඇති කඩතුරාවකි. බොහෝ නිරීක්‍ෂකයින් පෙන්වා දෙන ආකාරයට වරක් ප‍්‍රශ්න කොට නඩුවක් ගෙන යෑමට තරම් ප‍්‍රමාණවත් සාක්‍ෂි නොමැති නිසා අසාන්ජ්ට ස්වීඩනයෙන් පිට වීමට බාධාවක් තිබුණේ නැත. මෙම චෝදනා නැවත විභාගයට ගැනුනේ ඔහු ලන්ඩනයට පැමිණි පසුය. එවිට ස්වීඩනයෙන් එක්සත් ජනපදයට භාර දෙනු ඇතැයි තිබූ බිය නිසා අසාන්ජ් ස්වීඩනයට යෑම ප‍්‍රතික්ෂේප කොට ලන්ඩනයේ පැවැත්වෙන පරීක්‍ෂණයකට ඉදිරිපත් වීමට සූදානම් යැයි කීවේය. ස්වීඩනය ඊට එකඟ වන්නේ නැත. අනෙක් වැදගත් කාරණය වන්නේ ස්වීඩනයේ අධිකරණයේ මෙතෙක් අසාන්ජ්ගේ ලිංගික අපචාර ගැන කිසිම නඩුවක් ගොනුකර නොමැති වීමයි. මෙවැනි තත්ත්වයක් යටතේ උදර්පන නියෝගයක් නිකුත් කළ හැකිද යන්න නීතිවේදීන් නගන ප‍්‍රශ්නයකි. ඉක්වදෝර් රජය අසාන්ජ්ගේ රැකවරණ ඉල්ලූම් පත‍්‍රය විමර්ශනය කිරීමේදී ස්වීඩනය හා එක්සත් ජනපදය සමග ද සාකච්ඡා කොට ඇත. ඉන් එක් කාරණයක් වන්නේ ස්වීඩනයට යන අසාන්ජ් එක්සත් ජනපදයට භාර නොදෙන්නේය යන එකඟතාවක් ලබාගැනීමය. ජුලියන් අසාන්ජ් බි‍්‍රතාන්‍යයෙන් ස්වීඩනයට යවන නිසා බි‍්‍රතාන්‍යයේ අනුදැනුමකින් තොරව ඔහු එක්සත් ජනපදයට උදර්පනය කළ නොහැකි වුවත් බි‍්‍රතාන්‍යය එම ස්ථාවරය ගැනීමට සූදානම් බවක් පවසන්නේ නැත. ස්වීඩනයද අසාන්ජ් එක්සත් ජනපදයට භාර නොදෙන බවට සහතිකයක් ලබාදීමටද සූදානම් නැත. එමෙන්ම එක්සත් ජනපදයට ගෙන එන අසාන්ජ්ට වදහිංසා නොකොට ප‍්‍රසිද්ධ නඩු විභාගයක් පවත්වන්නේ යන සහතිකය දීමට ද එක්සත් ජනපදය සූදානම් නැත. ඉක්වදෝර් රජය අසාන්ජ්ට දේශපාලන රැකවරණය ලබා දීමට තීරණය කළේ මෙවැනි වාතාවරණයක් යටතේය. විකිලීක්ස් වෙත රහස් තොරතුරු ලබා දුන්නේයැයි සැකපිට අත්අඩංගුවට ගෙන ඇති හමුදා සෙබලෙකු වන බ‍්‍රැඞ්ලි මැනින්ට කුරිරු හා අමානුෂික වදහිංසා පමුණුවා ඇති බව එක්සත් ජාතීන් විසින් කරන ලද විමර්ශනයකින්ද හෙළිවිය. අනෙක් අතට දැනට දින 800 කට අධික කාලයක් හුදකලාව සිර ගත කොට ඇති සැනින්ම මෙතෙක් අභිචෝදනා ඉදිරිපත් නොකිරීමද විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුය. කෙසේ වුවත් මෙම සිද්ධියෙන් නැවතත් තහවුරු වන්නේ සුපිරි බලවත් රාජ්‍යවලට ජාත්‍යන්තර නීතිය හෝ මානුෂිකවාදි නීති නොසලකා කටයුතු කිරීමේ මුක්තියක් පැවතීමය. වියනා සම්මුති අනුව තානාපති කාර්යාලයකට එම රටේ ස්වෛරීත්වය බල පවත්වන ප‍්‍රදේශයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් පවතින නමුත් බි‍්‍රතාන්‍ය රාජ්‍ය ලේකම් හේග්ට ඒ නොතකා කි‍්‍රයාකළ හැක. මීට පෙර එවැනි තත්ත්වයක් වාර්තා වූයේ 1979 ටෙහෙරාන් හි එක්සත් ජනපද කාර්යාලයට කඩා වැදීමයි. එය ලොව හැම දෙනාම පිළිකුලෙන් හෙළා දුටු සිද්ධියකි. එමෙන්ම එක්සත් ජනපදය හා මහා බි‍්‍රතාන්‍යය යන රටවල් දෙකම තානාපති කාර්යාලයක රැකවරණය පැතීම ජාත්‍යන්තර නීතියෙන් ආවරණය නොවන බව පැවසීමද වැදගත්ය. පසුගිය මාසයේ බිජිං සිද්ධියෙන් හෙළි වූ ආකාරයට එක්සත් ජනපදයට අවශ්‍ය විටෙක ජාත්‍යන්තර නීතියෙන් හිමි වන මෙවැනි වරප‍්‍රසාද භුක්ති විඳීමට පසුබට වන්නේ නැත. ගැටලූව වන්නේ ඉක්වදෝරය වැනි කුඩා දුප්පත් රාජ්‍යයක් එම වරප‍්‍රසාද යටතේ සුපිරි බලවතෙකුගේ උදහසට ලක් වූ පුද්ගලයෙකුට දේශපාලන රැකවරණය ලබා දීමට තීරණය කරන්නේ නම් ය. ඇත්තෙන්ම විකිලීක්ස් මගින් හෙළිකළ තොරතුරුවලින් සුපිරි රාජ්‍ය තමන් දේශනා කරන මානව අයිතිවාසිකම් හා මානුෂිකවාදි නීති කඩකරන ආකාරය හෙළිදරව් වන නිසා ජුලියන් අසාන්ජ් සැබැවින්ම දේශපාලන අභියෝගයක් ඉදිරිපත් කරයි. ඒවා රහස් තොරතුරු වන්නේ සත්‍යය ලොව සියලූ ජනතාවගෙන් වසන් කිරීමට ගන්නා උත්සාහය නිසා ය. ඒ අනුව ජුලියන් අසාන්ජ් මර්දනය කිරීමටත් නිහඬ කිරීමටත් ගන්නා උත්සාහය සත්‍යය යටපත් කිරීමේ ප‍්‍රයත්නයකි.
සටහන:-  මහින්ද හත්තක
ඉක්වදෝරයේ තානාපතිනිය ඇනා ඇල්බන් ඉක්වදෝර් තානාපති කාර්යාල බැල්කනියේ සිට අසාන්ජ් මාධ්‍ය ඇමතූ අවස්ථාව අසාන්ජ්ගේ මව කි‍්‍රස්ටීන් අසාන්ජ්ගේ නීතිඥයා ඉක්වදෝරයේ ජනාධිපති කෝරේයා ඉක්වදෝරයේ පැවති අසාන්ජ්ට පක්ෂපාතී රැලියක් අසාන්ජ්ට සහයෝගය දැක්වූ පුද්ගලයකු ලන්ඩනයේදී පොලිස් අත්අඩංගුවට පත්වී...