IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලොව වයස්ගතම මිත්තණිය කලූරිය කරයි

ගිනස්වාර්තා කමිටුව විසින් මීට සති දෙකකට පෙර ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නම් කරන ලද 115 වියැති ඞීනා මැන්ෆ්‍රෙඩිනි නමැති මිත්තණිය ඊයේ(18) සිය දිවියෙන් සමුගත්තාය. ඉතාලියේදී උපත ලද මැන්ෆ්‍රෙඩිනි මිය ගියේ ඇමෙරිකාවේ අයෝවා ප‍්‍රාන්තයේ විශ‍්‍රාම මධ්‍යස්ථානයකදීය. ඇය ලොව වයස්ගතම පුද්ගලයා ලෙස මීට දින 13කට ඉහතදී නම් කරනු ලැබිණි. ඒ, අවුරුදු 116ක් වයසැති ඇමෙරිකානු ජාතික බෙසී කූපර් මෙලොවින් සමුගැනීමත් සමඟය. ඈ උපන්නේ 1897 අප්‍රෙල් 4 වැනිදාය. ඞීනාගේ අභාවයෙන් අනතුරුව දැන් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා පොත් අතරට එක්ව ඇත්තේ අවුරුදු 115 වයසැති ජපාන ජාතික ජිරෝමොන් කිමුරාය. කෙසේ වූවත් අඩුම දින ගණනක් එම වාර්තාවට හිමිකම් කියූ පුද්ගලයා ලෙස ඇය ඉතිහාසගත නොවේ.ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නම් කර දින හතරකට පසුව මියගිය ඇමෙරිකානු ජාතික එමා ටිල්මාන් අඩුම දින ගණනක් එම වාර්තාවට හිමිකම් කියූ පුද්ගලයා ලෙස වාර්තා වේ.



අදහස් (0)

ලොව වයස්ගතම මිත්තණිය කලූරිය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 41 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site