චිත්‍රපට හා රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනයේ දී පසුතල නිර්මාණයට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයකි. ටයිටැනික් නැවට සිදුවූ විනාශය පාදක කැර ගනිමින් නිපදවන ලද ටයිටැනික් චිත්‍රපටයේ නැව ගිලෙන දර්ශන සහිත සියළු පසුතල නිර්මාණය කරන ලද්දේ පිහිනුම් තටාකයකය. විශේෂයෙන්ම විද්‍යා ප්‍රබන්ධ පාධක කැර ගනිමින් නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා ද එවැනි පසුතල නිර්මාණය කරයි. ඇතැම් පිරිස් කියා සිටින්නේ ඇමෙරිකාව හඳට මිනිසකු ගොඩබැස්සවූ බව පවසමින් එවැනි කෘථිම පසුතලයක රූගත කරන ලද දර්ශන ලෝකයට පෙන්වූ බවයි. මිනිසාට ළඟා වීමට අපහසු ස්ථාන සහ ස්වභාවිකව ලබාගත නොහැකි දර්හන මෙලෙස කෘථිම පසුතල නිර්මාණය කරගනිමින් පටිගත කරනු ලැබේ. එවැනි පසුතල නිර්මාණය කිරීමේ විශේෂඥ පසුතල නිර්මාණ ශිල්පීන් සිනමා ක්ෂේත්‍රයටත් රූපවාහිනී ක්ෂේත්‍රයටත් ඉටුකරන්නේ අනූපමේය මෙහෙවරකි.

1.දූපතක දර්ශනයක් නිර්මාණය කරන ආකාරය

එම පසුතලය නිර්මාණය අවසන් වූ පසු දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි.

2. චිත්‍රපටයකට රාත්‍රී අකුණු සහිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය

එම පසුතලය නිර්මාණය කළ විට දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි.

3. යුද්ධයක් පවතින අවස්ථාවක් සඳහා තැනිතලා පරිසරයක් නිර්මාණය කරන ආකාරය

නිර්මාණය කළ තැනිතලාව

5. ජලාශයක් සහ කඳු සහිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය

මේ පසුතලය රූගත කරන විට පෙනෙන්නේ මෙවැනි දර්ශනයකි.

6 විචිත්‍ර වර්ණ වලින් මේ සකසා ඇත්තේ මුහුදු පත්ලේ තිබෙන කොරල් පරයකි.

දර්ශන තලය සකසා කැමරාවට නැගූ විට පෙනෙන්නේ මේ ආකාරයෙනි.

7. ජලාශ්‍රිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය

එම පසුතලය සිනමාවට නැගූ විට පෙනෙන ආකාරය

8. අහසේ දක්නට ලැබෙන අවුරෝරා එළි කෘතිමව නිපදවීමට පසුතල නිර්මාණකරුවකු උත්සාහ ගන්නා ආකාරයයි මේ

එම පසුතලය දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි.

9. ඇමෙරිකාව හඳට ගියායැයි යන පුවත මුසාවක් බව බොහෝ දෙනකු කියති. විද්‍යා ප්‍රබන්ධ කතාවක් සඳහා හඳේ පෘෂ්ඨය නිර්මාණය කරන්නේ මේ ආකාරයෙනි.

මේ ආකාරයෙන් පසුතලය සැකසූ විට දිස්වන අයුරු

10. වනාන්තරයක් සහිත පරිසරයක් ගොඩනගන අයුරු

පසුතලය රූගත කළ විට පෙනෙන ආකාරය

11. චිත්‍රපට සඳහා ගිනිකඳු පිපිරෙන දර්ශන ලබාගැනීම අපහසු කාර්යයකි. මේ එවැනි දර්ශනයක් සඳහා පසුතලය සකසන ආකාරයයි

ගිනි කඳු පිපිරවීම රූගත කළ විට පෙනෙන්නේ මේ අයුරිනි.

12. අයිස් සහිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය

සෑදූ පසුතලය පෙනෙන්නේ මේ ආකාරයෙනි.

13. දිය ඇල්ලක් සහිත පරිසරයක් මේසයක් මත නිර්මාණය කරන ආකාරය

මේ දර්ශනය කෘථිම පරිසරයක් යැයි කිසිවෙකුටත් විශ්වාස කළ නොහැකි දෙයකි.

14. ටොනෝඩෝවක් සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් පටිගත කිරීමට අවශ්‍ය පසුතලය නිර්මාණය කරන ආකාරය

රූගත කළ මේ දර්ශනයේ දී ටොනෝඩෝව කෘථිමව සාදන ලද පසුතලයක් යැයි කිසිවෙකුට සිතිය නොහැක.