යුද බියෙන් යුරෝපයට පලා යන සංක්‍රමණිකයන් ගැන සමස්ථ ලෝකයේ ම අවධානයක් යොමු කරමින් මියගිය ඇලන් කර්දි නමැති තුන් හැවිරිදි දරුවා ඇතුළු හතර දෙනකුගේ මරණවලට චෝදනා ලැබූ දෙදෙනකුට එරෙහිව තුර්කි අධිකරණය නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බෝට්ටු මගින් ග්‍රීසියට පැමිණෙමින් සිටිය දී මුහුදේ දී අනතුරට පත්ව ඔවුන් මියගොස් තිබිණි. පසුගිය සැප්තැම්බර් මාසයේ දී සිය පවුලේ සාමාජිකයන් සමග යුරෝපයට පැමිණෙමින් සිටිය දී මියගිය ඇලන් කර්දි ගේ සිරුර වෙරළට ගොඩගසා තිබෙන ඡායාරූපය මහත් ආන්දෝලනයක් ඇතිකිරීමට සමත්විය.
ඒ ඡායාරූපය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග බොහෝ යුරෝපීය රටවල් සංක්‍රමණිකයන්ට දමා තිබූ කොන්දේසි ලිහින් කරන ලදී.
මේ දරුවා රැගත් බෝට්ටුව පැදවූ මුවෆකා අල්බාෂ් සහ අසේම් අල්ෆ්‍රඩ් යන දෙදෙනාට එරෙහිව තුර්කි අධිකරණයේ නඩු පවරා ඇත්තේ නීති විරෝධී පුද්ගලයන් ප්‍රවාහනය කිරීම යන චෝදනාව යටතේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd