කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට නතුව ඇතැයි මහත් ආන්දෝලනයක් ඇති කළ ලිිබියා ගුවන්යානය මෝල්ටා අන්තර්ජාතික ගුවන්තොටුපලට ගොඩබස්වා ඇතැයිද, එහි සිටි කාර්යමණ්ඩලය ඇතුළු සියලූම මගීන් ගලවාගෙන ඇතැයිද වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙන පරිදි මෝල්ටා ගුවන්තොටට යානය ගොඩබස්වන ලෙස කොල්ලකරුවෝ එහි නියමුවන්ට අණ කර ඇත.යානය ගොඩබැස්වූ පසු පිටතට පැමිණ ඇති ඔවුන් ගුවන්තොටුපල ධාවන පථයේ දණ ගසා මෝල්ටා ආරක්ෂක අංශ වෙත යටත්ව තිබේ.
කොල්ලයට සහභාගීව ඇත්තේ කොල්ලකරුවන් දෙදෙනකු පමණක් බවද මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.
මේ සමගම ප‍්‍රකාශයක් නිකුත් කර ඇති මෝල්ටා අගමැති ජෝසප් මුස්කට් එහි සදහන් කර තිබෙන්නේ කොල්ලකරුවන් අත රැුදී තිබී ඇත්තේ ව්‍යාජ ගිනි අවි බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.කොල්ලකරුවන් අත ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය ඇති බව ඔහු මුලින් ප‍්‍රකාශ කර තිබින.
යානය ගොඩබැස්වූ පසු පිටතට පැමිණි එක් කොල්ලකරුවකු ගඩාපි පාලන සමයේ භාවිතයට ගැනුනු ධජයක් ප‍්‍රදර්ශනය කළ බවද මාධ්‍ය වාර්තා වල සදහන්ය.
ලිබියා රජයේ විදේශ අමාත්‍ය ටහේර් සියාලා පවසා ඇත්තේ කොල්ලකරුවන්ගේ වුවමනාව වී ඇත්තේ ගඩාපි හිතවාදී දේශපාලන පක්ෂයක් පිහිටුවීම බවය.
ලිබියාවේ ගුවන්තොටුපල කි‍්‍රයාකාරීත්වය පිළිබද සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් නොමැත.ඇතැම් අවස්ථා වල ගුවන්ධාවන පථයන් හරහා අවිගත් කණ්ඩායම් පුරවාගත් රථ ධාවනය වනුයේ ගොඩබැස්වීම සදහා පැමිණි ගුවන්යානයන්ට නිකරුණේ ගුවනේ රැුදී සිටීමට සළස්වමින්ය.අනෙක් පසින් යුරෝපා ගුවන්තලයද ලිබියා ගුවන්යානා වලට තහනම්ය.
2025 නොවැම්බර් මස 21
188
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1144
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ලිබියා ගුවන්යානය මුදා ගැනේ