IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලෙබනනයේ අධිකරණ ඇමැතිනි ඉල්ලා අස්වෙයි

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හමුවේ ලෙබනනයේ තවත් අමාත්‍යවරියකු අද (10) ඉල්ලා අස්විය. මෙසේ ඉල්ලා අස්වූයේ ලෙබනනයේ අධිකරණ අමාත්‍ය ධුරය හෙබවූ මාරි ක්ලෝද් නජීම් මහත්මිය ය.

මේ අනුව, මේ වනවිට ලෙබනන ආණ්ඩුවේ අමාත්‍යවරුන් තිදෙනකු ඉල්ලා අස් වී ඇත. පසුගිය සතියේ ලෙබනන අගනුවර, බේරූට් වරායේ සිදු වූ පිපිරීමෙන් පසු අද වනවිට ලෙබනනය අර්බුද ගණනාවකට මුහුණ දී පා සිටියි. පිපිරීමට පෙර සිටම ලෙබනනය ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි අතර නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අර්බුද රැසක් ද නිර්මාණය වී තිබිණි.

අගනුවර අඩකට වැඩි ප්‍රමාණයක් විනාශයට පත් කරමින් පසුගිය සතියේ සිදු වූ පිපිරීමෙන් පසු මියගිය සහ තුවාල ලැබූවන්ට සාධාරණය ඉල්ලමින් ලෙබනන ජනතාව වීදි බැස විරෝධතාවල නිරත වූ අතර එම විරෝධතා මේ වනවිට උත්සන්න වී තිබේ. එම විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇති අතරම එම විරෝධතා ආණ්ඩු සහ දේශපාලන තන්ත්‍රයටත් රට තුළ ක්‍රියාත්මක දූෂණයටත් එරෙහි විරෝධතා බවට හැරී තිබේ.

අධිකරණ අමාත්‍යවරියට පෙර ලෙබනනයේ පරිසර අමාත්‍ය ධුරය හෙබවූ දමියනෝස් කට්ටාර් සහ තොරතුරු අමාත්‍ය ධුරය හෙබවූ මනාල් අබ්දෙල් සමාද් යන එම අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූහ.

ආණ්ඩු විරෝධී විරෝධතාවලට ලෙබනන වැසියෝ දස දහස් ගණනක් බේරූට් අගනුවරට එක්රැස් වී සිටිති. බේරූට් වරායේ සිදු වූ පිපිරීම වළක්වා ගත හැකිව තිබූ එකක් බව මේ වනවිට අනාවරණය වී තිබෙන අතර ලෙබනන පාලකයන්ගෙන් සහ වරාය බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් පිපිරීම සිදු වූ බවට බොහෝ පාර්ශව චෝදනා කරති. නොසැලකිල්ල සහ සුදුසු ක්‍රියාමාර්ග නොගැනීම නිසා පිපිරීම සිදු වූ බව ද මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මේ වනවිට දින කිහිපයක් මුළුල්ලේ විරෝධතා පැවැත්වෙන අතර විරෝධතාකරුවෝ ඉරිදා ලෙබනන පාර්ලිමේන්තුවට ඇතුළුවීමට උත්සාහ කළහ. විරෝධතාකරුවන් මාර්ග බාධක පෙරළා දමමින් ලෙබනන පාර්ලිමේන්තුවට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය.

රොයිටර්/ඒ.එෆ්.පී.

055



අදහස් (0)

ලෙබනනයේ අධිකරණ ඇමැතිනි ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site