‘බල්ලනට අපේ කැමැත්තක් නැත. ඒ නිසා ඔබගේ බල්ලන් මෙම ප්‍රදේශයට රැගෙන ඒමෙන් වළකින්න.‘  යනුවෙන් ඉල්ලා ඇති නැගෙනහිර ලන්ඩනයේ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක අලවා තිබු දැන්වීම් පිළිබඳව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇතිබව බ්‍රිතාන්‍යයේ පුවත්පත් වාර්තා කර ඇත.

මෙම ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජිම් ෆිට්ස්පැට්‍රික් පොලිසියට සහ පළාතේ නගරාධිපති වරයාට පැමිණිලි කර ඇත්තේ මෙම බෙදුම්වාදී දැන්වීම ජාතිබේදය අවිලීමේ අරමුණෙන් ඉංග්‍රීසි ජාතික කල්ලියක් විසින් නිර්මාණය කරනලද එකක්ද නැත්නම් කිසියම් අන්තවාදී  සංවිධානයක් විසින් අලවන ලද්දක්දැයි සොයා බලන ලෙසටයි.

නැගෙනහිර ලන්ඩනය පුරාම බංගලිදේශය, පකිස්තානය සහ අප්‍රිකා  රටවල ඉස්ලාම් භක්තිකයෝ විශාල ප්‍රමාණයක් ජීවත්වෙති.