IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


‘ලෝක ත්‍රස්තවාදයේ නියම නායකයා ඇමෙරිකාවයි’

ලෝක ත්‍රස්තවාදයේ නියම නායකයා ඇමෙරිකා එක්සත් ජනපදය යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී අද (9) ප්‍රකාශ කළේය.

ඉරානයේ විප්ලවකාරී ආරක්ෂක බළකාය “විදෙස් ත්‍රස්තවාදී සංවිධානයක්” ලෙස නම් කිරීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගැනීමෙන් දිනකට පසු ඉරාන නායකයා ඒ බව ප්‍රකාශ කළේය.

“විප්ලවකාරී ආයතනයක් ත්‍රස්තවාදීන් ලෙස නම් කිරීමට ඔබ කවුරුන් ද ?” යැයි  ඉරාන ජනාධිපතිවරයා විමසීය. ඉරානයේ ජාතික න්‍යෂ්ටික තාක්ෂණ දිනය වෙනුවෙන් පැවැති විශේෂ උත්සවයකදී ඉරාන ජනාධිපති හසන් රොව්හානී එම කරුණු සඳහන් කළ අතර ඉරාන ජනාධිපතිවරයාගේ  කතාව සජීවීව රාජ්‍ය රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශය ද කෙරුණි.

ඉරානයේ විප්ලවකාරී ආරක්ෂක බලකාය 1979 වසරේ සිට ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ බව ද හෙතෙම කීවේය.

ඇමෙරිකාව ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සෘජුව සහ වක්‍රාකාරව සබඳතා පවත්වන බවත් සෘජුව සහ වක්‍රාකාරව ත්‍රස්තවාදී ක්‍රියා කරන බවත් ඉරාන ජනාධිපතිවරයා ඇමෙරිකාවට චෝදනා කළේය.

“කලාපයේ රටවලට එරෙහිව ත්‍රස්තවාදී කණ්ඩායම් අවියක් ලෙස භාවිත කරනවා. ලෝක ත්‍රස්තවාදය නායකයා ඔබ” යැයි පවසමින් ඉරාන ජනාධිපතිවරයා ඇමෙරිකාව දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.

 

ඒ.එෆ්.පී. ඇසුරිනි

(055)



අදහස් (8)

‘ලෝක ත්‍රස්තවාදයේ නියම නායකයා ඇමෙරිකාවයි’

Mudali Tuesday, 09 April 2019 01:31 PM

ලෝක ත්‍රස්තවාදයට හේතු කාරකය සම්බන්ධයෙන් ජනාධිපති හසන් රොව්හානී කර තිබෙන විස්තරය සපුරා සත්‍යයක් බව ලෝක දේශපාලනය ගැන දන්නා විද්වතුන් පිළිගන්නවා ඇති… මෑතකාල‍ය තුළ වියට්නාමය, ඇෆ්ඝනිස්තානය, ලිබියාව, ඉරාකය, ඊජිප්තුව, සිරියාව, මේ හැම රටකම ඇතිවුණු අභ්‍යන්තර ව්‍යවසනවලට වක්‍රව හා ඍජුව දායකවුණේ ඇමෙරිකාවයි. අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලටත් ඇඟිලි ගහන්නේ ඔවුන්මයි. මක්කරන්නද? බඩුයි නඩුයි සේරම හාමුදුරුවන්ගේ... හැම විජ්ජාවටම වඩා ගැල විජ්ජාව හොඳයි කියලයි ඉන්න වෙන්නේ අපිට..

:       0       35

රවින් Wednesday, 10 April 2019 02:29 AM

ළඟ හිටියානම් අම්මාප සිනි අහුරක් කටේ දානවා.

:       0       40

රවින් Wednesday, 10 April 2019 02:51 AM

ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්ෂකට ඇමරිකාව ගැන විමර්ශන බැහැලු නේද?

:       0       59

rihan Wednesday, 10 April 2019 05:42 AM

කවුරු කීවත් කතාව ඇත්ත සීනි ටිකක් කටේ දාන්න ඕන .

:       0       164

susantha Wednesday, 10 April 2019 07:58 AM

අනේ ඇත්තද ? එතකොට අර ඇෆ්ගනිස්තන්වල පකිස්තන්වල සුළු ආගමිකයන්ට අයත් ඉපැරණි වෙහෙර විහාර පිළිම බෝම්බ ගහල විනාශකරලා ආගමික සහජීවනය ලෝකෙට පෙන්නුවේ කව්ද ඇමරිකන් කාරයෝද?

:       92       9

susantha Wednesday, 10 April 2019 11:46 AM

අනේ ඇත්තද? එතකොට අර ඇෆ්ගනිස්තාන්වල, පාකිස්තාන්වල සුළු ආගමිකයන්ට අයත් ඉපැරණි වෙහෙර විහාර පිළිම බෝම්බ ගහලා විනාශකරලා ආගමික සහජීවනය ලෝකෙට පෙන්නුවේ කව්ද ඇමරිකන් කාරයන්ද? පිස්සු දොඩවනවා මෙතන... ලෝක ත්‍රස්තවාදයට හේතුව අර පොතයි සල්ලාලයෝ දෙන්නයි පස්සේ අන්තවාදීව යන පිරිසක් ඔහෙලගේ ජනකොටස්වල ඉන්න එක. ඇමරිකාව කරන හැමදේම හරි කිව්වේ නැතත් ඔහුන් එම අන්තවාදීන්ව පාලනයට ගත්ත සමහර ක්‍රියාමාර්ගවලට ඔහෙලගෙ අන්තවාදයට විරුද්ධ බොහෝ මිනිසුන් එකඟයි.

:       119       67

Nuwan Wednesday, 10 April 2019 11:58 AM

ඔය කතාවට තව එකතු වෙන්න ඕනේ. ලෝක ත්‍රස්තවාදයට ඇමරිකාව සහ මුස්ලිම් අන්තවාදය ඍජුවම වග කිව යුතුය. ඇමරිකාව ගැන කිව්වට මුස්ලිම් අන්තවාදය ගැන කට අරිවිද? අපි නොදන්නා මොණර තැන්න. ඇෆගනිස්ථානය, ඉරානය, ඉරාකය ඔය රටවල මුස්ලිම් පූජකයෝ බලය ගන්න කලින් සාමකාමී මිනිස්සු හිටි රටවල්... දැන් එකේ අනිත් පැත්ත.

:       7       17

sugath Premalal Egodagedara Thursday, 11 April 2019 06:23 AM

ඔව් ,....එක 100% හරි. ඇමෙරිකාව හැම වෙලාවේම රටවල් අතරේ ප්‍රශ්න ඇති කර බොහෝ රටවල් විනාශ කර තිබේ. උදාහරණ වශයෙන් සිරියාව, ඉරාකය හදුන්වන්න පුළුවන්.

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 769 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 909 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 377 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site