ලෝක ත්‍රස්තවාදයේ නියම නායකයා ඇමෙරිකා එක්සත් ජනපදය යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී අද (9) ප්‍රකාශ කළේය.
ඉරානයේ විප්ලවකාරී ආරක්ෂක බළකාය “විදෙස් ත්‍රස්තවාදී සංවිධානයක්” ලෙස නම් කිරීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගැනීමෙන් දිනකට පසු ඉරාන නායකයා ඒ බව ප්‍රකාශ කළේය.
“විප්ලවකාරී ආයතනයක් ත්‍රස්තවාදීන් ලෙස නම් කිරීමට ඔබ කවුරුන් ද ?” යැයි ඉරාන ජනාධිපතිවරයා විමසීය. ඉරානයේ ජාතික න්‍යෂ්ටික තාක්ෂණ දිනය වෙනුවෙන් පැවැති විශේෂ උත්සවයකදී ඉරාන ජනාධිපති හසන් රොව්හානී එම කරුණු සඳහන් කළ අතර ඉරාන ජනාධිපතිවරයාගේ කතාව සජීවීව රාජ්‍ය රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශය ද කෙරුණි.
ඉරානයේ විප්ලවකාරී ආරක්ෂක බලකාය 1979 වසරේ සිට ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ බව ද හෙතෙම කීවේය.
ඇමෙරිකාව ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සෘජුව සහ වක්‍රාකාරව සබඳතා පවත්වන බවත් සෘජුව සහ වක්‍රාකාරව ත්‍රස්තවාදී ක්‍රියා කරන බවත් ඉරාන ජනාධිපතිවරයා ඇමෙරිකාවට චෝදනා කළේය.
“කලාපයේ රටවලට එරෙහිව ත්‍රස්තවාදී කණ්ඩායම් අවියක් ලෙස භාවිත කරනවා. ලෝක ත්‍රස්තවාදය නායකයා ඔබ” යැයි පවසමින් ඉරාන ජනාධිපතිවරයා ඇමෙරිකාව දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
(055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක ත්‍රස්තවාදයට හේතු කාරකය සම්බන්ධයෙන් ජනාධිපති හසන් රොව්හානී කර තිබෙන විස්තරය සපුරා සත්‍යයක් බව ලෝක දේශපාලනය ගැන දන්නා විද්වතුන් පිළිගන්නවා ඇති… මෑතකාලය තුළ වියට්නාමය, ඇෆ්ඝනිස්තානය, ලිබියාව, ඉරාකය, ඊජිප්තුව, සිරියාව, මේ හැම රටකම ඇතිවුණු අභ්‍යන්තර ව්‍යවසනවලට වක්‍රව හා ඍජුව දායකවුණේ ඇමෙරිකාවයි. අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලටත් ඇඟිලි ගහන්නේ ඔවුන්මයි. මක්කරන්නද? බඩුයි නඩුයි සේරම හාමුදුරුවන්ගේ... හැම විජ්ජාවටම වඩා ගැල විජ්ජාව හොඳයි කියලයි ඉන්න වෙන්නේ අපිට..
ළඟ හිටියානම් අම්මාප සිනි අහුරක් කටේ දානවා.
ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්ෂකට ඇමරිකාව ගැන විමර්ශන බැහැලු නේද?
කවුරු කීවත් කතාව ඇත්ත සීනි ටිකක් කටේ දාන්න ඕන .
අනේ ඇත්තද ? එතකොට අර ඇෆ්ගනිස්තන්වල පකිස්තන්වල සුළු ආගමිකයන්ට අයත් ඉපැරණි වෙහෙර විහාර පිළිම බෝම්බ ගහල විනාශකරලා ආගමික සහජීවනය ලෝකෙට පෙන්නුවේ කව්ද ඇමරිකන් කාරයෝද?
අනේ ඇත්තද? එතකොට අර ඇෆ්ගනිස්තාන්වල, පාකිස්තාන්වල සුළු ආගමිකයන්ට අයත් ඉපැරණි වෙහෙර විහාර පිළිම බෝම්බ ගහලා විනාශකරලා ආගමික සහජීවනය ලෝකෙට පෙන්නුවේ කව්ද ඇමරිකන් කාරයන්ද? පිස්සු දොඩවනවා මෙතන... ලෝක ත්‍රස්තවාදයට හේතුව අර පොතයි සල්ලාලයෝ දෙන්නයි පස්සේ අන්තවාදීව යන පිරිසක් ඔහෙලගේ ජනකොටස්වල ඉන්න එක. ඇමරිකාව කරන හැමදේම හරි කිව්වේ නැතත් ඔහුන් එම අන්තවාදීන්ව පාලනයට ගත්ත සමහර ක්‍රියාමාර්ගවලට ඔහෙලගෙ අන්තවාදයට විරුද්ධ බොහෝ මිනිසුන් එකඟයි.
ඔය කතාවට තව එකතු වෙන්න ඕනේ. ලෝක ත්‍රස්තවාදයට ඇමරිකාව සහ මුස්ලිම් අන්තවාදය ඍජුවම වග කිව යුතුය. ඇමරිකාව ගැන කිව්වට මුස්ලිම් අන්තවාදය ගැන කට අරිවිද? අපි නොදන්නා මොණර තැන්න. ඇෆගනිස්ථානය, ඉරානය, ඉරාකය ඔය රටවල මුස්ලිම් පූජකයෝ බලය ගන්න කලින් සාමකාමී මිනිස්සු හිටි රටවල්... දැන් එකේ අනිත් පැත්ත.
ඔව් ,....එක 100% හරි. ඇමෙරිකාව හැම වෙලාවේම රටවල් අතරේ ප්‍රශ්න ඇති කර බොහෝ රටවල් විනාශ කර තිබේ. උදාහරණ වශයෙන් සිරියාව, ඉරාකය හදුන්වන්න පුළුවන්.