IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලෝක ආරක්ෂාවට සමාජ ජාලවල සහය පතයි

ත්‍රස්තවාදය මැඩලීමේ සටනට ෆේස්බුක් හා ට්විටර් වැනි වෙබ් අඩවිවලින් මීට වඩා සහයක් තමන් බලාපොරොත්තු වන බව අන්තර්ජාතික ආරක්ෂක විශේෂඥයෝ කියති.

ත්‍රස්ත කටයුතු වල නියැළෙන පුද්ගලයින් රැසකගේ ගිණුම් මෙම වෙබ් අඩවිවල තිබීමත් එම පුද්ගලයින්ගේ තොරතුරු ලෝක සාමය තහවුරු කරනු වස් අදාළ බළධාරීන් වෙත ලබාදීමට වෙබ් අඩවි පරිපාලකයින්ට හැකියාව තිබීමත් මීට හේතුවයි.

ලියාපදිංචි වන පරිශීලකයින්ගේ පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය රකින්නේ යැයි ඔවුන් හා ගිවිසුමක් ඇතිකර ගන්නා හෙයින් මෙම වෙබ් අඩවි වල පරිපාලකයින් සිටිනුයේ එසේ ලියාපදිංචි වන පුද්ගලයා ත්‍රස්තවාදියෙකු  වුවද ඔහුගේ හෝ ඇයගේ තොරතුරු ප්‍රසිද්ධ කිරිමේ හැකියාවක් තමන්ට නැතැයි යන මතයේය.

ආරක්ෂක කටයුතු වෙනුවෙන් යැයි කියමින් කිසියම් පුද්ගලයෙකුගේ තොරතුරු ලබාදෙන ලෙස නැවත නැවතත් බලපෑම් කරන්නේනම් ආරක්ෂක අංශ පසුපසින් හඹා එමින් සිටින බවත් වහාම ආරක්ෂාව සළසා ගන්නා ලෙසත් සඳහන් කර තමන්ම මැදිහත්ව එම පුද්ගලයා දැනුම්වත් කරන බවට ට්විටර් වෙබ් අඩවිය ආරක්ෂක බලධාරීන් වෙත අනතුරු ඇගවීමක් ද නිකුත් කර තිබේ.

මෙසේ තොරතුරු ඉල්ලා සිටින්නේ ලෝක ආරක්ෂාව වෙනුවෙන් හෙයින් ඉල්ලා සිටින තොරතුරු ලබාදීමේ ගැටලූවක් මෙම වෙබ් අඩවිවලට කිසිසේත්ම තිබිය යුතු නැතැයි ආරක්ෂක බළධරයින්ගේ අදහසයි.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ද  පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සමාජ ජාල වෙබ් අඩවි සිටින්නේ නීතියට ඉහළින් නොවේ යැයි එම වෙබ් අඩවි වල පරිපාලකයින් සිහියේ තබා ගත යුතු බවයි.

වර්තමානයේ බොහෝ ත්‍රස්තවාදි සංවිධානයන් තම සන්නිවේදන කටයුතු හා ඇතැම් අවස්ථාවන්වලදී නව සාමාජිකයින් බඳවා ගැනීමට පවා යොදාගන්නේ මෙම වෙබ් අඩවිය පසුගිය දිනෙක බ්‍රිතාන්‍යයේ මුළු පවුලක්ම අයි එස් සංවිධානය හා එක්වීමට සිරියාව බලා පිටත්ව ගිය බව වාර්තා වූ අතර මාධ්‍ය සඳහන් කර තිබුණේ එම පවුලේ සාමාජිකයෝ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අයි එස් සාමාජිකයින් හා සම්බන්ධතා පවත්වාගෙන ඇතැයි හෙළිව තිබෙන බවයි.

කරුණු මෙසේ හෙයින් ඉදිරියේදී සියලූ සමාජ ජාල වෙබ් අඩවි වලට බල පැවැත්වෙන පොදු නීතියක් සම්මත කර ගැනෙනු ඇතැයි සිතිය හැකිය.



අදහස් (0)

ලෝක ආරක්ෂාවට සමාජ ජාලවල සහය පතයි

විජයබාහු Friday, 19 June 2015 07:57 AM

ඔව් ලොකු ලොකු එව්වට වෙනකොට තමයි ඔක්කොම නීති. අපේ පුංචි රටට කරදර වෙනකොට ඔය නීති මොකුත් නැ. (ර)

:       0       0

සොපී Saturday, 20 June 2015 09:37 AM

ඒක ඇත්ත! මේ වෙබ් අඩවි ත්‍රස්තවාදීන්ට සහයදීම සමාජවිරෝධී ක්‍රියාවක්. (නි)

:       0       0

දුමින්ද Thursday, 18 June 2015 10:06 AM

සමාජය විනාශ කළ සමාජ වෙබ් අඩවි (ම)

:       0       0

සිරා Saturday, 20 June 2015 11:00 AM

විජයබාහු , ලෝක සාමය කිවම සේරම අයිතියි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site