දුම්රිය ආසන යට දිගා වී කාන්තාවන්ගේ කකුල් අල්ලන පුද්ගලයෙක් චීනයේ බෙයිජින් නුවර දුම්රියකින් සොයා ගෙන ඇත.

නිල් පැහැති වෙස් මුහුණක් පැළඳ සිටින මොහු කබායක් ඇඳ දුම්රියේ ප්ලාස්ටික් ආසනය යට දිගා වී සිටියි. දුම්රිය ආරම්භ වී ටික දුරක් යන විට ඔහුගේ කාර්යය ආරම්භ කරයි. එහි අසුන් ගෙන සිටින කාන්තාවන්ගේ කකුල් ස්පර්ශ කරයි.

ඉදිරිපිට අසුනක හිඳ මේ සියල්ල බලා සිටි සොවු නැමැත්තෙක් ගත් ඡායාරූප ආධාරයෙන් ඔහු සොයා ගෙන තිබේ. කොපමණ වෙලා බලා සිටියද ඔහුගේ ස්පර්ශය කිසිදු කාන්තාවකට නොදැනීම පුදුමයක් බව සොවූ පැවසීය.