ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර සිට ඇමෙරිකාවේ නිව්යොර්ක් නුවර දක්වා නව වසරේ සම්ප‍්‍රාප්තිය පෙරේදා (31) උත්කර්ෂවත් අන්දමින් පිළිගැනීම සිදු විය.
ඔස්ටේ‍්‍රලියාවේ සුප‍්‍රකට සිඞ්නි වරායේ ඩොලර් දශලක්ෂ ගණනක වියදමින් පැවැත්වූ දර්ශනීය ගිනිකෙළි සංදර්ශනයනයත් සමඟ එරට වැසියෝ නව වසරට පා තැබූහ. මීට සමගාමීව මුලින්ම 2012 වර්ෂයට එළඹුණු රාජ්‍යයන් වූයේ ජාත්‍යන්තර දින රේඛාවෙන් පැය 24ක් ඉදිරියට ගිය සැමෝවා සහ ටොකේලූ දුපත් රාජ්‍යයන්ය.
ඇමෙරිකාවේ ටයිම්ස් චතුරස‍්‍රයේ ඇති විදුලි බල්බ 32,000කින් යුත් පළිඟු බෝලය නව අවුරුදු උදාවේ පණිවුඩය ලොවට කියා පෑවේය. ඒ සමගම ලන්ඩනයේ තේම්ස් නදිය අසලට දෙලක්ෂ පනස්දහසකට අධික පිරිසක් එක්රැුස් වූයේ නව වසර පිළිගැනීම නිමිත්තෙන් පැවැත්වෙන ගිනිකෙළි සංදර්ශනය නැරඹීමටය.
ගැටුම්කාරී වසරක නිමාව සනිටුහන් කරමින් ඊජිප්තු වැසියෝ නව අපේක්ෂාවන් පොදිබැඳ කයිරෝ නුවර ටහිර් චතුරශ‍්‍රයට එක්ව දර්ශනීය ගිනිකෙළි සංදර්ශනයේ අසිරිය විඳ ගත්හ.
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd