බ්‍රිතාන්‍ය සාමාගමක් විසින් නිපදවන ලද ලොව විශාලතම ගුවන් යානයේ අත්හදා බැලීමේ පියාසර කිරීම් ලබන මාර්තු මාසයේ සිදු කිරීමට නියමිත බව බ්‍රිතාන්‍යයේ මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානා හා හෙලිකොප්ටර් යානා නිපදවන තාක්ෂණයන්ගේ සංකලනයකින් මේ යානය නිපදවූ බව ඉංජිනේරුවරු කියති. එයාර් ලෑන්ඩර් 10 ලෙස නම්කර ඇති මෙම ගුවන් යානය දිගින් මීටර 192ක් හා පළලින් මීටර 43.5කින් සමන්විතය. එහි උස මීටර 26කි.

දැනට විශාලම ගුවන් යානය සේ සැලකෙන එයාර් බස් 380 යානයට වඩා එය විශාල බව විදෙස් මාධ්‍ය කියයි.

එයාර් ලෑන්ඩර් 10 යානය සාපේක්ෂව අඩු වේගයකින්ද ගුවනේ තරමක් පහළින් ද ගමන් කිරීමට නියමිතය. නිෂ්පාදන සමාගම පවසන්නේ මේ යානය නිපදවා ඇත්තේ භාණ්ඩ ප්‍ර‍වාහනය මූළික අරමුණු කරගෙන බැවින් එහි යා හැක්කේ මගීන් 40 දෙනකුට පමණක් බවයි.