ඩැල්නි වොස්ටොක් නම් රුසියානු ටෝලර් යාත්‍රාව රුසියාවේ කම්ටච්කා අර්ධද්වීපයට එපිටින් මුහුදේ ගිලීමෙන් අවම වශයෙන් 54 ක් මියයන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පහළොස් දෙනකු අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා දැනටමත් මෙහෙයුම් ක්‍රියාත්මක කැර ඇත. යාත්‍රාවේ කපිතාන් ද මියගිය අය අතර සිටින බව පැවසේ.
යාත්‍රාවේ සිටි 63 දෙනකු දිවි බේරාගෙන ඇති අතර ඔවුන් බොහොමයක් දැඩි ශීතලෙන් පීඩාවට පත්ව සිටිති. යාත්‍රාව ගිලෙන අවස්ථාවේ එහි 132ක් ගමන් කරමින් සිටියහ. රුසියානු ජාතිකයන් 78ක්, මියන්මාර ජාතිකයන් 42ක්, යුක්රේන,ලැට්වියා හා වනාටු ජාතිකයෝ ද ඒ අතර සිටිති. යාත්‍රාව අනතුරට පත්වූ අවස්ථාවේ දැඩි හිම කුණාටු සමග වේගයෙන් හුළං හමා ගිය බව ද මීටර 10ක් පමණ උසට රළ නැග ආ බව ද වාර්තා වේ.
යාත්‍රාව ගිලී යාමට හේතුව මෙතෙක් තහවුරු කරගෙන නැත. එය යම් බාධකයක හැපෙන්නට ඇතැයි සැකයක් පවතී. අනතුරට පත්ව විනාඩි 15ක් වැනි කෙටි කාලයක දී යාත්‍රාව මුළුමනින්ම දියේ ගිලී ගොස් ඇතැයි ද කිසිදු අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ලබා දී නැතැයි ද ගලවාගැනීමේ කණ්ඩායම් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොබාදහම හමුවේ මිනිසා බිළිඳෙක් කළ විපතක්! (ස)