ඉරානයට තවත් න්‍යෂ්ථික බලාගාරයක් ඉදිකර දීමට රුසියාව සැළසුම් කර ඇතැයි වාර්තා වේ.
ඉරානය සතු ‘‘බුෂෙහර්‘‘ නම් න්‍යෂ්ඨික බලාගාරයද ඉදිකර දී තිබෙන්නේ රුසියාවයි.ඉරානය න්‍යෂ්ඨික බලශක්තිය මුවාවෙන් න්‍යෂ්ඨික අවි සම්බන්ධ අත්හදා බැලීම් කටයුතු කරන්නේ යැයි බටහිර බලවතුන් චෝදනා කිරීම නිසා එරටට එරෙහිව සම්බාධක පැනවුනු අතර ඉරානය තමන් සිදුකරන න්‍යෂ්ඨික බලය හා සම්බන්ධ පර්යේෂණ කටයුතු සීමා කිරීමට එකග වීම නිසා එම පැණවුනු සම්බාධක ළිහිල් කැරුණේ මෑතකදීය.
ඒ අවසරයෙන් ඉරානය නැවතත් න්‍යෂ්ඨික බලය හා සම්බන්ධ පර්යේෂණයන් ආරම්භ කිරීමට යන්නේයැයි බටහිර බලවතුන් චෝදනා කරයි.
ඉදිකිරීමට යන නව බලාගාරයට ගෙවීම් ලෙස ඉරානය රුසියාවට දිනකට තෙල් බැරල් ලක්ෂ 5 ක් පමණ සපයනු ඇතැයිද සදහන්ය.බලාගාරයට අමතරව රේල් පීලි,යන්ත්‍රෝපකරණ කොටස්,ට‍්‍රක් රථ වැනි බර වාහන,හා ආයෝජනයනුත් රුසියාවෙන් ලබාගැනීමට ඉරානය සැළසුම් කර තිබෙන අතර ඒ සියල්ලට ගෙවීම් සිදුකෙරෙනු ඇත්තේත් තෙල් වලිනි.
ඉරානයට සම්බාධක පැනවුනු අවස්ථාවේදී රුසියාවත් ඊට සහය පළ කළේය.නමුත් ඒ මධ්‍යයේ වුවද ඉරානයේ මුරණ්ඩු පිළිවෙත දුටු අනෙක් බලවතුන් ඉරානයට තව තවත් සම්බාධක පැනවිය යුතුයැයි යෝජනා ගෙන ආවද ඒ සියල්ලට රුසියාවෙන් පළවූයේ විරෝධයයි.මේ සියල්ල ඉරානයේ කටයුතු වලට අනවශ්‍ය ලෙස ඇගිලි ගැසීමක් යැයි රුසියාව පැවසීය.
ඉරානය හා රුසියාව අතර හොද වෙළද සබදතාවක් පවතී.සම්බාධක ලිහිල් වුනු පසු ඉරානය රුසියාවට කෘතගුණ සැළකීමක් සේ මෙසේ රුසියාවටම ඉරානයේ අවශ්‍යතා සපුරා ලීමට ඉඩ හැර ඇති බවක් පෙනෙන්නේයැයි විචාරකයින් කියයි.
ඉරානයේ හා රුසියාවේ මේ ඇයිහොදැයිය දෙස ඇමරිකාව හා අනෙක් බටහිර රටවල් බලන්නේ වපර ඇසිනි.රුසියාව මෙලෙස දිගින් දිගටම ඉරානයට ආධාර උපකාර කරන්නේනම් සම්බාධක පනවා ලෝක සාමය වෙනුවෙන් ඉරානයේ න්‍යෂ්ඨික කි‍්‍රයාකාරකම් අඩපණ කිරීමට ගත් උත්සාහයන් සියල්ල ගගට කැපූ ඉණි මෙන් වනු ඇතැයි ඔවුන්ගේ අදහසයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රුසියාවෙන් තවත් න්‍යෂ්ටික බලාගාරයක්
කුමාර Friday, 21 February 2014 08:41 AM
අපි කාලයක් අහක දාන ප්ලාස්ටික් පොලිතින් වලින් පෙට්රෝල් හැදුව නේද ? ඒවා ලාබෙට දෙන්න පුළුවන් කිවනේ , කොහෙන්ද ඒවා ගන්න පුළුවන් .(ත)
හැරල් Wednesday, 19 February 2014 02:57 PM
අනේ අපේ රටෙන් හම්බුන තෙල් කෝ , කාටවත් නිකම් දුන්නද ? පොඩි කොමිස් පාරක් ගහගන .(අ)