IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘‘රුසියානු ක්‍රීඩකයන්ට පැනවූ තහනමට එරෙහිව පියවර ගන්නවා‘‘

රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රධාන පෙළේ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වීමට ඇති අවස්ථාව වළක්වමින් පැනවූ තහනමට එරෙහිව පියවර ගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (19) පැවැසීය.

ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය ඉකුත් දා රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිවුවසරක තහනමක් පැනවීය. එම තීරණය අසාධාරණ තීන්දුවක් බවත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික ධජය යටතේ තරග වැදීමට අවස්ථාව හිමිවිය යුතු බවත් රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ තීන්දුවට එකඟ නොවන බව රුසියානු තහනම් උත්තේජක නිවාරණ ආයතනය දැනටමත් ප්‍රකාශ කර තිබෙන අතර එම ආයතනයේ අධීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානී ඇලෙන්සැන්ඩර් අයිව්ලෙව් ද ඒ බව මාධ්‍යවේදීන්ට පැවැසීය.

රුසියානු තහනම් උත්තේජක නිවාරණ ආයතනය තීරණය මේ මාසය අවසන් වීමට පෙර ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතතනයට දැනුම් දිය යුතුව තිබේ. ඒ අනුව අභියාචනා ක්‍රියාවලියක් ක්‍රියාත්මක වේ. ඒ අනුව ස්විට්සර්ලන්තයේ ලුසෑන් නුවර තිබෙන ක්‍රීඩා බේරුම්කරණ විනිශ්චය සභාවේදී අදාළ අභියාචනය විභාගයට ගැනේ.

තහනම් උත්තේජක සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවල දත්ත වෙනස් කිරීම හේතුවෙන් රුසියාවට 2020 ඔලිම්පික් සහ 2022 කටාර් ලෝක කුසලාන තරගාවලිය ඇතුළු ලොව ප්‍රමුඛතම ක්‍රීඩා ඉසව්වලට සහභාගී වීම තහනම් කිරීමට ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනය දෙසැම්බර් 10 වැනිදා පියවර ගත්තේය.

සිය වාර්ෂික ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ සම්බන්ධයෙන් මාධයවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය. මේ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා දීර්ඝ නෛතික අර්බුදයකට පැටළී ඇති බවක් පෙනී යන බව ද ඇතැම්හු පෙන්වාදෙති.

“අපිට ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙනවා. බේරුම්කරණ විනිශ්චය සභාව මොනවගේ තීන්දුවක් දෙයිද කියන්න අපට බැහැ. ඒ තීන්දුව ලැබුණාට පසු අප ඉන්නේ කොතැනදැයි තේරුම්ගන්න පුළුවන්” යැයි එහිදි පුටින් කීය. රුසියාවේ පැවැත්වීමට නියමිතව තිබූ ඉසව් කිහිපයක්ද අවලංගු වීමේ තත්ත්වයක් මේ වනවිට උද්ගත වී තිබේ.

ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය ගත තීන්දුව අසාධාරණ පමණක් නොව සාමාන්‍ය බුද්ධියට මෙන්ම නීතියට පටහැණි බව ද ජනාධිපති පුටින් මෙහිදි කීවේය. රුසියාවට එකම චෝදනාවට දෙවරක් දඬුවම් කර ඇතැයි ද හෙතෙම කීය.

රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝදෙනකු ඉතා පිරිසුදු බවත් කිහිපදෙනකුගේ ක්‍රියාකාරකම් නිසා ඔවුන්ට රුසියානු ධජය යටතේ ක්‍රීඩා කිරීමට ඇති අවස්ථාව අහිමි නොකළ යුතු බවත් ජනාධිපති පුටින් එහිදි කරුණු ගෙනහැර දැක්වීය.

“ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනයට අපේ ජාතික ඔලිම්පික් කමිටුවට ප්‍රශ්නයක් නැතිනම් අපේ කණ්ඩායමට රුසියානු ධය යටතේ ක්‍රීඩා කිරීමට අවස්ථාව දිය යුතු” යැයි පුටින් කීවේය.

“අපේ මලල ක්‍රීඩකයන්ගෙන් බහුතරය පිරිසුදු නම් තවත් කෙනෙකුගේ වරදකට ඔවුන්ට සම්බාධක පනවන්නේ ඇයි ?” පුටින් එහිදි විමසීය.

“රුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු වුණා. තරගාවලිය සඳහා ඔවුන් තවදුරටත් පුහුණු වෙනවා. විශිෂ්ට ජයග්‍රහණත් සමඟ ඔවුන් අප සතුටට පත් කරාවි” යැයි ද පුටින් කීවේය.

පනවන ලද තහනම යටතේ වුවද රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහ 2022 බීජිං ශීත ඍතු ක්‍රීඩා උලෙළට සහභාගී වීමට අවස්ථාව හිමිව තිබේ. එහෙත් එම අවස්ථාව හිමිවන්නේ මධ්‍යස්ථ සහ අපක්ෂපාතී ලෙසය. එනම් ඔවුන් ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය විශ්වාස කරන පරිදි රාජ්‍ය අනුග්‍රහාය ලබන තහනම් උත්තේජක නිවාරණ පද්ධතියක පාර්ශවකරුවන් නොවන්නේ නම් පමණි.

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (0)

‘‘රුසියානු ක්‍රීඩකයන්ට පැනවූ තහනමට එරෙහිව පියවර ගන්නවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 292 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site