රුසියාවේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල අධීක්ෂණය මැද, තමන් සතු රසායනික අවි වගකිවයුතු පාර්ශ්වයන්ට බාර දීමටත්, එම අවි නිෂ්පාදන කම්හල් ගැන තොරතුරු ඔවුන්ට හෙළිකිරීමටත් සූදානම් යැයි සිරියානු රජය ඊයේ (11) නිවේදනය කළේය.
සිරියානු රජය එම තීරණය ගත්තේ, රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ප‍්‍රමුඛ රුසියානු රජය කළ යෝජනාවකට කැමැත්ත පළ කරමිනි. සිරියානු රජයට රුසියාව සහාය දෙයි. සිරියාව එම තීරණය ගත්තේ, ඇමෙරිකාව සිරියාව සම්බන්ධයෙන් හමුදාමය මැදිහත් වීමක් කිරීමට සූදානම් වෙමින් සිටිද්දීය.
සිරියාවට පහර දෙනවද නැද්ද සම්බන්ධයෙන් ජනපති ඔබාමා සැකැසූ යෝජනාවලියක් පෙරේදා (10) එරට කොංග‍්‍රස් මණ්ඩලයේ දී විවාදයට ගැනීමට නියමිතව තිබුණි.
සිරියානු රජය ගත් තීරණය හේතුවෙන්, ජනාධිපති ඔබාමා ඊයේ කියා සිටියේ, සිරියාව ගත් එම තීරණයට තම අනුමැතිය ලබා දෙන බවත් සිරියාවට එරෙහිව කඩිමුඩියේ හමුදා ප‍්‍රහාරයක් එල්ල නොකරන බවත්ය.
සිරියා රජය ඔවුන් සතු රසායනික අවි තොග ඇති ස්ථාන සම්බන්ධයෙන් විස්තර එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල නියෝජිතයන්ට ලබාදෙනතුරු තම යෝජනාව විවාදයට නොගැනීමටත් එය දින කිහිපයක් ප‍්‍රමාද කිරීමටත් ජනපති ඔබාමා තීරණය කළේය.
සිරියානු රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීමට ඇමෙරිකාව සූදානම් වෙද්දී, ඇමෙරිකාව මෙන්ම බි‍්‍රතාන්‍යය ද කියා සිටියේ ලබන සිකුරාදාට පෙර, සිරියානු රජය ඔවුන් සතු රසායනික අවි ජාත්‍යන්තර ප‍්‍රජාවට බාර දීමටත් කටයුතු කරන්නේ නම්, සිරියාවට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් නොගන්නා බවය.
සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය, ඇමෙරිකාව හෝ බි‍්‍රතාන්‍යය හෝ කළ එම යෝජනාව ට කන් නොදුන්නේය. කෙසේ නමුත් රුසියාව මැදිහත් වී ඒ ගැන දිගින් දිගටම කරුණු පැහැදිලි කිරීමක් කළ නිසා සිරියානු රජය ඊට කැමැත්ත පළ කළේය.
මේ අතර, විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත්තේ, ඇමෙරිකාව සිරියාවට එරෙහිව දින තුනක ප‍්‍රහාරයක් සැලසුම් කර ඇති බවය. එම ප‍්‍රහාරයට ගුවන් ප‍්‍රහාර පමණක් ඇතුළත් කිරීමට ද ඇමෙරිකා ආරක්ෂක අංශ ප‍්‍රධානීන් තීරණය කර ඇතැයි වාර්තා වේ.
සිරියානු රජයේ සහ හමුදාවේ හඳුනාගත් මර්මස්ථාන 50 ක් ඉලක්ක කර ගනිමින්, ප‍්‍රහාර එල්ල කිරීමට අවධානය යොමු වී ඇතැයි ද පෙන්ටගනය කළ නිවේදනයක් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා අනාවරණය කර ඇත.
ප‍්‍රබල සාක්ෂි නොමැතිව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පිටුපා, සිරියානු රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීමට ඇමෙරිකාව පෙළඹුණොත්, තමන් සිරියානු ජනපති අසාද්ගේ රජයට සහාය දෙන බව රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමාට අනතුරු අඟවා ඇත.
සිරියානු අර්බුදය වසර දෙකක් තිස්සේ දිග් ගැස්සුනේ, ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය සිරියානු කැරැලිකරුවන්ට සහාය දෙද්දී, රුසියාව සහ චීනය සිරියානු ජනපතිගේ රජයට සහාය පළ කිරීම නිසාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාව සහ චීනය එනවා කිවුවම ඇමෙරිකාව ටිකක් බය වුනා වගේ මට හිතෙන්නේ ... (ස)
රුසියාවේ යෝජනාව මත රුසියාව මෙවැනි අවස්ථාවක හොඳ තීරණයක් ගත්තේ නැත්නම් තවත් අසරණ මිනිස් ජිවිත නැති වෙන්න තිබුන.අපි අද ජාති බේදයක් නොතකා අසරණ මිනිස් ජිවිත ගැන සිතිය යුතුයි. (දී)
9/11 ප්‍රහාරය හෙලා දැකීම සදහා කුරාන පොත් 30000 අදික ප්‍රමාණයක් ගිනිබත් කිරීමට ගෙනයමින් සිටි ක්‍රිස්තියානි පුජක වරයෙක් ෆ්ලොරිඩා පොලිසිය මගින් ඇත අඩංගුවට ගෙන ඇතිබව ම රොයිටර් පුවත් සේවයෙන් දැක්ක .එකට සිරියාවේ කතෝලිකයන්ව මරනවා (දී)
ලෝකේ කොහේ යුද්දයක් උනත් අහිංසක අපි තමටි තැලෙන්නේ (දී)
ලෝක යුද්දයක් ලගම ලගයි (දී)
චීනය,රුසියාව නැතිනම් මෙලහකටත් ලෝක යුද්දයක් ඇවිත් (දී)
සිරියාවේ කරපු දේ දැන් ලොවට එලිවී ඇත , රසායනික අවි දැන් සිරියාවේ ලග තිබී ඇත, ඇමෙරිකාව ගහනවා කියපු ගමන්, බය වෙලා රුසියාව, චීනය හරහා අවි බාරදීමට ලැහස්ති වේ . (දී)
ඔන්න මාමේ බළලා එළියට පැනපි (නි)
න්‍යෂ්ටික අවි වැඩිපුරම තියෙන්නේ ඇමරිකාවට.නමුත් එංගලන්තය හා ඇමරිකාවට කඩේ යන රටවල් පවසන්නේ ලෝක සාමයට මෙය පිටුවහලක් කියා.මෙහි කිසිම රටක් කැමති නැහැ යුද්ධය ඉවර වෙනවට. මොකද ඇමරිකාව හා අනෙක් රටවල් ත්‍රස්තවාදීන්ට හා රජයට අවි ආයුධ විකුනනවා.රුසියාව, චීනය පවතින රජයට අවි, යුධ ගුවන්යානා විකුනනවා.යුද්ධය නැවතුනොත් මේ සියලුදෙනාගේ බිස්නස් අඩුවෙනවා.ලංකාවත් අස්ථාව රකරන්න යන්නේ ඔය හේතුව නිසා. (ස)
මොනවා හරි කරලා මේ කලපෙයේ යුද්ධයක් වෙන එක නතර කරනම් බොහොම හොඳය . මොකද ඔය යුද්ධ අපි ඉන්න රටටත් බලපානවා . (දී)
අර්බුද සාමකාමීව විසඳීමට ඇමෙරිකාව රුසියාවෙන් ආදර්ශ ගත යුතුයි. රුසියාවට මගේ ප්‍රණාමය! (ස)