IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


රසායනික අවි බාර දෙන්න සිරියානු රජය එකඟ වෙයි

රුසියාවේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල අධීක්ෂණය මැද, තමන් සතු රසායනික අවි වගකිවයුතු පාර්ශ්වයන්ට බාර දීමටත්, එම අවි නිෂ්පාදන කම්හල් ගැන තොරතුරු ඔවුන්ට හෙළිකිරීමටත් සූදානම් යැයි සිරියානු රජය ඊයේ (11) නිවේදනය කළේය.

සිරියානු රජය එම තීරණය ගත්තේ, රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ප‍්‍රමුඛ රුසියානු රජය කළ යෝජනාවකට කැමැත්ත පළ කරමිනි. සිරියානු රජයට රුසියාව සහාය දෙයි. සිරියාව එම තීරණය ගත්තේ, ඇමෙරිකාව සිරියාව සම්බන්ධයෙන් හමුදාමය මැදිහත් වීමක් කිරීමට සූදානම් වෙමින් සිටිද්දීය.
සිරියාවට පහර දෙනවද නැද්ද සම්බන්ධයෙන් ජනපති ඔබාමා සැකැසූ යෝජනාවලියක් පෙරේදා (10) එරට කොංග‍්‍රස් මණ්ඩලයේ දී විවාදයට ගැනීමට නියමිතව තිබුණි.

සිරියානු රජය ගත් තීරණය හේතුවෙන්, ජනාධිපති ඔබාමා ඊයේ කියා සිටියේ, සිරියාව ගත් එම තීරණයට තම අනුමැතිය ලබා දෙන බවත් සිරියාවට එරෙහිව කඩිමුඩියේ හමුදා ප‍්‍රහාරයක් එල්ල නොකරන බවත්ය.

සිරියා රජය ඔවුන් සතු රසායනික අවි තොග ඇති ස්ථාන සම්බන්ධයෙන් විස්තර එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල නියෝජිතයන්ට ලබාදෙනතුරු තම යෝජනාව විවාදයට නොගැනීමටත් එය දින කිහිපයක් ප‍්‍රමාද කිරීමටත් ජනපති ඔබාමා තීරණය කළේය.

සිරියානු රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීමට ඇමෙරිකාව සූදානම් වෙද්දී, ඇමෙරිකාව මෙන්ම බි‍්‍රතාන්‍යය ද කියා සිටියේ ලබන සිකුරාදාට පෙර, සිරියානු රජය ඔවුන් සතු රසායනික අවි ජාත්‍යන්තර ප‍්‍රජාවට බාර දීමටත් කටයුතු කරන්නේ නම්, සිරියාවට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් නොගන්නා බවය.

සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය, ඇමෙරිකාව හෝ බි‍්‍රතාන්‍යය හෝ කළ එම යෝජනාව ට කන් නොදුන්නේය. කෙසේ නමුත් රුසියාව මැදිහත් වී ඒ ගැන දිගින් දිගටම කරුණු පැහැදිලි කිරීමක් කළ නිසා සිරියානු රජය ඊට කැමැත්ත පළ කළේය.

මේ අතර, විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත්තේ, ඇමෙරිකාව සිරියාවට එරෙහිව දින තුනක ප‍්‍රහාරයක් සැලසුම් කර ඇති බවය. එම ප‍්‍රහාරයට ගුවන් ප‍්‍රහාර පමණක් ඇතුළත් කිරීමට ද ඇමෙරිකා ආරක්ෂක අංශ ප‍්‍රධානීන් තීරණය කර ඇතැයි වාර්තා වේ.

සිරියානු රජයේ සහ හමුදාවේ හඳුනාගත් මර්මස්ථාන 50 ක් ඉලක්ක කර ගනිමින්, ප‍්‍රහාර එල්ල කිරීමට අවධානය යොමු වී ඇතැයි ද පෙන්ටගනය කළ නිවේදනයක් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා අනාවරණය කර ඇත.

ප‍්‍රබල සාක්ෂි නොමැතිව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පිටුපා, සිරියානු රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීමට ඇමෙරිකාව පෙළඹුණොත්, තමන් සිරියානු ජනපති අසාද්ගේ රජයට සහාය දෙන බව රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමාට අනතුරු අඟවා ඇත.

සිරියානු අර්බුදය වසර දෙකක් තිස්සේ දිග් ගැස්සුනේ, ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය සිරියානු කැරැලිකරුවන්ට සහාය දෙද්දී, රුසියාව සහ චීනය සිරියානු ජනපතිගේ රජයට සහාය පළ කිරීම නිසාය.
 



අදහස් (0)

රසායනික අවි බාර දෙන්න සිරියානු රජය එකඟ වෙයි

සංජු Thursday, 12 September 2013 09:33 AM

රුසියාව සහ චීනය එනවා කිවුවම ඇමෙරිකාව ටිකක් බය වුනා වගේ මට හිතෙන්නේ ... (ස)

:       0       0

අසංග Thursday, 12 September 2013 10:23 AM

රුසියාවේ යෝජනාව මත රුසියාව මෙවැනි අවස්ථාවක හොඳ තීරණයක් ගත්තේ නැත්නම් තවත් අසරණ මිනිස් ජිවිත නැති වෙන්න තිබුන.අපි අද ජාති බේදයක් නොතකා අසරණ මිනිස් ජිවිත ගැන සිතිය යුතුයි. (දී)

:       0       0

පහන් මඩුගල්ලේ Thursday, 12 September 2013 10:44 AM

9/11 ප්‍රහාරය හෙලා දැකීම සදහා කුරාන පොත් 30000 අදික ප්‍රමාණයක් ගිනිබත් කිරීමට ගෙනයමින් සිටි ක්‍රිස්තියානි පුජක වරයෙක් ෆ්ලොරිඩා පොලිසිය මගින් ඇත අඩංගුවට ගෙන ඇතිබව ම රොයිටර් පුවත් සේවයෙන් දැක්ක .එකට සිරියාවේ කතෝලිකයන්ව මරනවා (දී)

:       0       0

දුශානි Thursday, 12 September 2013 10:57 AM

ලෝකේ කොහේ යුද්දයක් උනත් අහිංසක අපි තමටි තැලෙන්නේ (දී)

:       0       0

සිල්වා Thursday, 12 September 2013 10:57 AM

ලෝක යුද්දයක් ලගම ලගයි (දී)

:       0       0

දනුෂ්ක Thursday, 12 September 2013 10:57 AM

චීනය,රුසියාව නැතිනම් මෙලහකටත් ලෝක යුද්දයක් ඇවිත් (දී)

:       0       0

සුජීව Thursday, 12 September 2013 11:36 AM

සිරියාවේ කරපු දේ දැන් ලොවට එලිවී ඇත , රසායනික අවි දැන් සිරියාවේ ලග තිබී ඇත, ඇමෙරිකාව ගහනවා කියපු ගමන්, බය වෙලා රුසියාව, චීනය හරහා අවි බාරදීමට ලැහස්ති වේ . (දී)

:       0       0

මර්සි ලංකා Thursday, 12 September 2013 12:50 AM

ඔන්න මාමේ බළලා එළියට පැනපි (නි)

:       0       0

රුවන් Thursday, 12 September 2013 12:54 PM

න්‍යෂ්ටික අවි වැඩිපුරම තියෙන්නේ ඇමරිකාවට.නමුත් එංගලන්තය හා ඇමරිකාවට කඩේ යන රටවල් පවසන්නේ ලෝක සාමයට මෙය පිටුවහලක් කියා.මෙහි කිසිම රටක් කැමති නැහැ යුද්ධය ඉවර වෙනවට. මොකද ඇමරිකාව හා අනෙක් රටවල් ත්‍රස්තවාදීන්ට හා රජයට අවි ආයුධ විකුනනවා.රුසියාව, චීනය පවතින රජයට අවි, යුධ ගුවන්යානා විකුනනවා.යුද්ධය නැවතුනොත් මේ සියලුදෙනාගේ බිස්නස් අඩුවෙනවා.ලංකාවත් අස්ථාව රකරන්න යන්නේ ඔය හේතුව නිසා. (ස)

:       0       0

නිරෝෂන් කටාර් Thursday, 12 September 2013 01:31 PM

මොනවා හරි කරලා මේ කලපෙයේ යුද්ධයක් වෙන එක නතර කරනම් බොහොම හොඳය . මොකද ඔය යුද්ධ අපි ඉන්න රටටත් බලපානවා . (දී)

:       0       0

ඉන්දික Thursday, 12 September 2013 08:45 AM

අර්බුද සාමකාමීව විසඳීමට ඇමෙරිකාව රුසියාවෙන් ආදර්ශ ගත යුතුයි. රුසියාවට මගේ ප්‍රණාමය! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31104 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13237 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site