යුරෝපීය අභ්‍යාවකාශ ආයතනය විසින් 2004 වර්ෂයේදී 67පී වල්ගාතරුව වෙත යවනු ලැබූ ‘‘රොසෙටා‘‘ අභ්‍යාවකාශ යානය සිය මෙහෙයුම සාර්ථකව නිමා කරමින් වල්ගාතරුව මතට ම කඩාවැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ යානය වල්ගාතරුව වෙත ළඟා වූයේ වසර 10ක පමණ දීර්ඝ ගමනකින් පසු 2014 වර්ෂයේ දී ය. එතැන් සිට වල්ගාතරුවේ දූවිලි, වායු සහ එහි ස්වභාපය අධ්‍යයනය කරමින් ඉතා උසස් තත්ත්වයේ ඡායාරූප රාශියක් පෘථිවියට එවීමට ‘‘රොසෙටා“ සමත්විය. යුරෝපීය අභ්‍යාවකාශ ආයතනයේ මෙහෙයුම් කළමනාකරු පැට්‍රික් මාටින් පවසන්නේ ‘‘රොසෙටා“ ජර්මනියේ ඩ්‍රම්ස්ටඩ් පාලක මැදිරියට එවූ රේඩියෝ සංඥා එක්වරම නැවතුන බවයි. රොසෙටාගේ මෙම ඓතිහාසික චාරිකාව මගින් අභ්‍යාකාශ විද්‍යාවට විශාල සේවයක් සිදු වූ බවද ඔහු පවසයි.


COMMENTS