බ්‍රිතාන්‍යය ජාතික හාර්නාම් කවුර්  මුණගැසෙන කවරෙකු වුවත් ඇය දෙස දෙතුන් වතාවක්ම හැරී බලන්නේය.

ඒ ඇයගේ මුහුණ වසා ඇති ඝන රැවුල නිසාය.

හාර්නාම් දැන් 23 වියැති යුවතියකි. තම මුහුණේ රැවුල වැවෙන්නට පටන් ගත්තේ තමාට 11 වැනි විය ලැබූ දා බව සිට යැයි ඇය කියන්නීය.

‘හිතල බලන්න කුඩා ගැහැණු දරුවෙකුගේ මුහුණෙ රැවුල වැවෙන්න පටන් ගත්තා කිව්වහම.මට ජීවිතයම එපා වුනා‘ ඇය කියන්නීය.

පාසැලේදී මෙන්ම මගතොටේදී නොයෙකුත් කරදර පීඩා වලට ලක්වීමටත් ඇයට සිදුව ඇත්තීය.මේ සියල්ල ඇය අන් ගැහැණු ළමුන්ගේ පෙනුමෙන් වෙනස් වූ නිසාය.

‘රැවුල එක්ක මට ඇතිවුනේ පුදුම තරහක්.මම එය යවා ගන්නා නොකළ දෙයක් නැති තරම්.අවසානයේ අනිත් අයගේ කතා අහලා බැරිම තැන සියදිවි නසාගන්න පවා මා උත්සාහ කළා.එය හරිගියේ නැහැ.‘ ඇය පවසන්නීය.

නමුත් වයසින් මුහුකුරා යාමත් සමග ඇය තම පෙනුම ගැන කරදර වීම නවතා සිිටින්නීය.

‘මම මහ මෝඩ විදියට ඒ කාලයේ හැසිරිලා තියෙන්නේ කියලා දැන් පේනවා.ඇයි මම අනිත් අයට වුවමනා විදිහට හැදෙන්නේ?.මගේ රැවුල අනිත් අයට කරදරයක් වුනාට මට එහෙම නැහැ.මම සීක් ධර්මයත් වැළද ගත්තා මෑතකදී.එහි නීති අනුව සිරුරේ රෝම කපන්න අවසර නැහැ.ඉතින් මට දැන් රැවුල කපන්නත් බැහැ‘ ඇය කියන්නේ සිනාමුසුවය.

තමා කළා සේ ආත්ම විශ්වාසය ඇති කරගන්නේ කෙසේදැයි පෙනුම නිසා සමාජයේ ගැරහුමට ලක්වන පුද්ගලයින්වත් දැනුම්වත් කිරීමටත් ඇය කටයුතු කරමින් සිටින්නීය.

තම පෙනුම ගැන කරදර වන සියලූදෙනාට ඇය හොද ආදර්ශයකි.

‘මම කියන්නේ තමන්ට වුවමනා විදියට ජීවත් වෙන්න.මේ කියන්නේ අනෙක් අයට කරදරයක් වෙන විදියට නොවේ.මේක ඔබගේ ජීවිතය වෙන අයගේ නොවේ‘ ඇය පවසන්නීය.