එංගලන්තයේ සුප්‍රකට රොබින්හුඩ් ජනප්‍රවාදයට පසුබිම්වන නොටින්හැම් පුරවරයේ පිහිටි ශාන්ති බෞද්ධ විහාරස්ථානයේ මෙහෙයවීමෙන් මේ වසරේත් සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය පැවැත්විණි.

විහාරාධිපති තෙල්දෙණියේ අමිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වුන අවුරුදු උත්සවය සඳහා නොටින්හැම් නගරය අවට පදිංචි ශ්‍රී ලාංකිකයෝද අන් ජාතිකයෝද එක්වූහ.

උත්සවයේ මුල්භාගය වෙන්වූයේ අවුරුදු සිරිත් සමඟ සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා තරග සඳහාය. එහිදී වැඩිහිටියන් මෙන්ම දරු දැරියන්ද එම අංග සඳහා ඉමහත් උනන්දුවකින් සහභාගිවූ බව අමිත හිමියෝ පැවසුහ.

සවස්භාගයේදී සංස්කෘතික සංදර්ශනයක් පැවැත්විණි. එම සංදර්ශනය ශාන්ති විහාරයේ දහම් පාසලේ සහ නොටින්හැම් හින්දු කෝවිලේ දරුදැරියන් ඉදිරිපත්කල අලංකාර නර්තන අංග ගයනා සහ කෙටි දේශනයන්ගෙන් වර්ණවත් විය.

පැමිණ සිටි සියලු දෙනාටම කැවුම්, කොකිස් සහ කිරිබත් ඇතුළු ශ්‍රී ලාංකික ආහාර පාන සංග්‍රහයක්ද විය.

1 2 5 8 10 13 14