IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


රතු තරුවේ විලක් තිබිලා

අඟහරු මත සිටින කියුරියෝසිටි රොබෝරෝවරය මේ දිනවල ගවේෂණය කරන ගේල් ආවාටය අතීතයේ ජලයෙන් පිරී තිබුණු විලක් බව නිශ්චිතවම තහවුරු කරන සාක්කි හමුවී ඇතැයි නාසා විද්‍යාඥයෝ කියති.

කියුරියෝසිටි රොබෝ රෝවරයෙන් ලැබුණු ඡායාරූප හා වෙනත් දත්තයන් විශ්ලේෂණය කර ඇති ඔවුන් පවසන්නේ ජල පහරක් ගලන විට එය ඉතිරි කර යන ඛනිජ ලවණ වැනි සංඝටකයන් ගේල් ආවාටයේ තැන්පත්ව ඝණවී තිබෙනු ඉන් හඳුනාගත හැකිවූ බවයි.

ඒ අනුව අඟහරු මත ජලය තිබුණු බව දැන් නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි බව ඔවුහු කියති.

ගේල් ආවාටය යාබදව පිහිටන කඳු තීරයක් වැනි භූමිය අතීතයේ තිබී ඇත්තේ ජලයෙන් යටව බවද පැවසේ.එම කඳු තීරයේ වඩා උස් ප්‍රදේශවල සිට ජලය ගේල් ආවාටය වෙත ගලාවිත් එක්රැස් වන්නට ඇතැයි විද්‍යාඥයින්ගේ අදහසයි.

ලැබී තිබෙන තොරතුරු වලට අනුව වසරේ එක් කාලයක අඟහරු මත ජලාශ හා විල් පැවති උණුසුම් කාලගුණයක්ද, අනෙක් කාලයේ එම ජලාශ ඝණවී අයිස්වන සිසිල් කාලගුණයක්ද පැවත තිබේ.මෙය විද්‍යාඥයින් මුලින් සිතාසිටියාට වඩා වෙනස් තත්ත්වයක් බව සඳහන්ය.

මුල්ම මතයවී තිබුණේ අඟහරු මත සම්පූර්ණ සිසිල් කාලගුණයක් පවතින්නට ඇතය යන්නය.ජලය තිබෙන්නට ඇත්තේ අයිස් ලෙස යැයි ඉන් පැවසුණි.

නමුත් මේ නව සොයාගැනීම හමුවේ එම අදහස වෙනස් කරගැනීමටත්, අඟහරු වලට ගැලපෙන කාලගුණ ආකෘතියක් නිර්මානය කිරීමටත් සිදුවන බව විද්‍යාඥයෝ පවසති.

ජලය ද්‍රව ස්වරූපයෙන් පැවතුනු බවට මෙසේ ප්‍රබල සාක්ෂි හමුව තිබීමත් සමග අඟහරු මත ජීවය තිබී ඇතැයි යන මතය නැවත වරක් කරළියට පැමිණ තිබේ.ජලය ද්‍රව ලෙස පැවතුනේ නම් ජීවයක් පැවතීමට ඉහළ සම්භාවිතාවක් තිබෙන බව විද්‍යාඥයෝද පිළිගනිති.මේ සම්බන්ධව පර්යේෂණ කටයුතු ඉදිරියේදී සිදුකෙරෙණු ඇත.

මේ තොරතුරු අඟහරු ජයගැනීමට නාසා ආයතනය දියත් කර තිබෙන වැඩසටහනේ ඉදිරි කටයුතු වෙනුවෙන් යොදාගැනීමට යන බව සදහන්ය.

23E2B3BD00000578-2865886-Mount_Sharp_compared_to_mountains_on_Earth_The_elevation_of_Moun-a-10_1418087617981 23E2C72900000578-2865886-Gale_Crater_on_the_planet_Mars_as_it_is_today_Gale_Crater_is_96_-a-8_1418087617955 23E29A3900000578-2865886-This_image_shows_an_example_of_a_thin_laminated_evenly_stratifie-a-11_1418087617992 23E2607E00000578-2865886-This_evenly_layered_rock_photographed_by_the_Mast_Camera_Mastcam-a-9_1418087617969 23E2607600000578-2865886-Mount_Sharp_as_it_once_was_Observations_by_the_rover_indicate_Ma-a-7_1418087617942



අදහස් (0)

රතු තරුවේ විලක් තිබිලා

රොකී Sunday, 14 December 2014 03:42 PM

ඕක ඉස්සර නෙලුම් පොකුණක්! (බ)

:       0       0

ධනුෂ්ක Wednesday, 17 December 2014 02:29 AM

අනේ හැබෑට මෙහෙමත් දේවල්? (නි)

:       0       0

උදය Wednesday, 10 December 2014 11:49 AM

මෙය විශ්වාස කළ හැකිද?. (ස)

:       0       0

හරීන්ද්‍ර Wednesday, 10 December 2014 11:54 AM

ළඟදීම කවුරු හරි පදිංචි වෙයි වගේ. (ර)

:       0       0

පැතුම් Wednesday, 17 December 2014 02:02 PM

විලේ ගෙම්බොත් හිටියලු (නදී)

:       0       0

හංසි Thursday, 11 December 2014 02:27 AM

ඇයි උදය විශ්වාස කරන්න බැරි? මම කියවලා තිබෙනවා රාවණා අඟහරු එක්ක සම්බන්ධකම් තිබුණා කියලා (නි)

:       0       0

ජනිත් Wednesday, 17 December 2014 08:19 AM

විලක් තිබ්බා කියලා සාධක තිබ්බට ඒ විලේ වතුර තිබ්බා කියලා සාධක තියෙනවාද?(හේ)

:       0       0

අවාන් Friday, 12 December 2014 09:47 AM

විස්වාස කරනවානම් විස්වාස කරන්න. නැත්නම් නිකන් ඉන්න. (ර)

:       0       0

කෝරලේ Friday, 12 December 2014 04:16 AM

ජලය තිබේ නම් කුඩා පෑළෑටියක්වත් තිබෙන්න ඕනෑ. (නි)

:       0       0

සිල්වා Wednesday, 10 December 2014 05:08 PM

ඒගොල්ලෝ කියනවා අපි අහනවා කවුද දන්නේ මේවා ඇත්තද බොරුද කියල. ගිහින් බලන්ද ? (ස)

:       0       0

ශාන් Thursday, 11 December 2014 05:03 AM

දේශපාලකයෝ විතරක් ඔහෙට යවන්න එපා . (ම)

:       0       0

දන් Friday, 12 December 2014 11:53 AM

කෝරලේ, "අතීතයේ ජලයෙන් පිරී තිබුණු විලක් බව" ලොමෙන්ට් කරන්න කලින් හොඳට කියවන්න. ජලය තිබුනා වගේ අතීතයේ පැළෑටිත් තියෙන්න ඇති. (ර)

:       0       0

රජිත Friday, 12 December 2014 06:01 AM

විශ්වාස කරන්න නම් අමාරුයි.එහෙත් ඇත්ත වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 687 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 868 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 370 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site