IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


රැකියාව මතකය අඩු කරයි ?

තම වෘත්තියෙන් ආතතිය ඇතිවන්නේ නම් වයසට යාමේ දී කෙටි කාලීන මතකය ඉක්මණින් හානි වීමට එය හේතුවක් වනබව විද්‍යාඥයෝ කියති.

ලෝවා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් කරන ලද අධ්‍යයනයකින් මේ බව අනාවරණය වී තිබේ.

සිරුරේ ස්වාභාවිකව ඇතිවන හෝමෝනයක් වන කෝටසෝල් පුද්ගලයා ආතතියෙන් පෙලෙන විට ඉහළ යයි. මේ හෝමෝන මතක ශක්තියේ අඩුවීමට බලපාන බව පර්යේෂකයන් පවසයි.

කෙටි කාලීනව කෝටසෝල් මට්ටම ඉහළ යාම ජීවත්වී ම සඳහා අශ්‍යවේ. මෙම හෝර්මොනය මගින් පුද්ගලයන්ගේ ජීවිත අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට එනම් සිහිබුද්ධියෙන් පියවර තැබීමට උදව් කරයි.

දීර්ඝකාලිනව ආතතියෙන් පෙලෙන විට අසාමාන්‍ය ලෙස කෝටසෝල් මට්ටම  ඉහළ යාම හේතුවෙන්  දිරවීමේ සංකූලතා, අවුල් සහගත බව, ශරීර බරේ වෙනස්කම් සහ අධි රුධිර පීඩනය පෙන්නුම් කරණ බව මෙම අධ්‍යනය මගින් පෙන්වා දී ඇත.

ලෝවා විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිලිබඳ සහාය මහාචාර්ය ජේසන් රැඩ්ලේ පවසන්නේ ආතති හෝමෝනයන් මොලයේ ක්ෂයවීම පිලිබඳ එක් යාන්ත්‍රණයක් බවයි.

එනම් වෙරළේ ඇති ගල්පර්වතයක් මෙන් වසර ගණනාවකින් පසු අවසානයේදී කොටස් වලට කැඩී නොපෙනී යන බවයි.

කෝටසෝල් මට්ටම ඉහළ යාම හේතුවෙන් මස්තිෂ්ක බාහිකය එනම් මොලයේ කෙටි කාලීන මතකය ඇති කරණ ප්‍රදේශය ක්‍රමක්‍රමයෙන් හානියට පත්වේ.

ලෝවා විශ්ව විද්‍යාලය පෙන්වාදෙන්නේ මීට කලින් කරණ ලද පර්යේෂණ මගින් කෝටසෝල් මගින් මෙවැනි සමාන බලපෑම් මොලයේ අනෙක් කලාප වලට ද සිදුකරන බව දක්වා ඇතිමුත් මස්තිෂ්ක බාහිකයට කෝටසෝල් මගින් වන බලපෑම පළමු කොටම පෙන්වාදී ඇත්තේ මෙම අධ්‍යයනය මගින් බවයි.

 

 



අදහස් (0)

රැකියාව මතකය අඩු කරයි ?

රසික Wednesday, 25 June 2014 03:20 PM

ඒක නම් සහතික ඇත්ත (දී)

:       0       0

සමන් Friday, 27 June 2014 10:16 AM

ඔව් ඒක ඇත්ත (නදී)

:       0       0

අචලා Thursday, 26 June 2014 11:37 AM

ඒ කතාව ඇත්ත, එත් වෙන කරන්න දේකුත් නෑ, රැකියාවක් කරන්නේ ජීවත් වෙන්න, රැකියාවක් කරන කොට අපේ නීරෝගී කම අපට නැති වෙලා, නීරෝගිකම රැක ගන්න විසදුමක් තිබුනානම්. (ස)

:       0       0

හේමන්ත Wednesday, 25 June 2014 12:48 PM

ඇත්ත තමයි.ආතතිය වැඩි වුණහම ගොඩක් දේවල් අමතක වෙනවා. (නි)

:       0       0

රසික Wednesday, 25 June 2014 02:18 PM

පෙන්වා දුන්නාට ගොඩක් ස්තූතියි (නි)

:       0       0

අර්ජුන් Sunday, 29 June 2014 05:05 AM

තමන් කවුද කියලත් අමතක වෙනවා (දී)

:       0       0

ග්‍රාම්‍යා Wednesday, 25 June 2014 07:09 AM

එ්ක හරියටම හරි. දැන් බලන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීගොල්ලන්ට වඩා ඇමැතිගොල්ලන්ට "මට මතක නෑ" කියන කට්ටිය වැඩියි නේද? මේ කාටත් කොහොමත් මුල මතකම නැහැනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 914 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1002 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 397 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site