වසර හතරකට වරක් යුරෝපයේ රටවල් අතර පැවැත්වෙන යුරෝපා පාපන්දු ශූරතාවය අද (10) ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත‍්‍රී 12.30ට ආරම්භ කිරීමට නියමිතය.
පසුගිය නොවැම්බර් මස 13 වැනිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූ පැරීසියට නුදුරින් පිහිටි ප‍්‍රංශයේ ජාතික ක‍්‍රීඩාංගනය වන ස්ටැඩ්ඩෙ ලා ප‍්‍රාන්ස් ක‍්‍රීඩාංගනයේදී ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද් ගේ ප‍්‍රධානත්වයෙන් එය ඇරැඹේ.
ප‍්‍රථම තරගය ප‍්‍රංශය හා රුමේනියාව අතර පැවැත්වේ. තරගාවලියේ අවසාන මහා තරගය ජුලි 10 වැනිදා ස්ටැඩ්ඩෙ ලා ප්‍රාන්ස් ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වීමට යයි.
ලෝක පාපන්දු කුසලානයට පමණක් දෙවැනි වන යුරෝ කුසලානය සඳහා රටවල් 24ක් සහභාගිවේ. මින් පෙර රටවල් 16ක් අතර පැවැති තරගාවලියට මේ වසරේ සිට රටවල් 24ක් සහභාගි කරවා ගැනීමට තීරණය වී ඇත.
ඒ අනුව ඇල්බේනියාව, ස්විට්සර්ලන්තය, රුසියාව, එංගලන්තය, වේල්සය, ස්ලෝවේනියාව, යුක්රේනය, ජර්මනිය, පෝලන්තය, උතුරු අයර්ලන්තය, ස්වීඩනය, ඔස්ටි‍්‍රයාව, පෘතුගාලය, අයිස්ලන්තය, හංගේරියාව, ස්පාඤ්ඤය, චෙකෝස්ලෝවැකියාව, තුර්කිය, ක්‍රෝඒෂියාව, බෙල්ජියම, ඉතාලිය හා අයර්ලන්තය යන රටවල් මෙවර ශූරතාවයට තරග වදී. මේ සඳහා ප‍්‍රංශයේ පාපන්දු ක‍්‍රීඩාංගන 10ක් සූදානම් කර ඇති අතර ලක්ෂ 25ක ජනතාව ක‍්‍රීඩාංගණ තුලදීත් ලක්ෂ 65ක ජනතාවක් එළිමහන් රූපවාහිනී තිරයන් මගින්ද තරග නැරඹීමට පැමිණෙතැයි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.
ප‍්‍රංශ පොලිස් භටයන් 77000ක්ද පුද්ගලික ආරක්ෂක භටයන් 13000ක්ද තරගාවලියට ආරක්ෂාව සපයයි. ඒ සමගම ප‍්‍රංශයේ විශේෂ ප‍්‍රහාරක පොලිස් කණ්ඩායම් දෙක බැගින් සෑම පාපන්දු කන්ඩායමකටම පැය 24 පුරා ආරක්ෂාවට යොදවා ඇත.
මේ දිනවල ප‍්‍රංශයේ පවතින වර්ජන, ගර්ජන, ඟංවතුර ආදි විපත් හා අභියෝග ඉදිරියේ තම රටේ ගෞරවය ආරක්ෂා වන පරිදි යූරෝ කුසලානය පැවැත්වීමට බලාපොරොත්තු වන බව ප‍්‍රංශයේ ක‍්‍රීඩා හා තරුණ කටයුතු ඇමති පැට්රික් කනෙර් පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
518
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
476
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යූරෝ කුසලානයට ප්‍රංශය සැරැසෙයි
ලංකානි Sunday, 12 June 2016 02:54 AM
ප්‍රංශයට කොයි මොහොතේ හෝ ත්‍රස්තවාදී ප්‍රහාරයක් වන බවට අනතුරු අඟවයි. සැමදෙනාම ඉතා විමසිල්ලන් සිටිය යුතු කාලයක් උදාවී ඇත. ජුනි මස අවසානයේ මාස දෙකක පාසැල් නිවාඩු ආරම්භ වෙයි. (නි)
චරිත් සේරසිංහ Sunday, 12 June 2016 07:14 AM
ලංකානි මෙවර පාසල් නිවාඩුව පටන් ගන්නේ ජුලි මාසයේ 15 වෙනිදායින් පසුවයි , එය අගෝස්තු 31 වනදා වනතුරු , මෙවර කලාප 3 නම එකම වර නිවාඩුව (බ)
ආනන්ද දොඩන්ගොඩ Friday, 10 June 2016 05:44 PM
මෑත ඉතිහාසයේ දෙවරක් යුරෝ පාපන්දු කුසලානය දිනු රටක් ප්‍රංශය. මෙවර ප්‍රතිඵල නොයිවසිල්ලෙන් බලා සිටිමි (නි)
සේරම් Saturday, 11 June 2016 10:24 AM
පළමු දිනයේ තරගයෙන් ප්‍රංශය රුමේනියාව පරාජය කළා ගෝල 2ක් ප්‍රංශයට ගෝල 1 ක් රුමේනියාව , කොපමණ දුර යාවිද කියා බලමු (හේ)