යුරෝපයේ විශාලතම ශ්‍රී ලංකා සැණකෙළිය ලෙස හඳුන්වන ලන්ඩන් නුවර ශ්‍රී ලංකා ක්‍රිකට් සැණකෙළිය පසුගියදා ඉතා උත්කර්ෂවත් අන්දමට පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පාසල්හි ආදී ශිෂ්‍ය සංගම්හි මහා බ්‍රිතාන්‍ය ශාඛා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම සුහද තරඟාවලිය 27 වැනි වතාවට පැවැත්විණි. ඊට කණ්ඩායම් 31 ක් සහභාගී වුහ.
ක්‍රිකට් තරග වලට අමතරව ළමයින් සඳහා විශේෂ වැඩසටහන්. ශ්‍රී ලාංකික ආහාර පාන කුළුබඩු පලතුරු සහ එළවළු පොත්පත් ආදිය අලෙවිහල් මෙන්ම ලන්ඩන් නුවර ක්‍රියාත්මක ශ්‍රී ලාංකික වෙළඳ ව්‍යාපාර පිළිබඳ ප්‍රචාරක කුටි ආදිය ද දක්නට ලැබිණි.
ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායම් ද එහි විය. ශ්‍රී ලාංකික වෙළඳසැල් බොහොමයක් පවත්වාගෙන ගියේ විද්‍යාල ආදි ශිෂ්‍ය සංගම් සහ වෙනත් සුභසාධක සංවිධාන විසිනි. එමඟින් උපයන ලද සියලුම මුදල් එම සංවිධාන ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කෙරෙන විවිධ සමාජ සුභසාධක වැඩ කටයුතු සඳහා යොදා ගනිතියි කියති.
ක්‍රිකට් සැණකෙළියෙන් උපයන මුදල් ශ්‍රී ලංකා පිළිකා සංගමය සහ බ්‍රිතාන්‍ය පිළිකා සංගමය මඟින් ක්‍රියාත්මක කෙරෙන වැඩකටයුතු සඳහා ආධාර වශයෙන් පිරිනමන බව සංවිධායකයෝ කියති.
අවසන් තරගය පැවැත් වුණේ රාජකීය විද්‍යාලය සහ ශාන්ත පීතර කණ්ඩායම අතරය. තරගයේ ජය ශාන්ත පීතර කණ්ඩායමට හිමිවිය.
![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/11.jpg)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/21.jpg)
![6[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/62.jpg)
![8[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/82.jpg)
![11[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/112.jpg)
![12[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/121.jpg)
![14[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/141.jpg)
![16[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/161.jpg)
![17[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/1711.jpg)
COMMENTS
මේ උත්සවය ආනන්දයේ ආදී ශිෂ්‍ය චන්දන පෙරේරා මහතාගේ මුලික සංකල්පයක් බව පැවසිය යුතුය.(ම)