IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යුක්රේන ජනාධිපතිවරණයේ විකට නළුවා ඉදිරියෙන්

යුක්රේන ජනාධිපතිවරණයෙන් වැඩි දේශපාලන අත්දැකීමක් නොමැති සහ විකට නළුවකු වන ව්ලොදිමීර් සෙලෙන්සිකි ජයගනු ඇතැයි පැවසේ.

යුක්රේන ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීම අද (31) පැවැත්විණි. දූෂණයට එරෙහිව සටන් කරන බවට ප්‍රතිඥා දී තිබෙන සෙලෙන්ස්කි ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කරනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ.

යුක්රේන ජනතාව ජීවන තත්ත්වය පහත වැටීම, දූෂණය හා වංචාව, ජීවන වියදම වැඩි වීම යන කරුණු හේතුවෙන් කලකිරීමට පත්ව සිටින අතර සාම්ප්‍රදායික දේශපාලනයන් සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කෝපයට පත්ව සිටිති. 

“නව ජීවයක් ආරම්භ වෙනවා. දූෂණ හා වංචා නොමැති යහපත් ජීවිතයක් ආරම්භ වෙනවා” යැයි කීව්හිදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් 41 හැවිරිදි සෙලෙන්ස්කි පැවැසීය.

යුක්රේනයේ නැගෙනහිර කොටසේ සිටින රුසියානු බෙදුම්වාදීන්ට එරෙහිව සටන් වදින යුක්රේන ආර්ථික අර්බුදයකට ද මුහුණ සිටී. සෙලෙන්ස්කි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඔහුට මුහුණ දීමට සිදුවන ප්‍රධානතම අභියෝග දෙක වනු ඇත්තේ රුසියානු බෙදුම්වාදීන් සහ ආර්ථික අර්බුදයයි. 

වත්මන් ජනාධිපති ප්‍රෙටෝ පොරෂෙන්කෝ සහ හිටපු අගමැතිනි යුලියා ටිමෂෙන්කෝ සෙලෙන්ස්කිගේ ප්‍රධානතම ප්‍රතිවාදීහුය. 

අවසන් වරට පැවැති මත විමසුම්වලදී සෙලෙන්ස්කි සියයට 25 ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන තිබූ අතර ජනාධිපති ප්‍රෙටෝ පොරෂෙන්කෝ සහ හිටපු අගමැතිනි යුලියා ටිමෂෙන්කෝට හිමිව තිබුණේ සියයට 15කට ආසන්න ඡන්ද ප්‍රතිශතයකි. 

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ. 

ඡන්ද විමසීමෙන් ඉදිරිපත් ව සිටින අපේක්ෂකයන්ගෙන් කිසිදු අපේක්ෂකයකුට සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වුවහොත් දෙවැනි වටයක් පැවැත්වෙන අතර එය අප්‍රේල් 21 වැනිදා පැවැත්වීමට නියමිතය. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

 

055

 



අදහස් (1)

යුක්රේන ජනාධිපතිවරණයේ විකට නළුවා ඉදිරියෙන්

Sanath Kandy Monday, 01 April 2019 04:03 AM

අපේ රටෙත් ඕකම උනා 2015 දී. එත් මිනිස්සු ඡන්දෙ දුන්නේ හීරෝ කෙනෙක් කියලා හිතාගෙන. බලාගෙන යද්දී කොමඩියන් කෙනෙක්.

:       0       133

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site