IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මා ඕවාදීන්ගේ ප‍්‍රහාරයකින් මධ්‍යම ඉන්දියාවේ 28 දෙනෙක් මරුට

මධ්‍යම ඉන්දියාවේ චාටිස්ගාර් ප‍්‍රාන්තයේදී මා ඕවාදීන් විසින් එල්ල කරන ලද ප‍්‍රහාරයකින් එරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් දෙදෙනකු ඇතුළු 28 දෙනෙක්

තුවාල ලැබූවෙක් රෝහල වෙත රැගෙන යමින්...

ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 32කි. 
මා ඕවාදීන්ගේ ප‍්‍රහාරයෙන් මියගිය අය අතර මධ්‍යම ඉන්දියාවේ චාටිස්ගාර් ප‍්‍රාන්තයේ කොංග‍්‍රස් පක්ෂ ප‍්‍රධානී නන්ද් කුමාර් පටිල්, ඔහුගේ පුතු දිනේෂ් සහ එම ප‍්‍රාන්තයේ හිටපු ස්වදේශ කටයුතු ඇමැතිවරයා වූ මහේන්ද්‍ර කර්මා යන දේශපාලනඥයන් සිටින බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 
සිද්ධියෙන් මියගිය හිටපු ඇමැති මහේන්ද්‍ර කර්මා 2005 වසරේදී මා ඕවාදීන්ගේ කි‍්‍රයා මැඬලීම සඳහා ත‍්‍රස්තවිරෝධී කමිටුවක් පිහිටුවීමට මූලිකත්වය දැරූ පුද්ගලයා ලෙස සැලකේ.
වනාන්තර ප‍්‍රදේශයක සැඟව සිටි මා ඕවාදීන් ඉන්දීය කොංග‍්‍රස් පක්ෂ දේශපාලනඥයන් ගමන්ගත් රථ පෙළක් ඉලක්ක කරගෙන ප‍්‍රහාර එල්ල කළේ බැස්ටර් පළාතේ ජිරාම් නිම්න ප‍්‍රදේශයේදීය. ආරක්ෂක නිලධාරීන් අට දෙනෙක් ද එම ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ. 
මා ඕවාදීහු ඉන්දීය රජයේ බලධාරීන් හා දේශපාලනඥයන් ඉලක්ක කරගෙන නිරතුරු ප‍්‍රහාර එල්ල කරති. බොහෝවිට මෙම ප‍්‍රහාර එල්ල වනුයේ මධ්‍යම හා නැගෙනහිර ඉන්දියාවේ වනගත හා ගම්බද ප‍්‍රදේශවලදීය.
ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග පවසයි. ඉන්දීය හිටපු ෆෙඩරල් කැබිනට් ඇමැතිවරයකු වන විද්‍යා චරන් ශුක්ලා ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා වැඩිදුර ප‍්‍රතිකාර

හිටපු ඇමැති මහේන්ද්‍ර කර්මා

සඳහා ගුවන් මගින් නවදිල්ලි නුවරට රැගෙන ආ බව කොංග‍්‍රස් පක්ෂ උප සභාපති රාහුල් ගාන්ධි පැවැසීය.
කොංග‍්‍රස් පක්ෂ දේශපාලනඥයන් ඉලක්ක කරගෙන එල්ල වූ මෙම ප‍්‍රහාරයෙන් තමා කම්පනයට පත් වූ බව එම පක්ෂ නායිකා සෝනියා ගාන්ධි පැවැසුවාය. ඇය මෙසේ පැවැසුවේ සිද්ධිය සැල වූ සැණින් අගමැති මන්මොහන් සිං මහතා සමඟ හදිසි රැස්වීමක් පැවැත්වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදීය.
ඉන්දියාවට අභ්‍යන්තරික වශයෙන් ඇති එකම තර්ජනය මා ඕවාදීන්ගේ ප‍්‍රචණ්ඩකි‍්‍රයා බව සඳහන් කළ අගමැති මන්මොහන් සිං, ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන් සඳහා අවශ්‍ය සියලූ සෞඛ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ද ප‍්‍රාන්ත බලධාරීන්ට දැන්වීය.
‘‘ඉන්දියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අගයයන්ට මෙවැනි ප‍්‍රහාරයන්ගෙන් එල්ල වන්නේ බලවත් තර්ජනයක්. මෙම ත‍්‍රස්ත කි‍්‍රයාවන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට අප කටයුතු කරනවා.’’ යැයි අගමැති සිං විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඉන්දීය රජය 2009 වසරේදී ‘ඔපරේෂන් ගී‍්‍රන් හන්ට්’ නමින් මා ඕවාදීන්ට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් කි‍්‍රයාත්මක කළද අවසානයේදී එය අසාර්ථක විය. 

 

 



අදහස් (0)

මා ඕවාදීන්ගේ ප‍්‍රහාරයකින් මධ්‍යම ඉන්දියාවේ 28 දෙනෙක් මරුට

ජෝන් Monday, 27 May 2013 10:09 AM

අපේ හතුරාගේ හතුරා අපේ මිතුර වේ.මේවා චිනේ වැඩ. ඔහොම වෙලා මදි.ඉන්දුලංකා ගිවිසුම බලෙන් අත්සන් කලාට,ප්‍රබාකරන් වඩමාරච්චි වල ඉදන් හෙළි කොප්ටරෙන් අරන් ගියාට,පරිප්පු බෙදුවට ඔහොම වෙලා මදි.(අ)

:       0       0

ඇසළ Monday, 27 May 2013 10:52 AM

ද්‍රවිඩනාඩුව තවම පටන් ගත්තේ නැහැ. අර අදිනවා විතරයි. ලගදීම පටන් ගනියි. එදාට තේරෙයි වැඩේ රඟ කොහොමද කියලා. (නි)

:       0       0

සුජාක් Monday, 27 May 2013 05:31 PM

13 වන ව්‍යවස්ථාව ට සංශෝදනය ය මාඕවාදින්ට දෙන්න කියමු. ඉන්දියාවට ඔහොම වෙලා මදි. හැබැයි මාඕවාදින්ව මරන්න එපා. ඒගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්න. එහෙමනේ අපිට කිව්වේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site