පෘථිවිය මත ජීවය මහා විනාශයකට මුහුණ පා ඇතැයි ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල තුනක් මගින් කරන ලද අධ්‍යයනයක දී හෙලිදරව් වී ඇත. මෙහි වැඩිම අවධානයකට පත්ව ඇත්තේ කොඳුඇට පෙළක් සහිත සතුන් හෙවත් පෘෂ්ඨවංශී සතුන්ය.
ඇමෙරිකාවේ ස්ටැන්ෆෝර්ඩ්, ප්‍රින්ස්ටන් සහ බර්කිලේ යන විශ්වවිද්‍යාල මේ අධ්‍යයනය සිදුකරන ලදී. ඔවුන් පෙන්වාදෙන්නේ පෘථිවිය මත ජීවීන් වඳවීයාමේ හයවැනි අවස්ථාව සිදුවෙමින් පවතින බවයි.
මෙලෙස වඳවීමක් සිදුවූ අවසන් අවස්ථාව වසර ලක්ෂ 650ට පෙර සිදුවූ බවත් එකළ මිහිතලයේ සිටි ඩයිනෝසරයන් වඳවී ගිය බවත් විද්‍යාඥයෝ කියති. විශාල උල්කාවක් පෘතිවියේ ගැටීමෙන් ඒ විනාශය සිදුවූ බව නූතන පිළිගැනීමයි.
විද්‍යාඥයන් පවසන්නේ දැන් සිදුවෙමින් පවතින වඳවීම සිදුවුවහොත් යළි ජීවය අද පවතින තත්ත්වයට පත්වීම සඳහා වසර ලක්ෂ 10,000ක් පමණ ගතවනු ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය නම් ඉතුරුවෙයි (නි)
මේකට හොදම විසදුම ඇමරිකාවට ලංකාවෙන් ඉගෙන ගන්න පුළුවන්.(හේ)
මේ විනාසයට මුහුණ දීමේ ක්‍රම වේදය අපේ ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් හඳුනා ගත්තේ මීට වසර 67 කට පෙර අපේ මේ ප්‍රධාන දේශපාලන ප්‍රධාන වලට ඇති දුරදක්නා නුවන නිසා. ජයවෙවා ! ජයවේවා! (ර)
ඇතිවෙන සියලු දේ නැතිවීම, සංස්කාර ධර්මයයි! (නි)
මොකක්ද මේ වාර්තාව. මොකක් හින්දා ද වදවෙන්නේ කියල අපිට තමයි හොයාගන්න වෙන්නේ.(ම)
මේක ඇමරිකන් කතාවක්ම තමයි. වඳ වෙන්නේ කොහොමද කියල නැ. ඒ උනාට නැවත ජීවය ඇති වෙන්න යන කාලය එහෙම ගණනය කරලා තියෙනවා. (ර)
මාව ඉතුරු උනොත් ඇති (නදී)
අපිට නං බය වෙන්න දෙයක් නැහැ. කොඳු අැට පෙළක් තියෙන සත්තුන්ටනේ ඕක බල පාන්නේ. (නදී)
සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය (ම)
අපේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියට කිසි දෙයක් වෙන එකක් නෑ.. (ම)
අපෝ! ලංකාවේ ඒ කට්ටිය නැතිවෙලා කොච්චර කල්ද? (නි)
අපිට නම් මැරුණත් සතුටුවෙන්න පුළුවන්. (නි).
බුදු දහමෙත් මේ ගැන කියලා තියෙන්නේ.(හේ)
එතකොට අපේ රටේ මෙපමණ කාලයක් ජීවත්වුණේ කොඳු ඇට පෙළක් නැති අයද? අනේ එතකොට සේරම ගැඩවිලෝ? දෙවි හාමුදුරුවනේ..???? (නි)
අපිට අවුලක් නෑ, මොකද අපේ ගොඩක් අයට කොදුඇට පෙළ නෑ (බ)
සාමාන්‍ය මිනිස්සු කොහොම වුණත් අපේ පාර්ලිමේන්තුවේ කට්ටියනන් ඉතුරුවෙයි (ම)
ඔය වගේ කිව්වා 2012 ලෝකය විනාශ වෙනවා කියලා. පට්ට බොරු. මිනිස්සු පිස්සෝ කරන බහු බුත කතා. වෙන දෙයක් උනාවේ. හිත,හිත එක එක දේවල් කියනවා. වැඩක් තියෙන්නත් ඕනේ නේද ? (නදී)
ලංකාවෙ නම් පෘෂ්ඨවංශිකයන් වඳවෙලා ඉවරයි. දැන් ඉන්නේ පිට කොන්දක් නැති උදවිය (නි)
මුහුදට හත්ගව්වක් දුර තියනවා කිවුවකතාව අහලා ගණන් ගන්නේ නැතුව ඉන්නයි තියෙන්නේ. (නි)
දර්මය කියන්නේ සොබා දර්මයට සොබා දර්මය අයිති අනිත්‍යයට (නදී)
මේක 2012 ලෝක විනාශය වෙනවා කිව්වා වගේ තවත් කතන්දරයක් (නදී)