IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මුහුදු සිංහයා මිනිහා උඩ විසි කරයි

වැරදීමකින් දැලට හසුවූ මුහුදු සිංහයෙකු නිදහස් කිරීමට ගිය රුසියා ජාතික ධීවරයෝ පිරිසක් අමතක නොවන අත්දැකීමකට මුහුණ දුන්හ.

දැලෙහි සිරවී සිටි සත්ත්වයා අසීරුවෙන් පිටතට ගෙන මුහුදට යන්නට මාර්ගය සළසා දුන්නද කළ වැරැද්දට දඩුවම් දී මිස පිටව නොයන්නට මුහුදු සිංහයා තීරණය කළ බවක් පෙනිණි.

මුහුදු සිංහයා මසුන් මරන්නෙකු ඔසවා විසිකළේ කෝප වූ කුඩා දරුවෙකු බෝනික්කෙකු විසි කරන්නාක් මෙනි.

මසුන් මරන්නා අඩි ගණනක් උඩින් විසිවී ගොස් බිම පතිත විය.

කලබලය අතරේ මැදට පැන්න මසුන් මරන්නන්ට අයත් බල්ලෙක් මුහුදු සිංහයාගෙන් පහර කෑවේය.

එක් මසුන් මරන්නෙක් නැවේ තට්ටුව සේදීමට භාවිතා කරන ජල නළය මුහුදු සිංහයා දෙසට එල්ල කර ජල පහරක් විද්දේය.ජල පහර සමග ලිස්සා ගිය මුහුදු සිංහයා නැව් තට්ටුවෙන් මුහුදට පැන මොහොතක් මසුන් මරන්නන් දෙස තර්ජනාත්මකව බලා සිට පිහිනා ඉවත්ව ගියේය.

තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයක් වන මුහුදු සිංහයා ලොව ජීවත් වන විශාලම ජීවීන් පස් දෙනා අතරට අයත්ය.වැඩුණු පිරිමි මුහුදු සිංහයෙකු කිලෝ 400 ක් පමණ බර වන අතර ගැහැණු මුහුදු සිංහයෙකු කිලෝ 80 - 160 ත් අතර බරකින් යුතුවේ.

ප්‍රජනන සමයේදී පිරිමි මුහුදු සිංහයින් අතිශයින් ප්‍රචණ්ඩ වේ.මසුන් මරන්නන්ට පහර දුන්නේ පිරිමි මුහුදු සිංහයෙකැයි මුලින් මත පළවී තිබුණමුත් එම අවස්ථාවේ පටිගත කෙරී ඇති වීඩියෝවක් නිරීක්ෂණය කර ඇති සත්ත්ව විශේෂඥයින් පවසන්නේ ඒ සිටින්නේ ගැහැණු සතෙකු බවයි

සෑම වසරකදීම මසුන් මරන්නන්ගේ දැල් වලට වැරදීමකින් හසුවීමෙන් මුහුදු සිංහයින් විශාල සංඛ්‍යාවක් මියයන අතර පවත්නා නීති අනුව එසේ මුහුදු සිංහයෙකු දැලට හසුවී මියගියගොත් ඒ පිළිඹද වාර්තා කරන්නන්ට මසුන් මරන්නන් බැඳී සිටී.

1413457811488_wps_43_Pic_shows_An_angry_sea_li 1413457863537_wps_45_Pic_shows_One_moment_of_t 1413457960979_wps_50_Pic_shows_An_angry_sea_li 1413458041834_wps_51_Pic_shows_Fisherman_uses_



අදහස් (0)

මුහුදු සිංහයා මිනිහා උඩ විසි කරයි

කුමාරි Monday, 20 October 2014 10:06 AM

අලුගෝසුවා මිනීමැරුවට පව් සිද්ද සිද්ද වෙන්නෑ මොකද එ්ක එයාගේ රස්සාව (නදී)

:       0       0

Thilina Dilhán Friday, 17 October 2014 12:26 PM

අහිංසක සතුන්ට ඔහොම කරන අයට හොද පාඩම්.(හේ)

:       0       0

අමිල Friday, 17 October 2014 01:04 PM

මොකද තිළිණ පාඩම එයාල හොද වැඩක් නේ කියලා තියෙන්නේ (අ)

:       0       0

දනු Monday, 20 October 2014 04:33 AM

මුහුදු උනත් සිංහයා සිංහයමයි... (ස)

:       0       0

ගුණවර්ධන Friday, 17 October 2014 03:10 PM

මසුන් මරන්නන් තම රැකියාව කරගෙනයන වේලාවකදී වැරදීමකින් සිදු උන සිද්දියක් ගැන තමයි මේ සඳහන් වෙන්නේ. ඒ වගේම මේ සතාව බේරන්න තමයි මේ අය උත්සහ කරලා තියෙන්නේ. ඉතින් අමිල කියනවා වගේ තිලින මොනවා කියනවද කියල මට නම් තේරෙන්නේ නැහැ (නදී)

:       0       0

තිලක් Friday, 17 October 2014 03:37 PM

කව්ද අහිංසක සත්තු....? මාළු ද? ( මසුන් ආහාරයට ගන්නා)මුහුදු සිංහයා ද ? මාළු අල්ලන ධීවරයන්ද? නැත්නම් මාළු කන අපි ද? (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 17 October 2014 03:48 PM

මුහුදු සිංහයා දරුණු හෝ නපුරු සතෙක් නෙවේ. දැලට හසුවීමේ තැති ගැන්ම නිසා බියකින් හැසිරීමෙන්ද , ධීවරයාද ඌට ඇතිවූ බිය නිසාම උඩ පැනෙන්න ඇති. හීලෑ උනා කියන්නේ හරිම සුරතල්. ජපානයේ සයිතමා ප්‍රදේශයට අහම්බෙන් පැමිණි මුහුදු සිංහයෙක් දරුවන් සමග සුරතල් වීමෙන් " තමා චාන් " කියා නම තිබ්බා. නම කියා දරුවන් ඔල්වරසන් දෙනවිට ඔහුගේ සෙල්ලම් දැමීම වැඩිවීමෙන් දහස් ගණන් ජනතාව ඔහු නැරඹීමට පැමිණි අතර ජපන් රූප වාහිනියෙන්ද " චාන්ට " විශාල ප්‍රසිද්ධියක් ලැබුනා. (නදී)

:       0       0

දිදුල Saturday, 18 October 2014 10:01 AM

මසුන් මරණ එක්ත වැරදි වැඩක් තමයි. ඒක ඒ මිනිස්සුන්ගේ රස්සාව කියා කව්වට වැඩක් නැහැ. පව පවම තමයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31332 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13540 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11003 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site