ලොව නම්දරූ මුහුදු කොල්ලකරුවකු වන ස්කොට්ලන්ත ජාතික විලියම් කිඩ් ගේ විනාශ වූ නැවක සැකිල්ලක තිබී රිදී කැබැල්ලක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙය සොයාගෙන ඇත්තේ මැඩගස්කර් කිමිදුම් කණ්ඩායමක් විසිනි. කිලෝ 50ක බරින් යුතු රිදි කැබැල්ල හමුවි ඇත්තේ සෙන්ටිමාරි දිවයිනේ වෙරළ ආසන්නයෙනි.
ගවේෂක කණ්ඩායමේ නායක ඇමෙරිකානු සාගර විද්‍යාඥ බැරි ක්ලිෆර්ඩ් පවසා ඇත්තේ මෙවැනි රිදී පොලු තවත් විශාල සංඛ්‍යාක් නැව් සැකිල්ලේ ඇතැයි සැකකරණ බවයි. පර්යේෂකයෝ මේ රිදී කැබැල්ල මැඩගස්කර් ජනාධිපතිවරයාට ප්‍රධානය කැර තිබේ.
කැප්ටන් කිඩ් මුහුදු කොල්ලකරුවකු බවට පත්වූයේ මුහුද් කොල්ලකරුවන් මැඩලීමට යාමෙනි. බ්‍රිතාන්‍ය විසින් ඔහු මුහුදු කොල්ලකරුවන් මැඩලීමට පත් කළ ද පසුව ඔහු ද මුහුදු කොල්ලයේ යෙදෙන්නට වීම හේතුවෙන් 1701 දී මරණ දඩුවම ලබා දුන් බව සඳහන්ය.
කිඩ්ගේ නැව 1698 දී මැඩගස්කර් ආසන්න මුහුදේ දී විනාශ වූ අතර එහි තිබුණු දෑ අතරින් මෙතෙක් සොයාගෙන ඇත්තේ රිදී කැබැල්ල පමණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd