IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මුහුදෙත් පතල් කනියි

සාගර පතුලේ  ලෝහ නිධි සොයා පතල් කැණීම නුදුරේදීම ආරම්භ වන ලකුණු පෙනේ.

විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන ඇති පරිදි ටොන් ගණනක ලෝහයන් අන්තර්ගත නිධි විශාල සංඛ්‍යාවක් සාගර පතුලේ තිබේ. මේවා කැණීමට බොහෝ රටවල් සිටින්නේ නොඉවසිල්ලෙනි.එහෙත් මේ සොයාගැනීම සිදුකළ විගස කි්‍රයාත්මක වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය කැණීම් කටයුතු රටවල් අතර ඛෙදා දීමේ බලතල හිමිකර ගැනීමට කටයුතු කිරීම නිසා කැණිීම් කටයුතු සිදුකළ යුතු වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධීක්ෂණය යටතේ බවද සදහන්ය.මෙවන් පියවරක් ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කර ඇත්තේ පමණ ඉක්මවා සිදුකෙරෙන කැණිීම් වලින් සාගර පරිසරයට සිදුවිය හැකි හානි වැළැක්වීමටය.

දැන් මුහුදු පතුලේ කැණීීම් සිදුකිරීමට අවශ්‍ය තාක්ෂණයත් උපකරණත් ඇති නිසා 2016 වසර වන විටදී

කැණීම් කටයුතු සදහා බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර සිටී. පළමු අදියරේදී බලපත්‍ර 17 ක් නිකුත් කිරීමට නියමිතය.

කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ම ඉදිරිපත් කර ඇති වාරතාවක දැක්වෙන පරිදි නියමිත ක්‍රමෝපායන් අනුගමනය කරමින් කැනීම් කටයුතු සිදුකළත් සාගර පරිසරයට සිදුවන හානිය සුලූපටු නොවේ. විශේෂයෙන් සාගර පත්ලේ ජීවත් වන සතුන්ගේ පැවැත්මට මේ කැණීම් කටයුතු තර්ජනයක් වනු ඇති බවත් එම වාර්තාවේ සදහන්ය.

එසේ වුවද සාගර පරිසරය සුරැකීමේ වැදගත්කමත් සාගර ජීවීන්ටද ජීවත් වීමේ අයිතියක් ඇති බවත් බොහෝ දෙනාට අමතක වී ඇති ගානය. පරීක්ෂණ වලින් අනාවරණයව ඇති පරිදි සාගර පතුලේ නිධි වල පවතින්නේ යැයි හෙළිව ඇති ටොන් ලක්ෂ ගණන් වල නිකල්, තඹ, මැංගනීස්, කොබෝල්ට් ආදී ලෝහයගෙන් ලබාගත හැකි ලාභ ප්‍රයෝජන හමුවේ එසේ අමතක වීමද එක් අතකට පුදුමයක් නොවේ.

 



අදහස් (0)

මුහුදෙත් පතල් කනියි

ගාමිණී-සිරි Monday, 20 May 2013 03:36 PM

අද කාලයේ දෙමව්පියන්ට ගැහැණු දරුවෙක් දීග දෙන්න විදියක් නැහැ.රත්රන් පවුමක මිල ගණන් ,ශීග්‍රයෙන් ඉහල ගොස් ඇති නිසා.ලෝහ නිධි ගවේෂණය කරන ගමන් මුහුදු පත්ලේ ඇති රත්රන් නිදි ගැනත් සෙවීමට බලපත්‍ර දුන්නා නම් මුළු ලෝකයටම වටිනවා!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site