ඔස්ට්‍රේලියාවෙන් ඉරිදා පෙරවරුවෙන් අවසන් වූ පැය 24 ක කාලයේ දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 14 දෙනකු හඳුනාගත් බව එරට සෞඛ්‍ය බලධාරීහු කියති.
ඒ අනුව එම ගණන මාස තුනකට පසු ඔස්ට්‍රේලියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ අඩුම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන යැයි ද එරට සෞඛ්‍ය අංශ පෙන්වාදෙති.
ඔස්ට්‍රේලියාව තුළ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වූ අතර විශේෂයෙන්ම මෙල්බර්න් නුවර වයිරසය වේගයෙන් පැතිර යන්නට පටන් ගත්තේ ය. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ඇතුළු එරට බලධාරීහු දැඩි ‘ලොක්ඩවුන්’ සීමා පැනවූහ.
සෙනසුරාදා දිනයේදී වයිරස ආසාදිතයන් 21 දෙනකු හඳුනාගත් බව ද එම ගණන ජූනි මස 21 වැනිදායින් පසුව වාර්තා වූ අඩුම වයිරස ආසාදිතයන්ගේ ගණන යැයි ද ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීහු කීහ.
මෙල්බර්න් යනු ඔස්ට්‍රේලියාවේ දෙවැනියට විශාලම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවරයි. වික්ටෝරියා ප්‍රාන්තය මාස ගණනාවක් මුළුල්ලේ දැඩි ‘ලොක්ඩවුන්’ සීමාවලට යටත්ව සිටි.
රොයිටර්
055
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාස තුනකට පසු ඔස්ට්‍රේලියාවේ වයිරස ආසාදිතයන්ගේ ගණන 14ට අඩුවෙයි