දැවැන්ත පිරමීඩ ගොඩනැගූ පුරාණ ඊජිප්තු වැසියන් නිර්මාංශ ආහාර සංස්කෘතියක් අනුගමනය කළ පිරිසක් බව ලියෝන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් තහවුරු කැර ඇත. ඔවුන් පවසන්නේ පැරණි මමී 45ක් කාබන් පරමාණු පිළිබඳ අධ්‍යයනයකින් මේ තොරතුරු ලබාගත් බවයි.
මමි බවට පත්කැර ඇති පුද්ගලයන්ගේ සිරුර සම්බන්ධ කාබන් සමස්ථානික පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ බහුලව ධාන්‍ය ලෙසෙ මෙදේරි, පරිප්පු, බාර්ලි, තිරිඟු, මෙදේරි හා සුදු ලූනු භාවිතා කැර ඇති බවයි. සුළු වශයෙන් මසුන් මරා ආහාරයට ගෙන ඇතැයි ද පර්යේෂකයෝ කියති.
ඔවුන් මේ සඳහා ක්‍රිස්තු පූර්ව 3500ත් ක්‍රිස්තු වර්ෂ 600 ත් අතර විසූ ඊජිප්තුවරුන්ගේ මමී 45ක් අධ්‍යයනයට ලක්කැර ඇත. එයින් පෙනීගොස් ඇත්තේ දීර්ඝ කාලයක් ආහාරයට ගෙන ඇත්තේ බාර්ලි හා තිරිඟු ආහාරයට ගත් බවයි.
පර්යේෂකයන් පවසන්නේ එයට සාක්ෂි පිරමීඩ තුළින්ම හමුවන බවයි. එහි ඇති සිතියන් විශාල ප්‍රමාණයක ගොවිතැන් කරන දසුන් චිත්‍රයට නගා ඇත. ඇතැම් තැන් කිහිපයක දැල් හා කොටු භාවිතයෙන් මාළු අල්ලන ආකාරය ද සටහන් කැර තිබේ.
සිතුවම් අනුව පෙනී යන්නේ ඉඩම්වල වැඩකරමින් තිරිඟු අස්වැන්න නෙලාගෙන එමගින් පාන් වැනි ද්‍රව්‍යයක් සාදා ගන්නා බවයි. එම ආහාරය ඔසිරිස් දෙවියාට පූජා කරන බවට චිත්‍රවල දැක්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊජිප්තු ශිෂ්ටාචාරය තිබුණ කාලේ බුදු දහම තිබුණේ නෑ. (ස)
දැන් සිටින නුතන සිස්ඨාචාරයේ මිනිසුන් මැරෙන්නේ පන අදින ගවයාගේත් ගාතේ කපාගෙන යනවා වගේ. ජාතික වනෝද්‍යානේ අභයදානයට පත් මුවාව මරාගෙන ප්‍රසිද්දියේ රැගෙන යනවා උපන්දින පාටියට උයන්න.(නදී)
හැබැයි ඊජිප්තු ශිෂ්ඨාචාරයේ විනාශයට හේතුව මාංශ ආහාරයට නොගැනීම කියලත් කෙනෙක් තර්කයක් ගෙනෙන්න පුලුවන් නේද? (නි)
ආගම් භේදයකින් තොරව ඉතිහාසය කියවිය යුතුයි.ඉතිහාසය මකන්න කාටවත් බැහැ.ඊජිප්තුවේ බුදුදහම අදටත් තිබෙනවා.ඉතිහාසය නොදන්නා අය ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයා කියන පොත කියවන්න. (නි)
මේ ප්‍රවෘත්තියට ස්තූතියි!
දැන්නම් එයාලට මස් මාංශවලින් තොර වූ ලෝකයක් නැහැ.
ඒ කාලේ ඊජිප්තුවේ මස් මාංශ නොකාපු නිසා එහෙ හිටියේ බෞද්ධයෝ කියලවත් ඒ බෞද්ධයෝ වෙනත් ආගමකට හරවාගත්ත කියලවත් කවුරුත් කියල නැහැනේ(ස)
අද ඔය රටට වෙලා තිබෙන විනාශයට හේතුව තමයි වෛරය,බල තණ්හාව සහ කාමුකත්වයෙන් අන්ධ වූ ජාතියක් සිටීම (නි)
කොච්චර ලස්සනට හිටි ජාතියක්ද දැන් මේ විනාශ වෙලා තියෙන්නේ? (නි)
මක්කම යනු මකුලාරාම පන්සලයි. බුදු පිළිම 4000ක් තිබුණා විශාල පන්සල් 4ක් එහි තිබුණා. මුල්ම රහතන් වහන්සේගේ නම පුණ්‍යා. දැනට අවුරුදු 350 කට විතර මොහොමඩ් නබි තුමා පලස්තීනයේ සිට පැමිණ මෙතන වෙනස් කලා. නමුත් එතුමා බුදු පිලීම කැඩුවේ නැහැ. එතුමාගේ පුත් එබ්‍රහිම් තමයි බුදු පිළිම විනාශ කළේ. කොයි දේ කලත් ලෝක ඉතිහාස විනාස කිරීමට කිසිවෙකුටත් බැරිය. එය නැවත විද්‍යාවේ දියුණුවත් සමග ඉදිරියට එනු ඇත.(නදී)
එහෙනම් මාළු අල්ලන්නේ විනෝදයට වෙන්න ඇති. (ස)
ඊජිප්තුව විනාශ කළේ කවුරුන්ද? (නි)
සිල්වා මිසරයේ රහතුන් වැඩ සිටි පින්බිමක් සිරියාව, තුර්කිය අරාබි රටවල් එකල බෞද්දයන් බවට පත්වෙලා සිටියා බුදුන් වහන්සේ මේ හැම රටකම ගමන් කලා. ඊජිප්තු ශිෂ්ටාචාරය තිබුණ කාලේ බුදු දහම තිබුණේ නෑ. සිල්වා . මෝර්සස් නේද? බුදුන් වහන්සේ ගෙ ඒ කාලේ නම.ඒ කාලේ ඊජිප්තුවේ මස් මාංශ නොකාපු නිසා එහෙ හිටියේ බෞද්ධයෝ කියලවත් ඒ බෞද්ධයෝ වෙනත් ආගමකට හරවාගත්ත කියලවත් කවුරුත් කියල නැහැනේ. සිල්වා . (අ) .
සිල්වා ට මිසරයේ රහතුන් වැඩ සිටි පින්බිමක්. සිරියාව, තුර්කිය අරාබි රටවල් එකල බෞද්ධයන් බවට පත්වෙලා සිටියා. බුදුන් වහන්සේ මේ හැම රටකම ගමන් කළා. ඊජිප්තු ශිෂ්ටාචාරය තිබුණ කාලේ බුදු දහම තිබුණේ නෑ. ඒ කාලේ ඊජිප්තුවේ මස් මාංශ නොකාපු නිසා එහෙ හිටියේ බෞද්ධයෝ කියලවත් ඒ බෞද්ධයෝ වෙනත් ආගමකට හරවාගත්ත කියලවත් කවුරුත් කියල නැහැනේ. (ස) .
සමහර අයට බුද්ධාගම යන වචනය ඇහුණාමත් පුදුම වෙනසක් ඇතිවෙනවා (නි)
මිසරයේ රහතුන් වැඩ සිටි පින්බිමක් සිරියාව, තුර්කිය අරාබි රටවල් එකල බෞද්දයන් බවට පත්වෙලා සිටියා බුදුන් වහන්සේ මේ හැම රටකම ගමන් කලා. (ස)
ඊජිප්තුවේ තවම පන්සල් තියෙනව. බුදුන් වහන්සේ ඊජිප්තුවට විතරක් නෙවෙයි ග්‍රීසියට රෝමයට පවා ගීයා. සෞදියේ මක්කම තියෙන්නෙ ශ්‍රී පතුල. ලෝක ඉතිහාස හොදට හොයල බලල ලියන්න !! (ස)
සිල්වා, ඔය දූපත් මානසිකත්වයෙන් මිදෙන්න. ලෝකයේ කොහේ හෝ නායකයෙක් හෝ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළවූ විට ඒ හැම එකම තමන්ගේ දේ සමඟ සංසන්දනය කර තමන්ගේ දේ උසස් යැයි අඟවන්න එපා (නි)
ඊජිප්තුව එකල බෞද්ධ රටක්. තවම පන්සල් තිබෙනවා. (නි)