ළමා අයිතිවාසිකම් වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ හඬ නැගීමේ වරදට 16 හැවැරිදි පාකිස්තාන ජාතික දැරිය වන මලාලා යූසාෆ්සා තලේබාන් සටන්කාමීන් කළ වෙඩි තැබීමකට ලක්වී අදට (9) වසරකි. එම වෙඩි තැබීමෙන් ඇය බරපතළ තුවාල ලැබුවාය.
|
මලාලා යූසාෆ්සා |
පාකිස්තානයේ ස්වාත් නිම්නයේ දරු දැරියන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් ඇය 2007 වසරේ සිට හඬක් නගා ඇති අතර එම නිසාම ඇය පාකිස්තාන ජනතාවගේ ද ආදරය දිනා ගැනීමට සමත් වූවාය.
පසුගිය වසරේ පාකිස්තාන රජයේ සාම ත්‍යාගයෙන් ද ඇය පිදුම් ලැබුවාය. එම වසරේම ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය වෙනුවෙන් ද ඇගේ නම යෝජනා විය.
ස්වාත් නිම්නයේ දරු දැරියන්ට, විශේෂයෙන් දැරියන්ට අධ්‍යාපනය ලබා ගැනීම ෂරියා නීතිය යටතේ තලේබාන් සංවිධානය තහනම් කර තිබුණි. තලේබාන් සටන්කාමීන් ස්වාත් නිම්නයේ සිය අණසක පැතිරවූයේ 2007 වසරේ සිට 2009 තෙක් කාලයේය. 2009 වසරේ දී ඔවුන් පන්නා දැමීමට පාකිස්තාන රජයේ හමුදා සමත් විය.
පාකිස්තාන ආරක්ෂක අංශ මැදිහත් වී තුවාල ලැබූ මලාලා යූසාෆ්සා ගුවන් මගින් පෙෂවෝර් නුවර සයිඩු ෂරීෆ් හමුදා රෝහලට රැුගෙන ගිය අතර ඉන්පසු බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහයෙන් බි‍්‍රතාන්‍යයට ගෙනෙනු ලැබුණි. ඇයට වැඩි දුර ප‍්‍රතිකාර ලැබුණේ බි‍්‍රතාන්‍යයේදීය.
මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය, සෑම ජූලි 12 වැනිදාම මලාලා දිනය ලෙස ද නම් කර ඇත. මලාලාගේ උපන්දිනය යෙදෙන්නේ එදිනටය.
ඉකුත් ජූලි 12 වැනිදා, ඇගේ 16 වැනි උපන් දිනය දා, මලාලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණි අතර ලෝකයේ රටවල් රැුසකින් එහි රැස්ව සිටි යොවුන් නායකයන් 500 දෙනකු අමතා විශේෂ දේශනයක් ද පැවැත්වූවාය. ලෝකයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි මලාලා එම අවස්ථාවේදී ඉල්ලීමක් ද කළාය.
ලන්ඩන් නුවර බකිංහැම් මාලිගයට පැමිණ, තමන් හමුවන ලෙසටත් පොදු රාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සමුළුවට සහභාගී වන ලෙසටත් දෙවැනි එලිසබත් මහ රැජින පසුගියදා මලාලාට ඇරැයුම් කළාය. ඉන්පසු රැුජින සමඟ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්වල අධ්‍යාපනය තේමා කොටගෙන පැවැත්වෙන විශේෂ සමුළුවකටද සහභාගී වීමට නියමිතය. ලබන 18 වැනිදා පැවැත්වෙන එම සමුළුවට ලොව කීර්තිමත් විද්වතුන් රැසක් මෙන්ම රාජ්‍ය නියෝජිතයෝ ද සහභාගී වෙති. බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් සමාජ මෙහෙවරක නියැළීම ඇගයීමට ලක් කරමින් පසුගිය සති අන්තයේ මලාලාට, රුසියානු මාධ්‍යවේදිනී ඇනා පොලිට්කොව්ස්කායා ගෞරව සම්මානය ද හිමිවිය. ඇනා පොලිට්කොව්ස්කායා යනු සමාජ මෙහෙවරක නියැලී ඒ වෙනුවෙන් දිවි පිදුමාධ්‍යවේදිනියකි.
මේ වසර සඳහා නොබෙල් ත්‍යාග පිරිනැමෙන්නේ කාටදැයි යන්න ලබන 11 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති අතර, නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් මලාලාගේ නම ද යෝජනා වී ඇත. එමෙන්ම ඇයට -ප‍්‍රයිඞ් ඔෆ් බි‍්‍රට්න් ”සම්මානයද හිමිවීමට නියමිතය.එය ලබා දෙනුයේ බි‍්‍රතාන්‍යයේ සුප‍්‍රසිද්ධ පාපන්දු කී‍්‍රඩක ඬේවිඞ් බෙකම් විසිනි.
බි‍්‍රතාන්‍ය මාධ්‍ය වේදිනියක් මලාලා ගැන රචිත කෘතියක් අද දින එළි දැක්වීමට නියමිතය.
දැන් ඇයත් ඇගේ පවුලේ අයත් ජීවත් වන්නේ ද බි‍්‍රතාන්‍යයේය. ඒ බි‍්‍රතාන්‍ය රජයේ ආරක්ෂාව මැදය. ඇය යළි පාකිස්තානයට පැමිණියහොත් මරා දමන බවට තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇත.
(ලන්ඩන්හිදීය - ඒ.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂාහ්! ෂරිය නීතිය කෙතරම් අපූරුද? (දී)
ෂරියා නීතියේ කිසි තැනක කියලා නැහැ අධ්‍යාපනය ලබන්න බැහැ කියලා. කුරානයේ සඳහන් වන්නේ අල්ලාහ්ගේ මැවීම් පිලිබඳ අධ්‍යනය කරන්න කියලා. එමනිසා ෂරියා නීතියේ නැති බොරු කාරණා ලියන්න එපා. මේ ළමයට වෙඩි තියලා තියෙන්නේ ෂරියාව නොදත් ත්‍රස්තවාදීන්. ෂරියා නීතිය දන්නා අය ත්‍රස්ත වැඩ කරන්නේ නැත. ඔබතුමා කියන්නේ ලෝකයේ ෂරියා නීතීය පිළිපදිනා එකම රට සවුදි අරාබිය, ඔවුන් ත්‍රස්තවාදීන්ද?(දිල්)
තලේබාන් සටන්කාමීන් ඇතුළු සියලු අන්තවාදී මුස්ලිම් සංවිධාන විනාශ වේවා ! (අ)
අසරණ දැරියකගේ ඉරණම... (නි)
තලේබාන්වරුන්ගේ ම්ලේච්ච කටයුතු නිසා මලාලාට හොඳ ඉරණමක් අත්වුණා. ඇය සහ පවුලේ සියල්ලන් එංගලන්තයේ පුර්ණ ආරක්ෂාව ඇතුව හොඳින් අධ්‍යාපනය ලබනවා (නි)