ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙළඳ මධ්‍යස්ථානයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පස් දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.


ගුවන් යානයේ ගමන්ගත් සියලු දෙනා මියයන්නට ඇතැයි ද  අනතුර සිදු වූ අවස්ථාවේ වෙළඳ මධ්‍යස්ථානය වසා තිබීම නිසා එහි කිසිවකුටත් හානි සිදුව නැතැයි ද වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීහු පවසති.


වික්ටෝරියා පොලිසිය පවසන්නේ යාන්ත්‍රික දෝශයක් නිසා යානය කඩාවැටී ඇති බවයි.