හමුදා කුමන්ත‍්‍රණයක් මගින් තමා බලයෙන් නෙරපා දැම්මේ යැයි මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් කරන චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට අධිකරණයක් සූදානම් වන බව එරට නව රජය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව නිවේදනය කළේ රජයේ මාධ්‍ය ප‍්‍රකාශක මසූඞ් ඉමාඞ්ය. කෙසේ නමුත් එම නඩු විභාගය පැවත්වෙන්නේ කවදාදැයි නිශ්චිත දිනයක් ප‍්‍රකාශයට පත් කර නැත. හිටපු ජනපතිවරයා එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට වත්මන් රජයට සිදුවූයේ ඉකුත් සති අන්තයේ නෂීඞ්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ ආධාරකරුවන් සහ පොලිසිය අතර යළිත් වරක් ගැටුම් හට ගැනීමත් සමඟය. එහිදී විරෝධතා පෙළපාළි ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ ආධාරකරුවෝ 55 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන් එහෙම කියන්න එපා.. අපේ ගොඩක් අය මාලදිවයිනෙ රැකියා කරනවා..
ඉක්මණට ඡන්දය තිබ්බොත් හැම ප්‍රශ්නයක්ස විසදේවි.
එයාලට එයාලගේ ප්‍රශ්න විසඳගන්න දීලා අපේ රට ඕකට මැදිහත් නොවී ඉන්නවනම් තමයි හොඳ.......