වසර 13ක සිර දඬුවමකට ලක්ව සිටන මාලදිවයින් හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් පිටකොන්දේ ඇති වූ ආබාධයකට ශල්‍යකර්මයක් සිදු කිරිමට බ්‍රිත්‍යාන්‍යය බලා යෑමට අවසර ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පිටකොන්දේ ඇති වූ ආබාධයකට ශල්‍ය කර්මයක් සිදු කිරීමට බි‍්‍රතාන්‍ය බලා යෑමට අවසර ලබා දීමේදී කොන්දේසියක් පැනවීමට අධිකරණය තීරණය කර ඇත.
ඔහුගේ ඥාතිටකු නිවාස අඩස්සියේ තැබීමෙන් පසු හිටපු ජනපතිට ප්‍රතිකාර සඳහා යෑමට නියෝග කර තිබේ.
හිටපු ජනපති එරටට නැවත පැමිනෙන තුරු ඔහු නිවාස අඩස්සියේ රදවා තබනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
දින 30ක් ඇතුළත හිටපු ජනපතිවරයා නැවත නොපැමිණිය හොත් අදාළ ඥාතියාට අපරාධ චෝදනා ගොනු කෙරෙනු ඇත.
කෙසේ වෙතත් මෙය ආසාධරණ යැයි ද පිළිගත නොහැකි තත්ත්වයක් බව නෂීඞ් පාර්ශවය අවධාරණය කරයි.
ත‍්‍රස්තවාදී චෝදනා යටතේ ඔහුට වසර 13ක සිර දඬුවමක් නියම විය. පාලන කාලය තුළ දී විනිසුරුවරයකු අත් අඩංගුවට ගැනීම ඔහුට එල්ල වී ඇති ප‍්‍රධාන චෝදනාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකත් එකටම අපේ ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඔය වැඩේට උපදෙස් ගන්න ඇති. මොකද එයාලට හොඳ පළපුරුද්දක් තිබෙනවා වැරදිකාරයා අල්ලගන්න බැරිවුණාම ගෙදර ඉන්න කෙනෙක් හරි අහළ පහළ එකෙක් හරි අල්ලලා කූඩුවට දාන්න. මෙතැනදී ඒකම ටිකක් වෙනස් කරලා ක්‍රියාත්මක කරලා තියෙන්නේ (නි)