හමුදා කුමන්ත‍්‍රණයකින් ජනපති ධුරය අහිමි වූ මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ ආධාරකරුවන් පෙරේදා (14) එරට මාලේ අගනුවර පැවැත් වූ විරෝධතා රැලියකට පොලිසිය හරස් වූ අවස්ථාවේ දෙපිරිස අතර දරුණු ගැටුමක් හට ගත් අතර විරෝධතාකරුවෝ 55 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. පොලිසිය එල්ල කළ බැටන් ප‍්‍රහාරවලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ සාමාජිකයෝ නව දෙනෙක් තුවාල ලැබූහ. පොලිසිය එල්ල කළ එම ප‍්‍රහාරයෙන් ප‍්‍රකෝප වූ විරෝධතාකරුවන් පොලිස් යතුරු පැදි කිහිපයකට ගිනි තැබූ බවත් මාලේ අගනුවර කඩසාප්පුවලට පහර දුන් බවත් වාර්තා වේ. කලහකාරීව හැසිරුණු පිරිස් විසුරුවා හැරීමට කඳුළු ගෑස් භාවිතා කිරීමට ද පොලිසියට සිදුවිය. හිටපු ජනපති නෂීඞ්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය විරෝධතා රැලිය පැවැත්වූයේ හමුදා කුමන්ත‍්‍රණයක් මගින් නෂීඞ් බලයෙන් නෙරපා දැමුවේ යැයි වත්මන් රජයට චෝදනා කරමින්ය. විරෝධතා රැලියට 500 කට වැඩි පිරිසක් පැමිණ සිටි බව ද වාර්තා වේ. මොහොමඞ් නෂීඞ්ට ජනපති ධුරයෙන් ඉවත් වීමට සිදුවූයේ ඉකුත් පෙබරවාරි මාසයේදීය. ඒ, පොලිසිය සහ හමුදාව එක් වී ගිනි අවි පෙන්වා තර්ජනය කොට ඔහුට ධුරයෙන් ඉවත් වන්නැයි බල කළ අවස්ථාවේදී යැයි නෂීඞ් සහ ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය චෝදනා කරයි. ඉන්පසු දින කිහිපයක් පුරා මාලදිවයිනේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිළී ගියේය. නෂීඞ් ජනපති ධුරයට සමු දුන්නේ එම අවස්ථාවේ අගමැතිව සිටි වහීඞ් හසන්ට බලය පවරා දෙමිනි. බලය පවරා දී පැය කීපයක් යද්දී වහීඞ් හසන් මාලදිවයිනේ නව ජනපති ලෙස දිවුරුම් දුන්නේය. එවිට නෂීඞ් චෝදනා කළේ සිදුවූ හමුදා කුමන්ත‍්‍රණයට හසන් ද සම්බන්ධ වූ බවටය. මාලදිවයින් දුපත් රාජ්‍යයේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවූයේදැයි සෙවීමට ජාත්‍යන්තර මට්ටමින් විශේෂ පරීක්ෂණ ද ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිත පිරිසක් ද මාලදිවයිනට පැමිණ පරීක්ෂණ සිදු කළහ.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
550
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාලදිවයිනේ හිටපු ජනපති නෂීඞ්ගේ ආධාරකරුවෝ පොලිසිය සමඟ ගැටෙති
aaa Monday, 16 July 2012 11:08 AM
මාල දිවයිනට සාමය අවශ්‍යයි