ඉන්දියාවේ මුම්බායිහි සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්වෙන අවස්ථාවේදී වේදිකාව ගිනි ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි. අමිතාබ් බච්චන්, අමීර් ඛාන් ඇතුළු ප්‍රවීන නළු නිළියන් රැසකගේද දේශපාලනඥයන්ගේද සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වී ඇත. අමිතාබ් බච්චන් වේදිකාවෙන් බැස ගොස් සුළු මොහොතකින් ගින්න හටගෙන ඇති බවත් එම අවස්ථාවේදීද වේදිකාව මත රංගනයක් පැවති බවත් වාර්ථා විය.
ගිනි නිවන රථ 14ක් යොදවා ගින්න මැඩ පැවැත්වූ බවත් වහාම ශිල්පීන් ආරක්ෂිත ස්ථාන කරා යැවූ බවත් ඉන්දීය පොළීසිය පවසයි. ජීවිත හානි කිසිවක් වාර්ථා වී නැත.
සතියක් පුරා මුම්බායි නගරයේ පැවැත්වෙන ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ “ඉන්දියාව ගොඩනගමු“ ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස මෙම ප්‍රසංගය සංවිධානය කර තිබුණු බව මාධ්‍ය වාර්ථා කර ඇත. දෙස් විදෙස් සමාගම් හා විදෙස් නියෝජිතයන් රැසක්ද මෙම ව්‍යාපෘතියට සහභාගි වේ.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව ඉන්දීය බලධාරීන් පවසයි.
2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුම්බායිහි ප්‍රසංග වේදිකාවක් ගිනි ගනී