IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මිනිසෙක් එළුදෙන සමග යුග දිවියට

සිය සුරතල් එළිච්චිය හා විවාහ වීමට සැරසෙන පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.

දෙපා මනාලයාගේ නම ඇපරෙසිඩෝ කස්ටල්ඩෝය.සිව්පා මනාලිය කාර්මෙලාය.

කස්ල්ඩෝ 74 වියැතිය.තමාට සිය සුරතල් එළිච්චිය ගැන සිතක් පහළ වූයේ මිීට වසර 2 කට පෙර බව ඔහු කියයි.තම දරුවන් සත් දෙනාට කාර්මෙලා හොද අම්මා කෙනෙකු වනු ඇතැයිද ඔහු විශ්වාස කරයි.

කස්ටල්ඩෝගේ විවාහයට දැඩි විරෝධයක් එල්ල කරමින් සිටින්නේ බ්‍රසීලයේ ක්‍රියාත්මක සතුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන නියෝජිතයෝය. කස්ටල්ඩෝ තම සුරතලාගෙන් අයුතු ලෙස ප්‍රයෝජනගැනීමට යන්නේ යැයිද මෙම ක්‍රියාව කිසිසේත් සදාචාර සම්පන්න නොවන්නේ යැයිද එම සංවිධාන චෝදනා කරයි.

මෙම චෝදනා බැහැර කරන කස්ටල්ඩෝ සිය සුරතල් එළිච්චිය මනුස්ස බිරිදකට වඩා ආදරයෙන් තමන් ළඟ සිටිනු ඇති බවට විශ්වාසයෙන් සිටී.

‘මේක ගැන ප්‍රශ්න කරන අයට මට කියන්න තියෙන්නේ මෙච්චරයි.කාර්මෙලා මිනිස් ගැහැණු වගේ අරක මේක ඉල්ලලා කරදර කරන්නයි,,රණ්ඩු කරන්නයි,අඩන්නයි එන්නේ නැහැ.ඇය දන්නේ මට අවංකව ආදරය කරන්න විතරයි.මටත් එච්චරයි ඕනේ.අනෙක් අයට මේක කොහොම පෙනුනත් මට වැඩක් නැහැ‘ කස්ටල්ඩෝ කියයි.

මහනුවර අස්ගිරියේදී පසුගියදා පොලිස් සුනඛයන් අතර විවාහයක් සිදු විය.



අදහස් (0)

මිනිසෙක් එළුදෙන සමග යුග දිවියට

චමත් Sunday, 08 September 2013 01:05 PM

මේ මිනිහ මානසික රෝගියෙක්. (දී)

:       0       0

උපාලි Sunday, 08 September 2013 01:14 PM

ඒබ්‍රහම මැස්ලෝ නම් කීර්තිමත් සමාජ ව්ද්යඥයා කිව්වා මනුෂ්‍යයින්ට අවශ්‍යතා ස්ථර 5 ක් තියෙනවා කියල. උඩින්ම තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ වෙන අන්දමේ තත්වයකට පත්වීමේ උවමනාවයි. මේ මිනිහටත් ඒක තමයි ඇත්තේ. මොන ක්‍රමයකින් හරි ලෝක ප්‍රසිද්ධ වෙන්න. ඔය ඕනෑකම තදින්ම ඇතිවුනාම නොකරන දෙයක් නැහැ. . (දී)

:       0       0

සංජය Sunday, 08 September 2013 01:16 PM

මම නම් ඔය වැඩේට අකමැතියි (දී)

:       0       0

ශානි Sunday, 08 September 2013 01:14 PM

දිසනයක ,මහනුවර කසාද බැන්දේ බල්ලෝ බල්ලෝ මිසක් මිනිස්සු බල්ලන්ව නොවේ . (දී)

:       0       0

ලන්කාසිරි Sunday, 08 September 2013 01:23 PM

කර්මෙලගේ කරුමේ. (දී)

:       0       0

සේනාරත්න Sunday, 08 September 2013 08:38 PM

සිංහල ජාතිය පැවත එන්නේ සිංහ ගෝත්‍රික මිනිසුන්ගෙන් බව මම කියවා ඇත්තෙමි. ඔවුන් උතුරු ඉන්දියාවේ කාලිංග දේශයට (වර්තමාන ගුජරාටය) අයත් විය. සැබෑ සිංහයෙකුගෙන් එය සිදුවිය නොහැකිය. ඔවුනට සිංහ නම දී ඇත්තේ සටන්කාමී මිනිස් කොටසක් වූ නිසා බව කියවේ. වැඩි විස්තර මහා වංශයෙහි සඳහන්ව ඇත. (නදී)

:       0       0

ඉෂාන් Sunday, 08 September 2013 01:28 PM

මහනුවර සිද්ධ වුනේ සුනඛ ජෝඩුවක් අතර විවාහයක්. මෙතන සිද්ධ වෙන්නේ එලිච්චියක් හා මනුස්සයෙක් අතර. වෙනස පැහැදිලියි නේ? අනිත් එක මේ මනුස්සයා කියනවා අවුරුදු දෙකකට කලින් හිතක් පහල උනා කියල. එහෙනම් මේ සිද්ධිය මහනුවර සුනඛ විවාහයට කොහෙත්ම සම්බන්ධ කරන්න බැහැ. (දී)

:       0       0

දර්ශන Sunday, 08 September 2013 08:37 PM

අනේ මේක ලෝකෙට පෙන්න කරන්න ඕනෙද?  සද්ද නැතිව කරගත්තා නම් ඉවරනේ.(නදී)

:       0       0

රණතුංග Sunday, 08 September 2013 01:44 PM

ඉතින් කියනවා සිංහබාහු කතාව බොරු කියලා (දී)

:       0       0

උත්තරා බණ්ඩාර Sunday, 08 September 2013 01:49 PM

එළුවන් සමග බොහෝ විට ලිංගික සම්බන්දතා පවත්වන රටවල් ලෝකයේ තිබෙනවා . කාන්තාර සහිත මෙදපෙරදිග රටවල් සහ සුඩානය වගේ අප්‍රිකානු රටවල මෙය සාමාන්‍ය සිද්දියකි . එම රටවලින් පැමිණි බොහෝ දෙනෙකු මට පවසා තිබේ . ඉතින් මේ දෙයත් ඒ වගේ සාමන්‍ය දෙයක් වෙන්ට පුළුවන් . අවම වියදම විශ්වාසය සහිත කසාදයක් (දී)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Sunday, 08 September 2013 02:37 PM

60 පැන්නත් බිමින් ගමන් නැහැ වගේ (දී)

:       0       0

තිලින බණ්ඩාර Sunday, 08 September 2013 02:50 PM

මහනුවර සිද්දිය මේකට සමාන නැ. එනිසා එම පාටය ඉවත්කරන්න. (දී)

:       0       0

කුමාර්. Sunday, 08 September 2013 02:59 PM

මේ අවසාන කාලයේ ලකුණු පෙන්නුම් කිරීමක්, "පිරිමි පිරිමි", "ගැහැණු ගැහැණු", "මිනිස්සු හා සත්තු", විවාහ ගැන බයිබලයේ කියා තිබෙනවා, අවසාන කාලයේ මෙවැනි පාප බොහෝ සිදුවීමට පටන් ගන්නවා. එවිට විනිශ්ශ්චය පැමිණෙනවා! නෝවාගේ කාලයේ ගංවතුරෙන් ලොව විනාශ උණා, ඊළඟට සෝදම හා ගොමාරාව අලුඋනා, දැන් එන්නේ අවසාන ව්නිශ්චය. (දී)

:       0       0

සුජීව Sunday, 08 September 2013 03:08 PM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

සෙනරත් Sunday, 08 September 2013 10:49 PM

මේ පුද්ගලයා ගැන අනුකම්පා කළ යුතුය. විවාහ වීමට අවශ්‍යතාවය තිබුනත් මුදල් නොමැතිකම නිසා කාන්තාවක් සොයා ගැනීමට නොහැකිව ඇති. නමුත් බුදු දහම අනුව, ඊ ළඟ භවයට පටිසන්ධිය ඇති වන්නේ තමා වඩාත්ම ඇලුම් කරන තැනකටය. එනිසා මොහු මිය ගිය විටක මෙම එළු දෙනගේම පැටියෙක් වී ඉපදීමට ද ඉඩ ඇත. (නි)

:       0       0

පිටිගල Sunday, 08 September 2013 11:14 PM

එළු විවාහ , බලු විවාහ,""විනාස කාලෙන විපරීත බුද්දීහ් "" කිව්වලු.(නදී)

:       0       0

නිහාල් Sunday, 08 September 2013 03:29 PM

මම අහල තියෙනවා බෝපත්තලාව ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වෙන ගව පට්ටියේ 1970 ගණන් වල වගේ හරක් බලා ගත්ත ඇඟ පුර හොරි හැදුන මනුෂ්‍යයෙක් එළදෙනක් එක්ක යාලු වෙලා හිටියලු. එලදෙනත් මිනිහට හරිම ආදරෙලු. හොරි ටික ලෙව කනවලු. මේ සිද්දිය දැකපු කෙනෙක් මට කිවේ. මම 1990 දී ෆාර්ම් එකේ පුද්ගලික ආයතනයක වැඩ කලා.(නදී)

:       0       0

චන්දි Monday, 09 September 2013 12:34 AM

රූපවති අක්කේ, මමත් තදින් විරුද්ධයි. ඒත් අපියි කියලා මොනවා කරන්නද නේද..? (නි)

:       0       0

සිසිර Monday, 09 September 2013 12:37 AM

අද විවාහ වේවි. හෙට එලිච්චි බෑ බෑ කියපු ගමන් අනිද්දා දික්කසාද වේවි. (නි)

:       0       0

රත්නමාලී. Monday, 09 September 2013 01:28 AM

බන්දුල පෙරේරාගේ ප්‍රතාචාර අනුව මට හිතෙන්නේ එයාටත් මෙබදු සිව්පා ඥාති සබදතාවක් ඇති බවයි.(නදී)

:       0       0

රත්නමාලී. Monday, 09 September 2013 01:28 AM

බන්දුල පෙරේරාගේ ක්‍රියාකලාපය අනුව මට හිතෙන්නේ එයාටත් මෙබදු සිව්පා ඥාති සබදතාවක් ඇති බවයි. (නි)

:       0       0

ජයසිරි Monday, 09 September 2013 02:10 AM

මේක මහනුවර සිද්ධියට සමාන කළේ ඇයි? (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරබිය Sunday, 08 September 2013 04:24 PM

සමහර මනුසයන්ට හිතා ගන්නත් බැරි මානසික ලෙඩ තියනවා.මේකත් ඒ වගේ මානසික රෝගයක් මන් හිතන්නේ. (දී)

:       0       0

රුපවති Sunday, 08 September 2013 04:50 PM

ශානි ...? දිසානායකට ලැට්වතුර පෙවිල හින්ද ..ඉස්පිරිතාලෙන් දීපු බෙහෙත්වට ..නිකම් දෙගුනේ වගේලු ,ගණන් ගන්න එපා ..යන්න දෙන්න . (දී)

:       0       0

හේරත් Monday, 09 September 2013 06:48 AM

කොල්ලට නුලක්වත් දාන්න මතුරලා. බෑ දෙයියනේ! නුල් පන්දු කීපයක් මතුරලා දාන්න වෙන හැඩයි නේද නැන්දේ? (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Monday, 09 September 2013 07:13 AM

මෙතන අදහස් දාපු හැමදෙනාම විවාහය කියන්නේ ලිංගික සම්බන්ධතාවයක් කියන මතයේම ඉන්න අය. නමුත් ඒ පුද්ගලයා විවාහය ලෙස හඳුන්වලා තියෙන්නේ ආදරය හා කරුණාව විතරයි. (නි)

:       0       0

බණ්ඩාර Monday, 09 September 2013 08:09 AM

වරුණ, ඔයත් එළදෙනෙක් බැඳගත්තා නම් නියමෙට ගැළපෙනවා! (නි)

:       0       0

රංජි Sunday, 08 September 2013 05:51 PM

මේවා මොනවද? මේ බලන්න ඉංදියාවෙ බල්ලොත් එක්ක මගුල් යූ ටියුබයෙන් හම්බ වේවි.(නදී)

:       0       0

සේනාරත්න Sunday, 08 September 2013 06:11 PM

රුපවති මහත්මියනි, දිසානායක මහත්මයා කියන දෙය ඇත්ත නොවේද? එකම වර්ගයේ සතුන් දෙදෙනෙකු එක් කිරීම ලෝකය පටන්ගත් දින සිට පවතින දෙයක්. මිනිසෙකු සහ තිරිසනෙකු එක් වීම එයට සමාන වෙන්නේ කොහොමද? මේ සිද්ධීන් දෙක සමාන ලෙස පෙනෙන අයට නම් ලැට් වතුර පෙවුනාද නොදනිමි. (නදී)

:       0       0

සේනාරත්න Sunday, 08 September 2013 06:21 PM

සමාවෙන්න. මම අනුමත කරන්නේ දිසානායක ගේ අදහස නොව, තිලින බණ්ඩාරගේ අදහසයි.(නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 09 September 2013 09:55 AM

මහනුවර පොලිස් සුනඛ මගුලට මේකත් බලෙන් පටලවන්ට හදනවා වගෙයි.(නදී)

:       0       0

සමන් Sunday, 08 September 2013 06:52 PM

ඕකා අං තට්ටුවෙන් ඇන්නා නම් ඔය ලෙඩේ හොද වෙනවා (නි)

:       0       0

රනා Monday, 09 September 2013 10:44 AM

මනමාලයට හට පැනල. එලිච්ච්යක් නැතිව කන්‍යාවක් බැදලා වැඩක් වෙන එකක් නැහැ (දී)

:       0       0

රන්ජනී Sunday, 08 September 2013 11:18 AM

සතුනට ආදරය කරන්න පුලුවන්නම් මොකද කසාද බඳින්න බැරි. මේක පුදුම ලෝකයක් නේ වැඩිපුර දරුවෝ හදන්න කිසි කරදරයක් නැහැ අනිත් මිනිසුන්ට මේ ගොල්ලන්ගෙන්.(නදී)

:       0       0

රූපවතී Sunday, 08 September 2013 07:27 PM

සේනාරත්න මහත්මයා, මහනුවර සිදු උනේ පොලිස් නිල සුනඛ විවාහයක්. එත් මම නම් එක එතරම් චරිත ඝාතනයක් වත් ,සදාචාර පැවැත්මට කැළලක්වත් කියල දකින් නැහැ. නිල සුනඛයටත් උගේ නිල ඇදුමට ආචාර කරනවා. උගේ වීර ක්‍රියාවන්ට ආචාර සමචාරයන් පවත්වනවා. අපේ රටේ සුනඛයන්ටත් වඩා වැඩ කරන අයට ඒවා දිරවන් නැහැ. කෙසේ වෙතත් මම නම් තිරිසනුන් සහ උතුම් කියා ගත් මිනිසුන් අතර විවාහ අනුමත නොකරමි.(නදී)

:       0       0

දිසානායක Sunday, 08 September 2013 11:36 AM

ශ්‍රී ලංකා පොලිසිය දුන් ආදර්ශය ලොවටම ව්‍යාප්ත වූ වගයි.(නදී)

:       0       0

අසෝක Sunday, 08 September 2013 07:30 PM

සිංහල ජාතිය පැවත එන්නෙත් සිංහයෙකුගෙන් නේද?(නදී)

:       0       0

මාටින් Sunday, 08 September 2013 11:47 AM

රන්ජනී අපේ ගෙදර අලියෙක් ඉන්නවා, බදින්න කැමතිනම් (දී)

:       0       0

රුවන් Sunday, 08 September 2013 11:56 AM

සතුනට ආදරය,කරුණාව තිබීම ඉතා හොඳදෙයක් නමුත් එම ආදරය හිංසනයකට ලක්කිරීම වැරදිදෙයක් ...මටනම් පේන්නෙ මේ මනුස්සයට මානසික අසහනයක් තිබෙනවා. (දී)

:       0       0

රුවන් Sunday, 08 September 2013 11:49 AM

සතුනට ආදරය,කරුණාව තිබීම ඉතා හොඳදෙයක් නමුත් එම ආදරය හිංසනයකට ලක්කිරීම වැරදිදෙයක් ...මටනම් පේන්නෙ මේ මනුස්සයට මානසික අසහනයක් තිබෙනවා. (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 08 September 2013 07:42 PM

රූපා අක්කේ දිසා අයියා නින්දෙන් කියවනවා හිටපු ගමන්. ඒකට බෙහෙත් ගත්තා.ඒ ගත්ත බෙහෙත් වලින් තිබුන ලෙඩේ වැඩි වෙලා වගේ.හිටපු ගුරත් වලේ වැටුනානේ. කොල්ලට නුලක්වත් දාන්න මතුරලා. ලෙඩේ හොදටම වැඩියි.(නදී)

:       0       0

ක්‍රිෂාන් Sunday, 08 September 2013 12:19 PM

කොහොමත් ගෑනු කියලා කසාද බදින සමහර ගෑනු සත්තු වගේ තමයි.(නදී)

:       0       0

දුම්මලසූරිය.. Monday, 09 September 2013 11:41 AM

ඒ මහලු මිනිසාගේ පළමු කසදයත් එලිච්චියක්ද කොහෙද? නැත්නම් මිනිහ කියාවිය මගේ දරුවන්ටත් මේ එලිච්චි හොද අම්ම කෙනෙක් වෙන බව විශ්වාසයි කියල.... අනේ මන්ද කලියුග කාලේ...... (දී)

:       0       0

රිෂාර්ඩ් Sunday, 08 September 2013 12:38 PM

වීරට කියපු කෙලි පොඩ්ඩ .දැක්කනේද වීර ගිහින් ඉවරවෙන්නේ කොහෙන්ද කියල

:       0       0

සේනාරත්න Sunday, 08 September 2013 08:16 PM

රුපවති මහත්මියනි, මෙම දැන්වීම දැකල මගේ මොළයත් අවුල් උනාද කොහෙද. ඔබතුමියගේත් තිලිණ බණ්ඩාර මහත්මයගේත් අදහස් නිවැරදිය. මට මුලින් වැරදීමක් සිදු වී ඔබගේ නම සඳහන් කල බව කරුණාවෙන් සලකන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13283 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site