IMG-LOGO

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා


මන්මෝහන් සිංගේ ඇමැති මාරුව ඉන්දීය ආර්ථිකයට වාසි ගෙනෙයිද?

කලක සිට ඉන්දියානු දේශපාලනයේ කතා බහට ලක්වෙමින් තිබූ ඇමැති මණ්ඩල සංශෝධනය අගමැති ආචාර්ය මන්මෝහන් සිං පසුගිය සතියේදී ප‍්‍රකාශයට පත් කළේය. 2014 දී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට පෙර සිදු කෙරෙන අවසාන ඇමැති මණ්ඩල සංශෝධනය ලෙස හැඳින්වෙන මෙම ඇමැති මණ්ඩලය දැනට ඉන්දියානු ආර්ථිකය මෙන්ම එක්සත් ප‍්‍රගතිශීලි සන්ධාන රජය මුහුණදී ඇති අර්බුදකාරී තත්ත්වය ජය ගෙන නැවත වරක් ජන වරමක් ලබා ගැනීමට ජවයක් ලබා දෙනු ඇතැයි කොංග‍්‍රස් පාක්ෂිකයින් බලාපොරොත්තු රඳවා ගෙන ඇති බව පැහැදිලිය. දිනපතාම පාහේ අලූත්වන දූෂණ හා වංචා චෝදනා යටපත් කළ හැකි වන්නේ ආර්ථිකයේ නව පිබිදීමක් ඇති කළ හැකි දේශපාලන වැඩ පිළිවෙළක් තුළින් නිසා මෙම ඇමැති මණ්ඩල සංශෝධනය 2014 පැවැත්වෙන මහා මැතිවරණයට වන පෙර සූදානමක් මෙන්ම අගමැති මන්මෝහන් සිං ක‍්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමේ පෙර වදනක්ද විය හැක. හිටපු ඇමැතිවරුන් හා සසඳන විට සාපේක්ෂ වශයෙන් මැදිවියේ පසුවන නායකයින් ගණනාවක් ඇතුළු කර ගැනීමෙන් හා ඇමැති තනතුරු සංඛ්‍යාව 67 සිට 78 දක්වා වැඩි කිරීමෙන් අපේක්ෂා කරනුයේ දේශපාලන නියෝජනය පුළුල් කිරීම බව පැහැදිලිය. අනෙක් අතට මෙම අමාත්‍ය මණ්ඩලය සම්පූර්ණයෙන්ම පාහේ කොංග‍්‍රස් පාක්ෂිකයන්ගෙන් සමන්විත වීමද වැදගත්ය. අගමැති මන්මෝහන් සිංට ඇමැති මණ්ඩල සංශෝධනය කිරීමට තුඩු දුන් අනෙක් සාධකය වූයේ බටහිර බෙංගාලයේ මහ ඇමැතිනි මමතා බැනර්ජිගේ නායකත්වයෙන් යුත් තෘණ මුල් කොංග‍්‍රසය සභාග රජයෙන් ඉවත් වීමය. සන්ධාන රජය තුළ සිටිමින් එහි සමහර ප‍්‍රතිපත්ති පිළිබඳව ගැටුම්කාරී පිළිවෙතක් අනුගමනය කළ තෘණ මුල් කොංග‍්‍රසයය. ඒ තුළ රඳවා ගැනීම එක්සත් ප‍්‍රගතිශීලී සන්ධාන රජයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වුවද අගමැති මන්මෝහන් සිං හැම විටම ඊට හිස නැමීමට සූදානම් වූයේ නැත. එවැනි එක අවස්ථාවක් වන්නේ සිල්ලර වෙළඳාමට විදේශීය සමාගම්වලට ඉඩ දිය යුතුය යන යෝජනාවයි. එක්සත් ජනපදය දිගු කලක සිටම මෙම යෝජනාව ක‍්‍රියාත්මක කළ යුතු යැයි බලපෑම් කළ අතර ඒ පිළිබඳව නිශ්චිත පියවරක් නොගැනීම නිසාම අගමැති මන්මෝහන් සිං අකාර්යක්ෂම නායකයෙකු ලෙස හැඳින්වූයේය. ඉන්දියාවට ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය හඳුන්වා දීමේදී පුරෝගාමී වූ ආචාර්ය මන්මෝහන් සිං එම ක‍්‍රියාදාමය සම්පූර්ණ කිරීමට හා දැනට පසුබෑමට ලක්ව ඇති ඉන්දියානු ආර්ථිකය වේගවත් මාර්ගයකට අවතීර්ණ කිරීමට මෙවැනි පියවරක් ගැනීම අත්‍යවශ්‍ය ලෙස හැඳින්වූයේය. එහිදී ඔහු තෘණ මුල් කොංග‍්‍රසය ඉවත් වීමෙන් තම රජය අස්ථාවර වීමේ අනතුර තැකුවේ නැත. කෙසේ වුවත් හදිසියේම මහා මැතිවරණයකට යෑමට සූදානම් නැති මුලයාම් සිං ගේ නායකත්වයෙන් යුත් සමාජවාදී පක්ෂයේ සහ මායාවතීගේ නායකත්වයෙන් යුත් බහුජන් සමාජ පක්ෂයේ සහාය කොංග‍්‍රස් සන්ධානයට ලබා දීමට සූදානම් නිසා අගමැති මන්මෝහන් සිංට මමතා බැනර්ජිගේ තර්ජනය නොසලකා සිටීමට හැකි විය. අමාත්‍ය මණ්ඩලය සංශෝධනය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනමාධ්‍ය ඇමැතූ අගමැති මන්මෝහන් සිං නව පත්වීම තුළින් කොංග‍්‍රස් රජය තරුණයින්ට නව වගකීම් පැවරීමට සූදානම් යැයි පෙන්වා දුන්නේය. නව සංශෝධනයේදී කොංග‍්‍රස් පක්ෂයේ අනාගත නායකයා වශයෙන් හැඳින්වෙන රාහුල් ගාන්ධිට ඇමැති තනතුරක් හිමි වූයේ නැත. එහෙත් ඔහුගේ සගයින් ලෙස හැඳින් වෙන තරුණ ලෝක් සභා මන්ත‍්‍රීවරුන් තිදෙනෙකුට රාජ්‍ය ඇමැති තනතුරු හිමි විය. රහුල් ගාන්ධි ගැන සඳහන් කළ අගමැති ඔහුට පක්ෂය ගොඩ නැගීමේ භාරදූර කාර්යය පැවරෙන නිසා ඇමැති තනතුර අමතර බරක්විය හැකිව තිබුණේ යැයි සඳහන් කළේය. මෙම සංශෝධනයේදී අගමැති මන්මෝහන් සිංගේ තවත් අරමුණක් වූයේ ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති තවත් ඉදිරියට ගෙන යෑමය. ඉන් ඔහු අදහස් කළේ සිල්ලර වෙළඳ ක්‍ෂේත‍්‍රයට විදේශීය ආයෝජකයන්ට ඉඩ සැලසීම හැර රාජ්‍ය අංශය සතුව ඇති ආර්ථික ක‍්‍රියාකාරකම් තව තවත් පෞද්ගලික අංශයට පැවරීමය. එහෙත් මෙහිදී ඔහුට සමාජවාදී පක්ෂයේ මෙන්ම බහුජන සමාජ පක්ෂයේද සහයෝගය ලබා ගැනීමට සිදුවනු ඇත. ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි මොනවාද යන්න මත මෙම ප‍්‍රතිපත්ති හඳුන්වා දීම තීරණය වන බවද අමතක නොකළ යුතුය. මෙම සංශෝධනයේ දක්නට ලැබෙන අනෙක් විශේෂ ලක්ෂණය වන්නේ කොංග‍්‍රස් පක්ෂයේ නායකත්වයට අභියෝගයක් වන ආන්ද්‍ර ප‍්‍රදේශයෙන් ඇමැතිවරුන් හය දෙනෙකු පත් කිරීමය. දැනට ආන්ද්‍ර ප‍්‍රදේශයේ බලය පවතින්නේ කොංග‍්‍රස් පක්ෂය සතුව වුවත් තෙලෙන්ගානා ප‍්‍රදේශයට වෙනම ප‍්‍රාන්ත රජයක් ලබාදිය යුතුය යන උද්ඝෝෂණය නිසා ප‍්‍රාන්ත රජය බරපතළ අර්බුදයකට මුහුණ දී සිටී. තෙලෙන්ගානා ප‍්‍රාන්තයක් ලබා දීමට එකඟ නොවන්නේ නම් ආන්ද්‍රා ප‍්‍රදේශයේ කොංග‍්‍රස් පක්ෂය දෙකඩ වීමේ අනතුරක් පවතින අතර එය 2014 එළඹෙන මහා මැතිවරණයේදී ද තීරණාත්මක සාධකයක් විය හැකිය. අගමැති මන්මෝහන් සිං එම තත්ත්වය ජය ගැනීමට යොදාගත් උපාය මාර්ගය වන්නේ ප‍්‍රාන්තය නියෝජනය වන ආකාරයට මධ්‍යම රජය ඇමැති තනතුරු ලබා දීමය. අනෙක් අතට එහිදී ඔහු බටහිර බෙංගාලය, බිහාරය, ඔරිස්සාව හා චතිස්ගාර් වැනි ප‍්‍රාන්ත ගණනාවක් සම්පූර්ණයෙන්ම අමතක කිරීමද කතා බහට ලක්ව ඇති කාරණයකි. ඉතා වැදගත් ප‍්‍රාන්ත රාජ්‍යයක් වන බටහිර බෙංගාලය නොසලකා හැරීම එහි සම්පූර්ණ දේශපාලන නායකත්වය මමතා බැනර්ජිට පැවරීමක් වීමටද ඉඩ ඇත. කොංග‍්‍රස් පක්ෂයට මධ්‍යම රජයේ බලය තහවුරු කර ගැනීමට හින්දි කලාපය ලෙස හැඳින්වෙන ප‍්‍රාන්ත රාජ්‍ය නොසලකා සිටීමටද නුවනට හුරු නොවේ. නව ඇමැති තනතුරු ලබා දීමේදී නිදහස් ඉන්දියාවේ ප‍්‍රථම වරට මුස්ලිම් ආගමිකයකුට ප‍්‍රබල ඇමැති තනතුරක් වන විදේශ කටයුතු පිළිබඳ වගකීම පැවරීම විශේෂ වැදගත් කමකින් යුතුය. පළපුරුදු දේශපාලන නායකයකු වන සලමන් කුර්ෂිද්ට විදේශ කටයුතු පිළිබඳ ඇමැති තනතුර පැවරීම මුස්ලිම් ආගමිකයන් දිනා ගැනීම සඳහා වැදගත් වුවද ඔහුට විරුද්ධව එල්ලවී ඇති දූෂණ චෝදනා ගැන පවතින මහජන විවාදය සැලකීමට නොගැනීම දේශපාලන අවාසියක් විය හැකි බවද අමතක නොකළ යුතුය. දූෂණයට එරෙහි ඉන්දියාව නම් සංවිධානය මීට සති කීපයකට පෙර ප‍්‍රසිද්ධියට පත්කළ වාර්තාවක් අනුව කුර්ෂිද් ගේ බිරිඳගේ නායකත්වයෙන් ඇති සකීර් හුසේන් අනුස්මරණ භාරයේ අයථා මුදල් ගනු දෙනු රැසක් සිදුව ඇත. මෙම චෝදනා පිළිබඳව විමර්ශන කටයුතු සිදු කිරීමට මධ්‍යම රජය කිසි උනන්දුවක් නොදක්වන වාතාවරණයක කුර්ෂිද්ට විදේශ අමාත්‍යාංශය වැනි ඉමහත් වැදගත්කමකින් යුත් වගකීමක් පැවරීම කෙතරම් බුද්ධි ගෝචරද යන්න ප‍්‍රශ්න කළ හැකිය. මෙම පත්වීමෙන් පෙන්නුම් කරන්නේ මන්මෝහන් සිං රජය දූෂණ ක‍්‍රියා අනුමත කිරීම යැයි සමහර විචාරකයෝ පෙන්වා දෙති. මෙම චෝදනාව තවත් ශක්තිමත් වන්නේ අවංක පුද්ගලයෙකු ලෙස හැඳින්වෙන ජයිපාල් රෙඞ්ඩි පැට්‍රෝලියම් හා ස්වභාවික ගෑස් අමාත්‍යාංශයෙන් ඉවත් කොට එතරම් ප‍්‍රබල අමාත්‍යාංශයක් නොවන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට පත් කිරීමය. ජයිපාල් රෙඞ්ඩි පැට්‍රොල්යිම් ඇමැතිවරයාව සිටියදී ස්වාභාවික ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳව රිලයන්ස් සමාගම සමග මත ගැටුමකට ලක්ව සිටියේය. ඉන්දියාවේ ඉහළම ධනපතියා වන මුකේෂ් අම්බානි සතු රිලයන්ස් සමාගමට ගෑස් මිල ඉහළ දැමීමට අවශ්‍ය වුවත් ජයිපාල් රෙඞ්ස් ඊට ඉඩ නුදුන්නේය. නිෂ්පාදන පිරිවැය අනුව රිලයන්ස් සමාගමට එවැනි මිල ඉහළ දැමීමක් අවශ්‍ය නොවන බව ඔහුගේ තර්කය විය. මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී රෙඞ්ස් එම තනතුරෙන් ඉවත් කිරීමට මූලික වශයෙන් රිලයන්ස් සමාගමේ බලපෑම හේතු වී ඇතැයි ප‍්‍රබල සමාජ ක‍්‍රියාකාරිනියක් වන මේධා පත්කාර්ද චෝදනා කළාය. ඊට අමතරව භාරතීය ජනතා පක්ෂය හා සමාජවාදී පක්ෂය ද ජයිපාල් රෙඞ්ස් පැට්‍රෝලියම් අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමෙන් මන්මෝහන් සිං පාලනය දූෂණ හා වංචාවලට අනුබල දෙන්නේ යැයි චෝදනා කරති. මීටත් වඩා ප‍්‍රබල අභියෝගයක් ඉදිරිපත් කරන්නේ දූෂණ විරෝධී සටනේ ප‍්‍රමුඛයෙකු වන අනා හසාරේ හා හිටපු හමුදාපති වරයකු වන ජනරාල් වී.කේ. සිංය. ඔවුන් පෙන්වා දෙන ආකාරයට මහජන සම්පත් වන ඉඩම් ජලය වනාන්තර සහ ඛණිජ පිළිබඳ මන්මෝහන් සිං රජය අනුගමනය කරන කොල්ලකාරී පිළිවෙත නිසා ඔවුන්ට තවදුරටත් පාලන බලය දැරීමට සදාචාරමය අයිතියක් නැත. ගෝත‍්‍රික ජනයාගේ පරම්පරික දිවි පැවැත්ම අහෝසි කරමින් ඔවුන් වෙසෙන ප‍්‍රදේශවල ඛණිජ සම්පත් සූරාකෑමට මහා සමාගම්වලට තුඩුදීම හසාරේ පවසන ආකාරයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝනය කිරීමකි. එම නිසා අගමැති මන්මෝහන් සිං කළ යුත්තේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් නොව ආණ්ඩුව විසුරුවා හැර ජනවරමක් ලබා ගැනීමය. දූෂණ හා වංචා පිළිබඳව කර ඇති අභියෝග මෙන්ම මෙම ඉල්ලීම් ද මන්මෝහන්සිං රජයට පහසුවෙන් නොතකා සිටිය හැකිය. එහෙත් වඩාත් වැදගත් වන්නේ කොංග‍්‍රස් පක්ෂයට මෙම චෝදනා ගැන සාධාරණ හා පිළිගත හැකි පැහැදිලි කිරීම් නොමැතිව නැවත වරක් ජනවරමක් ලබා ගත හැකි ද යන්නයි. දැනට පෙනෙන ආකාරයට ප‍්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයද හෙළිදරව් කර ඇති දූෂණ හා වංචා පිළිබඳව උන්නදුවක් දක්වන්නේ තම දේශපාලන වාසිය සඳහා පමණි. එම පක්ෂයේ පාලන බලය පවතින ප‍්‍රාන්තවල සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා ක‍්‍රියා සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ඇල්මැරුණු ප‍්‍රතිපත්තියකි. එවැනි පසුබිමක් තුළ මන්මෝහන්සිංගේ නව ඇමැති මණ්ඩලයට දේශපාලන වශයෙන් අලූත් දෙයක් කිරීමට හැකියාවක් හෝ උනන්දුවක් නැති අතර ජනතාවටද ඔවුන්ගෙන් අපේක්ෂා කළ හැකි අලූත් දෙයක් නැත. ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති යටතේ දේශපාලන යථාර්ථය වන්නේ එයයි.

සටහන: මහින්ද හත්තක
දූෂණයට විරුද්ධ පෙළපාලියක් අර්වින්ද් හෙජ්රිවාල් මමතා බැනර්ජි රහුල් ගාන්ධි ඇමැතිවරු දිවුරුම් දීමට සූදානමින් මන්මෝහන් සිං, සෝනියා ඇතුළු පිරිස



අදහස් (0)

මන්මෝහන් සිංගේ ඇමැති මාරුව ඉන්දීය ආර්ථිකයට වාසි ගෙනෙයිද?

හිල්මි Sunday, 04 November 2012 03:14 AM

මන්‍මෝහන් සිං, දැන් මංමුලාවෙලා වගෙයි. (නි)

:       0       0

මධු Tuesday, 06 November 2012 02:30 AM

අපිට වැඩක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

ජර්මන් විරෝධතාකරුවන් මැදට මෝටර් රථයක් කඩා වදී
2025 පෙබරවාරි මස 14 3 0

ජර්මනියේ මියුනිච් නුවර විරෝධතාවක් පැවැත්වෙමින් තිබියදී, විරෝධතාව පවත්වමින් සිටි පිරිස මැදට මෝටර් රථයක් කඩා වැදුණි.


මෝදි ඇමෙරිකන් උප ජනපති හමුවෙලා
2025 පෙබරවාරි මස 14 5 0

ඇමෙරිකන් සංචාරයට පෙර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ප්‍රංශයේ නිල සංචාරයක යෙදුණේය. ඒ, දෙදිනක් පුරා ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැති කෘත්‍රිම බුද්ධ


යුද්ධය නිමා කරන්න ට්‍රම්ප් පුටින් හමුවක්
2025 පෙබරවාරි මස 14 5 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරමින්, සාමය ස්ථාපිත කිරීමට තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ දුරකතනයෙන් සාකච්ඡා කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොල


මෝදි ඉලොන් මස්ක් හමුවෙයි
2025 පෙබරවාරි මස 14 4 0

ඇමෙරිකාවේ නිල සංචාරයක යෙදෙන, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ලොව අංක එකේ බිලියනපති, ව්‍යාපාරික, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිතුරකු ම


ගාසා පලස්තීනුවන් සෞදියේ පදිංචි කරනවා
2025 පෙබරවාරි මස 10 1008 2

ගාසා තීරයේ මුස්ලිම් පලස්තීනුවන් පදිංචි කරවීම සඳහා සෞදි අරාබියේ ඉඩම් ලබා දිය යුතු යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත. මෙය සෞදි රජ


රුසියන් යුක්රේන යුද්ධය: පුටින් එක්ක කතා කළා - ට්‍රම්ප්
2025 පෙබරවාරි මස 10 418 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන්, තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දුරකතන ඇමතුමක් දී සාකච්ඡා කළ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 168 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 131 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 920 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site