දකුණු අපි‍්‍රකා හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා සති දෙකකට ආසන්න කාලයක් සිහිසුන්ව දිවි සුරැකීමේ යන්ත‍්‍රයකට සම්බන්ධ කරනු ලැබ සිටින බැවින් ඔහු ගැන අවසන් තීරණයක් ගත යුත්තේ ඔහුගේ පවුලේ අය යැයි වෛද්‍යවරු පවසති.
මැන්ඩෙලාට ප‍්‍රතිකාර කරන ජොහැන්නස්බර්ග් නුවර වෛද්‍යවරුන් පවසන්නේ, සිහිසුන්ව සිටින මැන්ඩෙලා මේ වනවිට ජීවත් වන්නේ එම යන්ත‍්‍රයේ ආධාරයෙන් බවත් කොතරම් කල් ගියත් ඔහුගේ තත්ත්වය යහපත් නොවනු ඇති බවත්ය.

දිවි සුරැකුම් යන්ත‍්‍රය අකි‍්‍රය කර ඔහුට මිය යෑමට ඉඩ දෙන්නේ නම් එය තීරණය කළ යුත්තේ ඔහුගේ පවුලේ අය බව වෛද්‍යවරුන් ප‍්‍රකාශ කළේ ඊයේ (27) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය තුරන් කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළ නෙල්සන් මැන්ඩෙලා (94) රෝහල් ගත කෙරුණේ, පෙනහලූ ආසාදනයකට ලක් වීමෙනි.
රෝහල් ගත කෙරුණු අවස්ථාවේ ඔහුට කඩිනමින් ප‍්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරු කි‍්‍රයා කළහ.
වෛද්‍යවරුන් එම අවස්ථාවේ කියා සිටියේ අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීමෙන් පසු මැන්ඩෙලාගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වූ නමුත් ස්ථාවර තත්ත්වයකට පත් වූ බවය. කෙසේ නමුත් මීට දින දෙකකට පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තවත් නරක අතට හැරුණි.
සුදු ජාතික සුළුතරය විසින් දකුණු අප‍්‍රිකාව පාලනය කළ සමයේ ඊට එරෙහිව කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගූ මැන්ඩෙලා නිහඬ නමුත් එඩිතර දේශපාලන කි‍්‍රයාකාරියෙක් විය.
කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගීමේ වරදට ඔහුට 27 වසරක් දකුණු අපි‍්‍රකාවේ රොබන් දූපතේ සිරගත කෙරුණි. මැන්ඩෙලා පෙනහළු ආශි‍්‍රත රෝගී තත්ත්වයකට ගොදුරු වූයේ එසේ සිරගතව සිටිද්දී ගල්වලක සේවයට යෙදවීමෙනි.
මැන්ඩෙලා උපත ලැබුවේ 1918 වසරේ ජූලි 18 වැනිදාය. හිරෙන් නිදහස් වීමෙන් පසු, අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසය පක්ෂයට නායකත්වය දෙමින් ඔහු දකුණු අපි‍්‍රකාවේ ජනපති ධුරයට ඉදිරිපත් වී විශිෂ්ඨ ජයක් හිමිකර ගත්තේය. ඒ, 1994 වසරේදීය.
1999 වසර තෙක් දකුණු අපි‍්‍රකාවට නායකත්වය දුන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාවේ පළමු කළු ජාතික ජනපතිවරයා ද වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ඒ කාලේ කොටින්ට කඩේ ගිය දේශද්‍රෝහියෙක් ,මොහු ත්‍රස්තවාදියෙක් කියල ලෝකයම කියන්නේ ඒකයි.(නදී)
ශ්‍රේෂ්ට නායකයෙක් අපේ රටට මෙහෙම නායකයෙක් ලබන්න තරම් අපි පින් කරලා නෑ. ඉන්න ඔක්කොම ලෝක හොරු වංචා කාරයෝ.(නදී)
නීල් කොස්තා, කොටින්ගේ සල්ලිත් කොරකල වංචා කරපු අය ඉන්නෙත් අපේ රටේ තමයි.(නදී)
මහත්මා දේශපාලනයට කවුරුන්ද ඔබ මෙන්.(නදී)
ආදර්ශවත් නායකයෙක් මෙයා. ජනාදිපති වුනාම අගමැති කම දුන්නේ සුදු ජාතිකයකුට. මට මතක හැටියට නම ක්ලාක්.(නදී)
සෑහෙන කැපකිරීම් කරලා ජීවිතය ජයගත්තු මොහු ශ්‍රේෂ්ඨ නායකයෙක්. ජාතියට තියෙන ආදරය පෙන්නන්න කියලා මේ අසනීපෙන් ඉන්න මනුස්සයාට මරණය පතන්න එපා. සමහරු ජාතියට ආදරෙයි නම් එයා ගොඩ නගන්න ක්‍රියාත්මක වෙනවා මිසක් වෙන දෙයක් නැහැ.(නදී)
කාට කොහොම වුණත් මෙයා කොටි වෙනුවෙනුත් හඬක් නැගුවා. (අ)
මෙයාගෙන් අපිට නං වෙච්ච හොඳක් නැහැ. ඒ වුනාට මනුස්ස පරානයක් නේ. ඒ ගැන හිතලා අපි දුක් වෙනවා (නි)
අපේ රටේ දේශපාලකයන්ට හොද ආදර්ශයක් ගන්න පුළුවන් නෙල්සන් මෙන්ඩලා චරිතයෙන්. ඔහුගේ මුළු ජීවිතයම තම රට වෙනුවෙන් කැප කර තමන්ට බලය ඇති විට රටේ සම්පත් හොරකම් නොකළ මෙවෙනි චරිත අපේ රටෙත් බිහිවෙවා.(නදී)
ශිරෝමි ,ඔයාට නැති වුනාට ඒ රටේ ඇතුළු අනිකුත් කළු ජාතිකයන්ට සේවයක් වෙලානේ.හැමතිස්සෙම ආඩ පාලි කියන්න එපා.ඔය හැමතිස්සෙම බලාගන ඉන්නේ කවුරු හරි ඔයාට උදවු කරනකල්ද?.එතකොටද අනික් කෙනා ඔයාට හොඳ වෙන්නේ? (නි)
අපෙත් ආයු ගෙන අපට වඩාකල් ඔබ ජීවත් වේවා (අ)
චන්දික අනේ මට නං එයාගෙන් උදව් ඕනේ නෑ. මගේ රටට එයා ද්‍රෝහියෙක් උන එකයි මම කිව්වේ. ඔයාට ඒ ගැන කැක්කුමක් නැති උනාට මට කැක්කුමක් තියෙනවා.(නදී)
අපේ රටේ ඉපදිලා රටට ද්‍රෝහී වෙන අය නැහැ වගේනේ මේ වගේ කෙනෙකුට දොස් කියන්නේ.(නදී)
මේ මහත්තය කව්ද? අපිට හෝ අපේ ගමට නම් මෙයා කිසිම දෙයක් කරලා නෑ. ඒක නිසා අපිට මේ ගැන අදහසක් ප්‍රකාශ කරන්න අමාරුයි.(නදී)
මහත්මා ගාන්ධි ගෙන් පසු රටේ නිදහස වෙනුවෙන් ජීවිතයම කැපකළ අයෙක්. ඔහු ලංකාවේද අප්‍රිකාවේද කියන එක නොවේ වැදගත් වන්නේ ඔහු කළේ මොනවද කියන එකයි. කළු ජාතික අප්‍රිකානුවන්ගේ විමුක්තිය උදෙසා කැපවුන ඔහු නිසා ලෝකයේම අවධානය තම රට වෙත යොමු කරගත් ඔහු අවසානයේ මුළු ලෝකයාගේම ආදරයට පත්වූ අයකු බව දැනගන අපිටත් ඒ වගේ නායකයකු හොයාගන්න උත්සාහ කරමු. (නි)
සාවධානව අහගෙන ඉන්න මෙයා කොටි පුශ්නෙදි උදවි කලේ පූජාතාන්තවාදයට නොවෙයි ත්‍රස්තවාදයට මෙයා කිවිවෙම කොට්යා හරි කියලයි මෙයා ගේ මතයම තමයි ටුටුලා ලග තියෙන්නෙත් (අ)
එයා ගැන මමත් ඉන්ටෙර්නෙට් එකෙන් කියෙව්වා. එයාගේ ජාතියට හොඳ කළ අයෙක් වුනාට අපේ ප්‍රශ්නෙදි විරුද්ධ වැඩි අයගේ පැත්ත ගත්ත කෙනෙක්. ඒත් ඉතින් අපේ ලංකා ගතියෙන් මනුස්සකමට අපි මෙයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු (නි)
ලංකාවට අනුව නම් මැන්ඩෙලා ජාතිවාදියෙක්. මොකද අපේ රටේ මෙහෙම ජාතිය වෙනුවෙන් හඩ නගන ඔක්කොම ජාතිවාදියෝ කියල හංවඩු ගහන නිසා.(අ)
මැන්ඩෙලා කලා කියන හොඳ විතරක් කතා කරද්දි මට හිතුනා නරක ටිකක් කියන්න, ජනාධිපති වුනාට පස්සෙ අවුරුදු 25ක් තිස්සෙ මිනිහා වෙනුවෙන් යුතුකම් ඉටුකල බිරිඳ අයින් කරල සල්ලි තියෙන කෝටිපති ලාබාල කෙල්ලක් බැඳ ගත්ත එක හරි දෙයක්ද? මිනිහා හිරේ විලංගුවෙ වැටුටුනහම පක්ෂෙ මෙහෙයපු ගෑනි අන්තිමට හිරේ දැම්මා මිනී මැරුමකට සම්බන්ද කරල. මම හිතන්නෙ කල හොඳට වඩා මිනිහගේ නරක පැත්ත වැඩියි කියලා. (අ)
මැරෙන්න අරින්න. මෙයා තමයි කොටින්ට උදව් කළ අනිත් කෙනා.(නදී)
මැන්ඩෙලා වර්ණ භේද වාදයට නිහඩ පිළිතුරක් දුන් අපුර්වතම මිනිසෙකි. ලෝකයට ඔබ වැනි මිනිසුන් හෙට දිනටත් ඕනෑ. ඉක්මනට ආයෙත් එන්න.හෙටටත් ඔබව ඕනෑ. (නි)
මෙවන් පුද්ගලයෙක් නැවත අපිට දැකගන්න නොලැබේවි. බලයට කිසිදු කෑදරකමක් නැති ඔහු අති විශිෂ්ටයෙක් (නි)
බලයෙන් මත් වී රට ගැන නොහිතා තමන් හා පරම්පරාව ගැන හිතන කොයි නායකයන්ටත් මැන්ඩෙලා මහතා හොද ආදර්ශයක් (නි)
තම වර්ගයාට අවංකව ආදරය කර ඔහුන්ට අබ්බීතව ජීවත් වීමට මඟ සකසාදුන් ශ්‍රේෂ්ට දේසපලඥයෙක්.(අ) (අ)
කුඩා දරුවෝද,වියපත් මහලු අයද,නූගත් බාලයින්ද,බොහෝ සෙයින් උගත් පණ්ඩිතයන්ද, ආදී සියල්ලෝම මරුවාගේ වසඟයට යන්නාහ.මාරයාට පරාද වන්නාහ.සත්‍ය දැන දැනත් පිළිගන්න කැමති නැත්තේ මෝහය නිසා. (අ)
හැම දාම ජීවත් වෙන්න බැහැ. 94 හොදටම ඇති පෙනහළු ප්‍රශ්නත් එක්ක.(නදී)
කොහොම හරි 2013/7/17 වෙනකං තියාගමුද...ඔබ සදාකල් කළු අපිට වීරයෙක්...(අ)
හෙට නුඹ ගැන කුමන ආරංචියක් අසන්නට ලැබේවිද? (නි)
අපේ දේශපාලකයන්ව මේ මිනිස්සු ලගින්වත් තියන්න පුලුවන්ද? (නි)
සුද්දන්ට නම් ගොඩක් සතුටු ඇති (නි)
ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! මම කැමතිම නායකයෙක් (නි)
නීල්, ඒ හින්දා මමත් අකමැතියි. නමුත් එහෙම කතා කරන්න එපා (නි)
නීල්-කොස්තා, කන්නේ බත් නෙමෙයිද? (නි)
නීල් කොස්තා නම් තණකොළ කන කෙනෙක් වගේ (නි)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (අ)
ඉක්මන් සුවය ලැබේවා .
නත්ති ජාතස්ස අමරනං..... (අ)
තම ජාතිය වෙනුවෙන් ජීවිතය කැපකළ කෙනෙක් මහත්මයාණනි ඔබ ලොවට අවශ්‍ය කෙනෙක් ඉක්මන් සුවය (අ)