මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ සරණාගතයින් රැගත් බෝට්ටුවක 13දෙනකු මියගොස් සිටි බවත් 167 දෙනකු බේරාගත් බවත් වාර්තා වේ.
ඔවුන් බේරාගත් සරණාගත සංවිධානය පවසන්නේ මියගිය අය අතර ගර්භණී කාන්තාවක් ද දරුවන් කිහිපදෙනකු ද සිටි බවයි.
මෙම පිරිස හමුවී ඇත්තේ ලිබියාවේ සබ්‍රතා වෙරළට සැතපුම් 15ක් පමණ දුරින් යාත්‍රා කරමින් සිටියදී ය. අධික උණුසුම නිසා මෙම පිරිස මියයන්නට ඇතැයි විශ්වාස කෙරේ.
(085)



මෙම වර්ෂයෙදී පමණක් 2200ක් පමණ සරණාගතයින් පිරිසක් මධ්‍යධරණී මුහුද තරණය කිරීමට යෑමේදී මියගොස් ඇතැයි පැවසේ.
(ඩේලි මේල් ඇසුරිනි -085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd