ලෝකය පුරා දස ලක්ෂයකට වැඩි ජනතාවක් යෝග කලාල මත වැතිරී ප්‍රථම ජාත්‍යන්ත යෝග දිනය ඉරිදා සැමරූහ. 2014 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කළ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර යෝග දිනය ප්‍රකාශයට පත් කැරිණි.
අගමැති මෝදි 35,000ට වැඩි පිරිසක් සමග නව දිල්ලියේ දෙපස ගස්වලින් සෙවණ වූ මාවතක පැය භාගයකට වඩා යෝග ව්‍යායාම්වල නිරතවෙමින් මේ දිනය සැමරීම ලොව පුරා සියළු මාධ්‍යයන්ගේ අවධානයට ලක්විය. මේ සඳහා ඉන්දියාවේ සිසු සිසුවියන්, හමුදා නිලධාරීන් හා රාජ්‍ය සේවකයෝ ද එක්ව සිටියහ. එකවිට ජන සමූහයක් යෝග ව්‍යායාම්වල යෙදෙමින් ගිනස් වාර්තාවක් පිහිටුවීම ද ඔවුන්ගේ උත්සාහයක් වී තිබිණි. චීනය, තායිලන්තය, ජපානය, මැලේසියාව, එංගලන්තය ඇතුළු ලොවපුරා රටවල් 177ක් ජාත්‍යන්තර යෝග දිනය සැමරීමට එක්විය.
ඉන්දිය අගමැති වරයා කියා සිටියේ යෝග ව්‍යායාම පුරාණයේ සිට පැවතඑන සම්ප්‍රදායික ක්‍රමයක් බවයි. එමගින් සිත ඒකාග්‍ර කරමින් සිතිවිලි මනාව හසුරුවමින් සිරුර නිරෝගීව තබා ගැනීමට මහත් උපකාරයක් වේ යැයි ද ඉන්දීය අගමැතිවරයා කියා සිටියේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෝදි සිය යෝජනාව ක්‍රියාවට නංවයි
චන්ද්‍රසිරි Monday, 22 June 2015 08:45 AM
අගමැතිතුමන්ගේ සළුව තමා ලස්සන (ම)
සිල්වා Monday, 22 June 2015 09:06 AM
අගමැති මෝදි ගේ හොඳ තීරණයක්. සමාජයට හොඳ ආදර්ශයක්. (ස)
චන්න බුවනක Monday, 22 June 2015 05:38 PM
බෙහෙත් වලට වියදම් කරන මුදල් අවම කර ගන්න පුළුවන්. නීරෝගී ජීවිතයකට යෝග ව්‍යායාම.(නදී)
රුපවති Monday, 22 June 2015 10:28 AM
අපි ඊ යේ ලොව්තුරා බුදුන් දැක නිවන් දකිත්වායි සිතා ප්‍රාර්ථනා කර.. මට ජීවය දුන් ඒ උතුම් පියාණන්ව සිහිකර.."ෆාදර් ඩේ" සැමරුවා... (ර)
කැලුම් Monday, 22 June 2015 10:36 PM
පාසල් යන ළමයි දේශපාලන වැඩවලට අරගෙන හිටපු ජනාදිපති වගේ (නදී)
දුමින්ද Monday, 22 June 2015 12:11 PM
දිරන කුණු කයට දෙන වදයක්! (නි)
සම්පත් Monday, 22 June 2015 12:52 PM
දැක්කමනම් මේ පින්තූර ටික ලස්සනයි.(හේ)
පිටබැද්දර ජයා Monday, 22 June 2015 01:14 PM
මෙන්න නායකයෝ ! එකට අපේ .... කට්ටිය එක්ක එකතු වෙලා දෙනවා ගේම රම්පෙට පොරි හැලෙන්න ! ජනතාවගේ මුදල් .(හේ)
ගාමිණී Tuesday, 23 June 2015 04:16 AM
නිරෝගිකම උතුම්ම සම්පතයි. එයට පටු බේද නැහැ. යෝග ව්‍යායාම කිරීම ජීවිතයට කරන ආයෝජනයක්. මෙය බටහිර වෛද්‍ය ක්‍රමයටත් එකඟයි. පටු ලෙස සිතීමත් මෝඩකම පෙන්වන එක ක්‍රමයක්. (ස)