ස්මාර්ට් දුරකථනවල භාවිතා කළ හැකි මදුරු උගුලක් වෙළඳපොළට ඉදිරිපත් කැර ඇත. එම උගුල ස්මාර්ට් දුරකථන ඇප් එකක් ලෙස බාගත කරගැනීමෙන් පසු ක්‍රියාත්මක කරවිමෙන් අවට සිටින මදුරුවන් කලබල වී පලායන බවත් මදුරුවන්ගේ අභිජනන ක්‍රියාව අවුල් වීමෙන් වර්ගයා බෝවීම වැළැක්වෙන බවත් පර්යේෂකයෝ කියති.

මෙම නව මෘදුකාංගයෙන් සිදුවන්නේ අධිසංඛ්‍යාත ශබ්ද තරංගයක් නිකුත් කිරිමයි. මදුරුවන් කා දමන විලෝපිකයන් ලෙස සැළකෙන බත් කූරන් හා හා වවුලන් විසින් නිකුත් කරන ශබ්දයට සමාන ශබ්දය මේ මෘදුකාංගයෙන් නිකුත් වේ.

කීට විද්‍යාඥයන් පවසන්නේ ලෝකය පුරා මදුරු විශේෂ 3500 ක් පමණ හඳුනාගෙන ඇති බවයි. මෙමගින් නිකුත්කරන ශබ්දයෙන් මදුරුවන් කලබල වුවහොත් ඔවුන් අතර අභිජනනය නිසි පරිදි නොවීමෙන් මදුරු ගහණ ඝනත්වය අඩුවීම වඩාත් වැදගත් බව ද ඔවුහු කියති.

මදුරු දෂ්ඨයෙන් ඇතිවන රෝගවලින් වසරකට පුද්ගලයන් ලක්ෂ හතකට වඩා වැඩි ප්‍රමාණයක් ලොව පුරා මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත අනුව පැහැදිලිවන කරුණකි. මෙය සාර්ථක වුවහොත් එය මදුරුවන්ට එරෙහි හොඳම අවිය වනු ඇතැයි ද විද්‍යාඥයන් පවසයි. තෙල් වර්ග ඉසීම හා දුම් යොදා ගැනීම මගින් මදුරුවන් මර්ධනයට වඩා මෙය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයක් ද වෙයි.

article-2705412-1FF9027D00000578-382_634x360 article-2705412-1FF9027100000578-913_306x516