කඩිනමින් මැතිවරණයක් පවත්වන බව මාලදිවයින් නව ජනාධිපති වහීඞ් හසන් කළ ප‍්‍රතිඥාවෙන් පසුව මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කරන්නැයි බලකරමින් හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඊයේ (19) ද මාලේ අගනුවර ජන රැලියක් පැවැත්වීය. එම ජන රැලියට එක්වෙමින් හිටපු ජනාධිපති නෂීඞ් කියා සිටියේ මාලදිවයිනේ ජනතාව මහ මැතිවරණයක් පවත්වන තුරු බලා සිටින බවත් එම දිනය උදාවනතුරු ඔවුන් අපේක්ෂා දල්වාගෙන සිටින බවත්ය. හසන්, ජනපති ධුරයට පත් වූ අවස්ථාවේදී කියා සිටියේ හදිසි මැතිවරණයකට යෑමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් වත්මන් රජයේ නිල කාලය අවසන් වන තෙක් මැතිවරණයක් නොපවත්වන බවත්ය. රජයේ නිල කාලය අවසන් වන්නේ 2013 දීය. එහෙත් කඩිනම් මැතිවරණයක් ඉල්ලා හිටපු ජනපති නෂීඞ් සහ ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය දිගින් දිගටම උද්ඝෝෂණ පැවැත්වීමත් හේතුවෙන් 2013 ට පෙර මහ මැතිවරණය පැවැත්වීමට එකඟවීමට ජනාධිපති හසන්ට සිදුවිය. හමුදා කුමන්ත‍්‍රණයකින් තමා බලයෙන් පහ කළ බවට චෝදනා කරන හිටපු ජනාධිපති නෂීඞ් පවසන්නේ මැතිවරණයක් කඩිනමින් පැවැත්වීමට නව ජනාධිපති හසන් ගත් තීරණය ගැන තමන් සතුටු වන බවය. මේ අතර හිටපු ජනාධිපති නෂීඞ් දිගින් දිගටම ජනතා රැලි පැවැත්වුවහොත් රට අභ්‍යන්තරයේ තවත් කැලැඹිලි ඇතිවිය හැකි බවට ජාත්‍යන්තර ප‍්‍රජාව අනතුරු අඟවා ඇති නමුත් නෂීඞ්ගේ රැලිවල අඩුවක් දකින්නට නොලැබෙන බව මාලදිවයින පුවත් සේවා වාර්තා කරයි. එය මාලදිවයිනේ හටගෙන ඇති අර්බුදය තවත් උග‍්‍ර කිරීමට හේතු වනු ඇතැයි ඇතැම් දේශපාලන විචාරකයෝ බිය පළ කරති. මාලේ අර්බුදය හටගත්තේ ඉකුත් 7 වැනිදාය. ඒ, විපක්ෂයේ විරෝධතා මැද මොහොමඞ් නෂීඞ් බලයෙන් ඉවත් වීමට සිදුවීමත් සමඟය. නෂීඞ් ජනපති ධුරයෙන් ඉවත් වූයේ උප ජනපතිව සිටි හසන්ට බලය පවරා දීමෙනි. නෂීඞ් පවසන්නේ තමන්ට ජනපති ධුරයෙන් ඉවත් වීමට ආරක්ෂක අංශ බල කළ බවත් කුමන්ත‍්‍රණයක් සිදුවූ බවත්ය. එම කුමන්ත‍්‍රණයට හසන්ගේ ද සම්බන්ධයක් ඇතැයි නෂීඞ් චෝදනා කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
54
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
347
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
362
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැතිවරණයට දිනයක් ඉල්ලා නව ජනපති හසන්ට බලපෑම්