අමතකවීම් හා අතපසුවීම් අතින් පිරිමින් කාන්තාවන්ට වඩා ඉදිරියෙන් සිටින බව නෝරවේ පර්යේෂකයෝ පිරිසක් කියති.
පුද්ගලයින් 48000 ක් පමණ යොදාගෙන සිදුකර ඇති මෙම පරීක්ෂණයෙන් එම පුද්ගලයින් හට ප්‍රශ්නාවලියක් දී ඒවාට දුන් පිළිතුරු විශ්ලේෂණය කැරිණි.
ප්‍රශ්නාවලියේ අන්තර්ගත වී ඇත්තේ නම් හා දිනයන් ඉක්මනින් අමතකවී යන්නේද, තවත් කෙනෙකු හා කතාබස් කර දැනගත් තොරතුරු අමතකවී යන්නේද, වසරකට පෙර කළ කී දෑ මතක තිබේද වැනි මතකය සම්බන්ධ ගැටලූය.
පිළිතුරු විශ්ලේෂණය කිරීමේදී පිරිමින් තරුණ වේවා මහලූ වේවා දෙපක්ෂයම අමතක වීම අතින් කාන්තාවන්ට ඉදිරියෙන් සිටින බව පෙනී ගියේ යැයි පර්යේෂකයින් කියයි.
‘මෙසේ වීමට තවමත් හේතුවක් සොයාගැනීමට නොහැකි වුනා.ඇත්තෙන්ම මෙය අප පුදුමයට පත් කළ දෙයක්.‘ යැයි පවසන්නේ පර්යේෂක කණ්ඩායම මෙහෙයවූ මහාචාර්ය ජොස්ටෙයින් හොල්මෙන්ය.
වැඩිදුර අධ්‍යාපනය ලැබූවන්හට අමතකවීම් සිදුවනුයේ අඩුවෙන් බවත් සාමාන්‍ය අධ්‍යාපනයක් ලබා තිබූ පුද්ගලයින් අතින් අමතකවීම් හා අතපසුවීම් වැඩි වශයෙන් සිදුවන බවත් ප්‍රශ්නාවලියෙන් ලත් පිළිතුරු විශ්ලේෂණය කිරීමෙන් පෙනී ගියේයැයිද පර්යේෂකයින් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහැනියක් බොහෝ විට පිරිමියෙකුට ආදරය කරන්නේ හදවතින්. ඒ නිසාම ඔහු පිලිබඳ මතකය ඇගේ සිතේ සදා කල්හිම රැඳී පවතිනවා. පිරිමියා ඇයට ආරක්ෂාවක්. එහෙත් ගැහැනියකට ආදරය කරන පිරිමියා විශ්ව ව්‍යාප්තව බැලුවිට ඇයව අමතක කරදැමීම ආයාසයකින් තොරව කරයි. මන්ද ඔහුට ඇයගෙන් ලැබෙන්නේ තෘප්තියක් මිස ආරක්ෂාවක් නොවන නිසයි. (නදී)