ශ්රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා වොෂින්ටන් අගනුවරදී ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමුවිය.
එහිදී එම දෙපළ නව යහපාලන රජයෙ බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලන සමාජ සංස්කෘතික අංශවල නව ප්‍රවර්ධනය පිළිබඳ සාකච්ඡා කරනු ලැබූහ.
එම අවස්ථාවට ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හා ශ්‍රී ලංකා තානාපති (වොෂිංටන්) ප්‍රසාද් කාරියවසම් යන මහත්වරුද අනෙකුත් නිලධාරීහුද එක්වූහ.
පසුව ‘යුනයිටඩ් ස්ටේට් ඉන්ස්ටිටියුට් ඔෆ් පීස්‘ ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමේ සාකච්ඡාව හා දෙරටේ සාමාජික හමුවටද මංගල සමරවීර ඇමැතිවරයා එක්විය.





COMMENTS