මේ දින වල ඇමරිකාවේ මෙන්ම ලෝකයේ බෙහවින් කතා බහ වන සන් බර්නිනාඩෝ සිදිධියේ ඇපල් දුරකථනය හැක් කිරීම සම්බන්දයෙන් මැකාෆි නිෂ්පාදක ජෝන් මැකාෆි මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇති බවට ඉන්දීයාවේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
ඔහු අනවසරයෙන් එම දුරකථනයේ රහස් අංකය බිද රහස් තොරතුරු ලබා ගැනීමට තම සහ කණ්ඩායමට හැකි බවත් එසේ නොමැතිනම් ඔහු සපත්තු ආහාරයට ගන්නා බවත් ප්‍රකාශ කර තිබේ.
ඔහු සතුව හැකර්ස් කණ්ඩායමක්ම සිටින බවත්, ඔහුට සහ කණ්ඩායමට මෙම කාර්ය කිරීමට සති තුනක් පමණක් අවශ්‍ය බවත් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ඔහු එෆ්.බී.අයි වෙතට පිරිනැමීමක්ද සිදු කරනු ලැබීය. ඒ කිසිම ගාස්තු අය කිරීමකින් තොරව එම දුරකථනය හැක් කර එහි අන්තර්ගත තොරතුරු ලබා දීමයි. එම පිරිනැමීම එෆ්.බි.අයි පිළිගතහොත් නැවත නැවත ඇපල් සමාගමට පින්සෙන්ඩු වීමට අවශ්‍ය නැති බවත් සදහන් කරයි. ජෝන් මැකාෆි ඇමෙරිකා ජනපතිවරණයට ද තරග කරන බවට සදහන්ය.
ගිය දෙසැම්බර් සැන් බර්නිනාඩෝ වේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදියෙකුගේ ඇපල් ජංගම දුරකථනය අනවසරයෙන් ඇතුළු වී තොරතුරු ලබාදීමට උසාවියෙන් දුන් නියෝගයට විරුද්ධව ඇපල් සමාගම ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පසුව ඇති වූ තත්වයට පිළිතුරක් ලෙස ඔහු මේ බව කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් හිටියේ ඔය වගේ සෙරෙප්පු සුප් බොනවා කියල ඔට්ටු අල්ලපු ජෝකර් කෙනෙක්. මෙහෙම වැඩක් කළොත් මෙයාට විරුද්ධව ඇපල් සමාගමට නීතිමය පියවර ගන්න පුළුවන්නේ, ඒවගේම දත්ත හොරු වැඩ කරන්නේ කාටද කියන එකත් ඔප්පු වෙනවා. (බ)