රිච්ටර් මාපාංක 5.1ක භූ කම්පනයක් උතුරු කොරියාවේ ඊසාන දිග ප්‍රදේශයෙන් වාර්ථා වී ඇතැයි ඇමරිකානු භූ විද්‍යා පර්යේෂණ සංවිධානය පවසයි. බදාදා උදෑසන 9.30ට පමණ සිදුවී ඇති මෙම කැළඹීමේ ආරම්භක ස්ථානය සුන්ජිබෙගම් ප්‍රදේශයෙන් නැගෙනහිර දෙසට කිලෝමීටර් 19ක් දුරින් පිහිටා ඇති බව ද එම සංවිධානය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.
කම්පනය සිදුවී ඇත්තේ 2013 වර්ෂයේ භූගත න්‍යෂ්ටික පර්යේෂණ සඳහා යොදාගත් ප්‍රදේශය අාසන්නයේ බව විදෙස් මාධ්‍ය වාර්ථා කර ඇත. භූ කම්පනය වාර්ථා වීමෙන් පසු දකුණු කොරියාවේ විදේශ අමාත්‍යාංශයේ හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි සීඑන්එන් පුවත් පවසයි.
මෙය සැකකටයුතු පිපිරීමක් බව චීනයේ බීජිං නුවර භූ කම්පන පාලක මධ්‍යස්ථානය ප්‍රකාශකැර ඇත. ජපන් බලධාරීන්ද මේ සම්බන්ධ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්ථා වේ.
COMMENTS
ඕක අපේ සුමනේ අය්යගෙන් ඇහුවනම් හරියටම දැනගන්න පුළුවන්.(අ)