IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බිහිසුණු කලවම් විකෘතියක් වියට්නාමයෙන්

ඉන්දියාවෙන් හඳුනාගත් බී. 1.617 දෙමුහුන් කොරෝනා විකෘතියත්, මහා බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් බී.1.1.7 කොරෝනා විකෘතියත් මුසු වී නිර්මාණය වුණු නවතම මාදිලියේ විකෘති කොරෝනා වයිරස ප්‍රභේදයක් වියට්නාමයෙන් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ කියයි.

මෙම නව වයිරස ප්‍රභේදය, වියට්නාමයේ අලුතින් හමුවන 'කොවිඩ් 19' ආසාදිතයන් අතරේ බහුලව දකින්න ලැබෙන බවත්, ආසාදිතයන් සහ මරණ වැඩි කිරීමට එය හේතුවක් වී ඇති බවත් සෞඛ්‍ය ඇමැති ගයියෙන් තාන් ලොං පවසා ඇත.

ඉන්දියාවේත් මහා බ්‍රිතාන්‍යයේත් කොරෝනා ආසාදිතයන් වැඩි කිරීමට එම රටවලින් හමුවුණු විකෘති ප්‍රභේද සමත් වී තිබේ. ඒ අනුව මෙම විකෘති දෙකම මිශ්‍රවී නිර්මාණය වූ නව ප්‍රභේදය වඩාත් බිහිසුණු බව සෞඛ්‍ය ඇමැතිවරයා පැහැදිලි කර තිබේ.

ආසියාවට අයත් රටක් වන වියට්නාමය ඉතා සාර්ථකව පළමු කොරෝනා රැල්ලට මුහුණ දුන්නේය. රට දැන් මුහුණ දෙන දෙවැනි රැල්ල ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් මාසයේය. අප්‍රේල් සිට මේ දක්වා,  නව ආසාදිතයන් 6,856 ක් වාර්තා වී ඇති අතර, මේ වනවිට වාර්තා වී ඇති මරණ ගණන 47 කි.

තම විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබූ නව විකෘති ප්‍රභේදය සම්බන්ධ සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කිරීමට ද වියට්නාම් සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

බී. 1.617 දෙමුහුන් කොරෝනා විකෘතියත්, බී.1.1.7 කොරෝනා විකෘතියත් බිහිසුණු විකෘති ප්‍රභේද යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. එවැනි තත්ත්වයක, මෙම දෙකම කලවම් වී නිර්මාණය වී ඇති වියට්නාම විකෘතිය වඩාත් බිහිසුණු එකක් වනු ඇතැයි වයිරස විශේෂඥයෝ බිය ඵල කරති.

හැනොයිහිදීය (රොයිටර්)



අදහස් (0)

බිහිසුණු කලවම් විකෘතියක් වියට්නාමයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site