බහමාස් දූපතේ උතුරු ප්‍රදේශය හරහා හමාගිය ඩොරියන් සුළි කුණාටුව හේතුවෙන් හත්දෙනකු මිගොස් ඇතැයි වාර්තා වේ.
නිවාස හා දේපලවලට දැඩි හානි සිදුවී ඇති අතර මියගිය සංඛ්‍යාව ද ඉහළයෑමට ඉඩ ඇතැයි බලධාරීහු පවසති.
බහමාස් ආසන්නයේ පිහිටි ඇබකස් දූපත් හා ග්‍රෑන්ඩ් බහාමා වෙතට ද සුළි කුණාටුවෙන් හානි සිදුවී ඇත.
මේ වන විට කුණාටුව උතුරු දෙසට ගමන් කරමින් පවතින නමුත් ඇමරිකාවේ මුහුදු බඩ ප්‍රදේශ වලට දැඩි සුළං පවතින බව කාලගුණ අංශ පවසයි.
බහමාස් බලධාරීන් පවසන්නේ මෙය ඔවුන්ගේ ජාතිය ඉතිහාසයේ මුහුණදුන් දැවැන්තම ඛේදවාචකය බවයි.
මුදවාගැනීමේ කණ්ඩායම් මෙහෙයම් ආරම්භ කර ඇතැයිද ජීවිත ගලවා ගැනීමට හා සුරක්ෂිත කිරීමට ප්‍රමුඛස්ථානය දී ඇතැයි ද ඔවුහු වැඩිදුරටත් පවසති.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.